සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - සතිය මැද ගැටලු

මේෂ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 07,08,09,10 යන ස්ථානවල ගමන් කිරීම සතිය ආරම්භයේ මංගලයෝග උදාවීම සිතේ සතුට ඇතිවීම පෙන්වන සුලු වුව ද සතිය මැද භාගය වනවිට කිරි කළයට ගොම වැටුණා සේ තම පවිත්‍රත්වයට හානි සිදුවීම වළකාගනු නොහේ. කෙසේ වුව ද සතිය අවසානයේ ඒ සියලු දේ මගහැරී ගොස් බොරදියේ පෑදි දි‍ය සේ තත්ත්වය පැහැදිලිව සමනය වනු ඇත.

වෘෂභ - වස විෂ ශරීරගත වෙයි

වෘෂභ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 06,07,08,09 යන ස්ථානවල ගමන් කරමින් සතිය ආරම්භය හා සතිය මැද ගැටලුවලට මුහුණදිය හැකි වුව ද සතිය අවසානය සතුටුදායක වෙයි. විශේෂයෙන් යටි බඩ ආශ්‍රිත රෝග කෑම බීම අජීර්ණවීම මෙන් ම මුත්‍රාගත ආපදා පැමිණෙන සතියකි. වස විෂ ශරීරගත වීමට පුළුවන පිටස්තර අය දෙන ලද ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වන්න.

මිථුන - සොර සතුරු බිය

මිථුන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 05.06,07,08 යන ස්ථානවල ගමන් කරන මෙම සතිය ඔබට සතුටුදායක හා අසතුටුදායක ආරංචි රැසක් ලැබෙන සතියකි. ඔබගේ දරුවකු පිළිබඳ සතුටුදායක ආරංචි පසුව අසතුටුදායක ලෙස අසන්නට ලැබේ. මුලදී ආර්ථික වාසියක් පෙන්නුවද සතිය මැද ඒ සියල්ල තමාට අහිමි වන බව පෙනේ. නරක ආරංචි අතර සොර බිය සතුරු බිය සඳහා මුහුණදීමට සිදුවේ.

කටක - ආර්ථික ප්‍රතිලාභ රැසක්

කටක ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 04,05,06,07 යන ස්ථානවල ගමන් කරමින් ඔබට ආර්ථික ප්‍රතිලාභ රැසක් අත්කර දෙනු ඇත. විශේෂයෙන් වාහන මිලදී ගැනීමකට සූදානම් වන ඔබට ඉතා සුබ සතියකි. පපුවේ සෙම අධික වීම, හෘදය පිළිබඳ හා ස්වසන ආපදා එළඹිය හැකි නමුත් ඒවා බිය විය යුතු ඒවා නොවේ. නිතර ආගමික සහජීවනය සිතේ තබාගත යුතු සතියකි.

සිංහ - ඉඩකඩම් ලාභ

සිංහ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 03,04,05,06 යන ස්ථානවල ගමන් කරමින් ඔබට සතිය ආරම්භයේදීම ඉඩකඩම් ලාභ හිමිකම් උරුම කම් උදාකරදෙනු ඇත. එහෙත් ඔබගේ උරහිසට විය හැකි කිසියම් ආපදාවක් හේතු කො‍ටගෙන සතිය අවසානයේ පීඩා විඳීමට සිදුවේ. සිතේ අධිෂ්ඨානය යහපත් අරමුණ ඒ හැම දෙයටම පිළියම නිසා උනන්දු වන්න. තම උනන්දු සහගත කටයුතු සඳහා අන් අයගේ නොමද සහය ලැබෙන සතියකි.

කන්‍යා - ලාභ ප්‍රයෝජන රැසක්

කන්‍යා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 02, 03, 04,05 යන ස්ථානවල ගමන් කරමින් මීට පෙර කිසිදු ආකාරයක නොවූ යහපත්කම් ලාභ ප්‍රයෝජන අත්පත් වන සතියකි. ධනය නිලය පදවි තානාන්තර ලැබෙන ඒවායෙන් බැබළෙන අන්දමේ ක්‍රියා රැසක් තුළින් ඔබ සමාජයේ කැපී පෙනෙන තත්ත්ව‍යකට පත්වේ. සති‍ය මැද භාගයේ තම ශාරීරික වෙහෙසකාරී තත්ත්වය නිසා විවේකීව ගත කිරීමට සිදුවනු ඇත.

