වැනසෙන හන්තානට සහන් එළියක් | සිළුමිණ

වැනසෙන හන්තානට සහන් එළියක්

හන්තානේ විනා­ශය
හන්තානේ විනා­ශය

පේ රටේ නීතිය අනුව තම වත්තේ ඇති කොස් ගසක් කපා ගන්නට පවා අව­සර ගත යුතුය. පාරි­ස­රික වශ­යෙන් මෙන්ම ස්වභා­වි­ක­ත්වය ඉහ­ළින්ම අගය කරන විදේ­ශි­ක­යන්ගේ පවා ඇගැ­යී­මට ලක් වුණු තුරු­ලතා ගහන රටක් වන ශ්‍රී ලංකාවේ එවන් නීති­යක් පනවා ඇත්තේ ශාක රැක ගැනී­මට මෙන්ම එම ශාක­යන්ගේ පැවැ­ත්මෙන් මිනි­සාට සිදු­වන යහ­පැ­වැත්ම ගැන දන්නා නිසාය.

අපේ රටේ පරි­සර පද්ධ­තිය අනුව පැය කිහි­ප­යක් ඇතු­ළත කර්කශ දැඩි වියළි කාල­ගු­ණය පව­තින ශුෂ්ක කලා­පයේ සිට තෙත් බිම් කලා­ප­ය­ටත් තවත් පැය කිහි­ප­ය­කින් අධික සිසි­ල­සක් ගෙන දෙන උඩ­රට කලා­ප­ය­ටත් ළඟා විය හැකිය. මුහු­දින් වට වූ දිව­යි­නක් වන රටේ පරි­සර පද්ධති තුළ සංවේදී පරි­සර කලාප රැසක් තිබේ. රක්ෂිත වනා­න්තර මෙන්ම වනෝ­ද්‍යා­නද වෙන් කර ඇත්තේ ඒ නිසාය. මීට අම­ත­රව පරි­සර සංවේදී කලා­ප­යන්හි පවත්නා පෞද්ග­ලික ඉඩම්ද රටේ පවත්නා විවිධ පාරි­ස­රික පනත් හා නීති රීති අනුව එම භූමිය හා සම්බ­න්ධි­තව සිදු කළ හැකි හා කළ නොහැකි කාර්ය­යන් පැහැ­දි­ලිව දක්වා තිබේ.

උදා­හ­ර­ණ­යක් ලෙස දිය ඇලි ආශ්‍රි­තව ඇති පෞද්ග­ලික වතු සමා­ග­ම්ව­ලට අයත් ඉඩ­ම්වල තේ වගා­වට අදාළ බිම් සකස් කිරීම් හැරෙ­න්නට වෙනත් මහා පරි­මාණ භූමි සකස් කිරීම් කළ නොහැ­කිය. එමෙන්ම කන්ද උඩ­රට බොහෝ දෙනාගේ සිත් ගත් ස්ථාන­යක් වූ හන්තාන කඳු­වැ­ටිය ආශ්‍රි­ත­වද රක්ෂිත කලා­ප­යක් ලෙස නම් කර තිබේ. හන්තාන යනු බහු­තර පෞද්ග­ලික ඉඩම් රැසක් ඇති සංවේදී පරි­සර කලා­ප­යකි. එහි විවිධ භූමි මට්ටම් අනුව පෞද්ග­ලික වශ­යෙන් භූමිය හා සම්බ­න්ධව කළ හැකි හා කළ නොහැකි කාර්ය­යන් දක්වා ඇත. විශේ­ෂ­යෙන්ම පාරි­ස­රික ආර­ක්ෂක ප්‍රදේ­ශ­යක් වන හෙයින් එහි යම් ඉදි කිරී­මක් හෝ භුමියේ යම් හෝ වෙන­සක් කරන්නේ නම් අනි­වා­ර්යෙන්ම මධ්‍යම පරි­සර අධි­කා­රි­යෙන් අව­සර ගත යුතු­මය. ඒ 1980 අංක 47 දරන ජාතික පාරි­ස­රික පන­තට අනු­වය. මේ කට­යුතු සඳහා මධ්‍යම පරි­සර අධි­කා­රියේ ශාඛා කාර්යා­ල­යක් මහ­නු­වර ස්ථාපිත කර තිබේ.

හන්තාන යනු අනෙක් පළා­ත්වල මෙන්ම පෞද්ග­ලික වැඩි භූමි ප්‍රමා­ණ­යක් ඉඩ­ම්ව­ලින් පිරි අක්කර 2,933ක ප්‍රදේ­ශ­යකි. ඒ අනුව එහි පෞද්ග­ලික ඉඩම් කට්ටි කර විකි­ණීම පවා කළ හැකිය. යම් යම් වගා­වන් ද කළ හැකිය. නිවාස හෝ වෙන­යම් ඉදි කිරීම්ද කළ හැකිය. එහෙත් සාමා­න්‍ය­යෙන් ප්‍රාදේ­ශීය සභා­ව­කින් ගන්නා අනු­මැ­ති­යට අම­ත­රව මේ සඳහා මධ්‍යම පරි­සර අධි­කා­රි­යෙන්ද අව­සර ගත යුතුය. වෙන­ස­කට ඇත්තේ එයයි.

මේ වන විට හන්තාන වැටි වශ­යෙන් පිරි ඇත්තේ මානා හා තණ­කො­ළ­ව­ලින් වන අතර බොහෝ දෙනා සිදු කරන්නේ මේ මානා හා තණ­කොළ කැපී­මය. එහෙත් ඒ සඳහා වුවද මධ්‍යම පරි­සර අධි­කා­රියේ අනු­මැ­තිය හෝ අව­ස­රය ලබා ගත යුතුය.

හන්තාන යනු පාරි­ස­රික ආර­ක්ෂක ප්‍රදේ­ශ­යකි. ඒ බව ගැසට් පත්‍ර­ය­කින්ම ප්‍රකාශ කර තිබේ. එම නිසා කුමන ආකා­රයේ පෞද්ග­ලික භූමි­යක් වුවද එය අනි­වා­ර්යෙන්ම පන­තට යටත් වනු ඇත.

හන්තාන පාරි­ස­රික ආර­ක්ෂක ප්‍රදේ­ශ­යක් ලෙස 2010. 02. 17 වන දින අංක 1641/28 දරන අති විශේෂ ගැසට් නිවේ­ද­න­යක් මඟින් ප්‍රකාශ කර තිබේ. එහි ඇති විශේෂ පරි­සර සාධක මත එය රක්ෂි­ත­යක් ලෙස ද නම් කෙරිණි. විශේ­ෂ­යෙන්ම මුහුදු මට්ට­මින් අඩි 3000ට ඉහළ හා ඉන් පහළ ඛාණ්ඩ 3 ක් යටතේ හන්තාන භූමිය තුළ යම් යම් කාර්ය­යන් සඳහා සීමා පනවා ඇත.

එසේ වුවත් 2011 වසරේ එහි ඉදි කිරී­මක් අව­භා­විත කර­මින් එක්තරා දේශ­පා­ල­ඥ­යෙක් නාන ­ත­ටාක සහිත ගොඩ­නැ­ගි­ල්ලක් ඉදි කර ඇත. හන්තාන විනා­ශය වේග­වත් වූයේ එතැන් සිට බව පෙනේ.

2014 වස­රේදී ආර­ක්ෂාව සම්බ­න්ධව සිටි නීති­ඥ­ව­ර­යකු වූ තවත් දේශ­පා­ල­ඥ­යකු තමන් සතු කර­ගෙන සිටි ඉඩ­මක් නැඟෙ­න­හිර පළාතේ දේශ­පා­ලන කණ්ඩා­ය­මක නාය­ක­ය­කුට අලෙවි කර ඇත. ඔහුද ඉඩම් අව­භා­විත කර ඇති අතර පාරි­ස­රික පනත් උල්ලං­ඝ­ණය කර­මින් සංව­ර්ධන කට­යුතු සිදු කර තිබේ.