තුලා - ව්‍යාපාර ප්‍රතිලාභ

තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 01,02,03,04 යන ස්ථානවල ගමන් කරමින් ඔබට සිතේ සතුට, අභිවෘද්ධිය ගෙනදෙනු ඇත. තම මවු පාර්ශ්වයෙන් ලැබෙන වාසනාවන්ත ලැබීමකට හේතුවේ. තවද තමා විසින් ආයෝජනය කළ ව්‍යාපාරයක ප්‍රතිලාභ ලැබෙන්නට පටන් ගනී. ඔබ කිසියම් අතරමැදියකු ලෙස එනම් ඉඩම් විකිණීමේ බ්‍රෝකර්වරයකු නම් ඉතා උසස් ප්‍රතිලාභ ලැබෙනු ඇත. උගුරේ කටු සිරවීම තෛරොයිඩ් ආසාදිත හට ගැනීමට පුළුවන.

වෘශ්චික - යහපත් ආර්ථිකයක්

වෘශ්චික ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 12, 01,02,03 යන ස්ථානවල ගමන් කරමින් කිසියම් සිත්තැවුලකට පත්වන ලකුණු පෙනේ. තමා විසින් වෙනත් අයකුට කරන ලද උපකාරයක් සඳහා ලැබෙන අසතුටුදායක ප්‍රතිචාරය නිසා අපහාස විඳින්නට සිදුවේ.හැකිතාක් එබඳු ක්‍රියා මේ සතිය තුළ අත්හරින්න හොඳට සිටි හිතවතුන් තමා අත්හැර යන සතියකි. විවාහක අය ඉතා ප්‍රවේශම්කාරී වන්න. දෙදෙනා අතර නිකරුණේ ප්‍රශ්න ගැටලු එළඹිය හැක. ආර්ථික ලැබීම් අතින් නම් සුබයි.

ධනු - හිසේ අමාරුවක්

ධනු ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 11, 12, 01,02 යන ස්ථානවල ගමන් කරමින් හදිසියේ හටගන්නා හිසේ අමාරුවක් නිසා පීඩා විඳීමට සිදුවේ. සෙම ගතිය වඩන ආහාර පානයෙන් වැළකෙන්න. පිට පළාත්වල ගමන් බිමන් අවම කරන්න. ඕනෑවට වඩා පුද්ගලයන් විශ්වාස කරන්න යාම තුළ රැවටිලිවලට භාජනය වේ. තම දූ දරුවන් වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරීමට සිදුවන සතියකි.

මකර - රැකියා උසස්වීම්

මකර ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මේ සතියේ 10,11,12,01 යන ස්ථානවල ගමන් කරමින් ඔබගේ රැකියාවේ උසස් වීමකට හේතුවෙයි. බොහෝ විට ඔබ නොසිතූ අන්දමේ තනතුරු ලාභ ලැබීමට ඉඩ ඇත. කෙසේ වුව ද සිතේ නිහතමානීකම රඳවා ගතයුතු සතියකි. නැතොත් අභූත චෝදනා අන් අයගේ ගැරහිල්ලට භාජනය වන සතියකි. දණහිස ආශ්‍රිත උවදුරු වැටීම් තැලීම් සීරීම් ඇතිවිය හැකි නිසා කල්පනාකාරීවන්න. බොහෝ විට ඔබ වෙසෙන පෙදෙසෙන් වෙන්ව දුර බැහැර ගමනකට ද ඉඩ ඇත.

කුම්භ - ගෙදර දොරේ ආගමික පසුබිමක්

කුම්භ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 09, 10, 11, 12 යන ස්ථානවල ගමන් කරන මේ සතියේ ඔබට පෙර පිං මහිමය මතු කෙරෙනු ඇත. විශේෂයෙන් ගෙදර දොරේ ආගමික කටයුතු සිදුකරන පසුබිමක් දක්නට ලැබේ. ඒ සඳහා ඔබට අන් අයගේ ද සහයෝගය ලැබේ. සතිය අවසානයේ පාදයේ වළලුකරට විය හැකි ආපදාවකින් වේදනා විඳීමට සිදුවන අතර කල්පනාකාරීව කටයුතු කළහොත් ඒ අපහසුතා මඟ හරවා ගැනීමට සිදු වේ. තම ක්‍රියා කලාපය බොහෝ දෙ‍නාගේ පැසසුමට භාජනය වනු ඇත.

මීන - නඩුවකින් ජය

මීන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 08,09,10,11 යන ස්ථානවල ගමන් කරමින් ඔබට සතිය ආරම්භයේ කිසියම් අනතුරුදායකතත්ත්වයක් ‍උදාවිය හැකි නමුත් කල්පනාකාරී වුවහොත් එම තත්ත්වයෙන් අත්මිදීමට පුළුවන් වෙයි. විශේෂයෙන් සතිය මැද භාගයේ සහ අවසාන භාගයේ ඔබට ලැබිය යුතු සියලු ජයග්‍රහණ හිමි වේ. අන්සතුවී තිබූ උරුමයක් තමාට හිමි වන සතියකි. පැවති නඩුවක් ඔබට වාසි සහගත අන්දමින් තීන්දු තීරණය වන සතියකි.

Comments