ඒ අතර ඉඩම් සම්බ­න්ධව සිටි තවත් දේශ­පා­ල­ඥ­යකු විසින් දකුණු පළාතේ කාරි­ය­ව­සම් නැමැ­ත්ත­කුට තවත් භූමි කොට­සක් පවරා දී තිබේ.

හන්තාන වතු­යායේ සහ ජනතා වතු සංව­ර්ධන මණ්ඩ­ලයේ කාර්ය මණ්ඩ­ලය වෙත ලබා දීමට සූදා­නම් වන අක්කර 7 - 8 පමණ භූමිය කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කොට ඇත. මෙම ක්‍රියාව හේතු­වෙන් අදාළ ප්‍රදේ­ශය තුළ වූ පාරි­ස­රික වටි­නා­කම විනා­ශ­යට පත් ව ඇත.

අධි සංවේදී පරි­සර පද්ධ­ති­යක් තුළ අද සිදුව ඇත්තේ එවන් කන­ගා­ටු­දා­යක තත්ත්ව­යකි. හන්තානේ ජෛව විවි­ධ­ත්වය පම­ණක් නොව ඉදි­රි­යේදී ‘හන්තාන‘ යන්න නමට සීමා වන ලකු­ණුත් ජල මූලාශ්‍ර පවා සිඳී යාමේ තත්ත්ව­යක ලකු­ණුද මේ වන විට පහ­ළව ඇත. විවිධ පාරි­ස­රික සංවි­ධාන ගණ­නා­වක් තිබු­ණද හන්තාන ගැන විශේ­ෂ­යෙන්ම අව­ධා­නය යොමු කරන පාරි­ස­රික සංවි­ධා­න­යක්ද ඇත. ඒ හන්තාන සුරැ­කීමේ සංවි­ධා­න­යයි. ඔවුන් නිර­තු­රු­වම මේ සම්බ­න්ධව අව­ධා­න­යෙන් සිටින අතර මධ්‍යම පරි­සර අධි­කා­රි­යද මේ සම්බ­න්ධව නිර­තු­රු­වම දැඩි සෝදි­සි­යෙන් හා අව­ධා­න­යෙන් සිටින්නේ එහි ඇති විශේෂ වැද­ග­ත්කම දන්නා නිසාය.

අපි පසු­ගිය සතියේ සිළු­මිණ ප්‍රධාන සිර­ස්ත­ල­යෙන් වාර්තා කෙළේ ‘හන්තාන ඉඩම් වැන­සු­වාට ප්‍රබල මන්ත්‍රී දිය­ණි­යට නඩු‘ යන්නයි. එය පසු­දි­නම එනම් 14 වැනි සඳු­දාම සත්‍ය­යක් බවට පත්විණි.

ඒ අනුව හන්තාන ඉඩම් එළි පෙහෙළි කළ චමි­න්දනී බණ්ඩාර කිරි­ඇල්ල හේරත් යන අයට විරු­ද්ධව මහ­නු­වර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ 14 වැනි සඳුදා නඩු පවරා ඇත. ඒ අංක 29014/20 දරන නඩු අංකය ඔස්සේය. අදාළ සැක­ක­රු­වන්ට ඔක්තෝ­බර් 8 වැනිදා අධි­ක­ර­ණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

ඇය විසින් එළි පෙහෙළි කර ඇත්තේ ස්ප්‍රිංහිල් එස්ටේට් නැමැති ඉඩමේ කොට­සකි. අක්කර 19ක භූමි භාග­ය­කින් ඇය විසින් ඉඩම් කොට­සක් අන­ව­ස­ර­යෙන් එළි කිරීම පිළි­බ­ඳව පසු­ගිය අගෝස්තු මස 30 වන දින මධ්‍යම පරි­සර අධි­කා­රි­යට වාර්තා වී ඇති අතර එම අව­ස්ථා­වේම ක්‍රියා­ත්මක වූ අධි­කා­රිය විසින් එම ක්‍රියාව නවත්වා තිබේ.

මීට අම­ත­රව හන්තාන උඩ­වෙල එළි කිරී­මක්ද සිදුව ඇති අතර ඒ පිළි­බ­ඳව පසු­ගිය 10 වැනිදා අධි­කා­රි­යට වාර්තා වී ඇති අතර එදි­නම අධි­කා­රිය විසින් එම එළි පෙහෙළි කිරීම නවත්වා ඇත.

ඒ අක්කර 30ක පමණ වූ භූමි භාග­ය­කින් කොට­සකි. එය පාරි­ස­රික ආර­ක්ෂක ප්‍රදේ­ශ­යට අයත් නොවන නිසා හිමි­කරු වන කාරි­ය­ව­සම් නැමැ­ත්තාට දන්වා ඇත්තේ මින් ඉදි­රි­යට යම් සංව­ර්ධන කට­යු­ත්තක් කරන්නේ නම් අධි­කා­රි­යෙන් පූර්ව අනු­මැ­ති­යක් ලබා ගතයුතු බවයි.

එසේම හන්තාන හුළං පිට්ට­නිය ප්‍රදේ­ශ­යට ඉහ­ළින් ඇති ප්‍රදේශ එළි කිරීම හා ගිනි තැබී­මට විරු­ද්ධව ද මධ්‍යම පරි­සර අධි­කා­රිය විසින් නීති­මය ක්‍රියා­මාර්ග ගැනී­මට කට­යුතු කර තිබේ. අක්කර 18ක භූමි ප්‍රමා­ණ­ය­කින් යුක් එම ප්‍රදේ­ශයේ අයි­තිය භික්ෂූන් වහන්සේ දෙන­ම­කට වන අතර එම ප්‍රදේ­ශය එළි කර ගිනි තබා ඇත. ස්වාමීන් වහන්සේ දෙන­මක් සිටින හෙයින් කුමන හිමි­නම විසින් එය සිද කළාද යන්න මේ වන විට පරී­ක්ෂණ පව­ත්වන බව අධි­කා­රියේ සභා­පති එස්. අම­ර­සිංහ මහතා සිළු­මි­ණට කීවේය. කෙසේ වෙතත් හන්තාන පාරි­ස­රික ආර­ක්ෂක ප්‍රදේ­ශයේ යම් අක­ට­යු­ත්තක් ගැන වාර්තා වී පැය කිහි­ප­යක් ඇතු­ළත ඒ වෙනු­වෙන් පිය­වර ගැනී­මට අධි­කා­රිය කට­යුතු යොදා ඇතැ­යිද සභා­ප­ති­ව­රයා පව­සයි. හන්තා­නට අයත් භූමි රජයේ හෝ පෞද්ග­ලික හෝ වේවා එය විශේෂ පාරි­ස­රික ආර­ක්ෂා­වක් යටතේ පව­තින බැවින් එම පරි­සර සාධක පවත්වා ගැනීම පිණිස කට­යුතු කළ යුතු බව සභා­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කෙළේය.

එමෙන්ම හන්තා­නට සම්බන්ව විවිධ ආය­තන හන්තා­නට ඇතුළු වන්න­න්ගෙන් මුදල් අය කරන බව හන්තාන සුරැ­කිමේ සංවි­ධා­නයේ ප්‍රධාන ලේකම් අමිත් සේනා­නා­යක අපට පැව­සීය. එය නීති විරෝධී කට­යු­ත්තක් බවද ඔහු පව­සයි. එම මුදල් ගිණුම් ගත වන්නේ කුමන ගිණු­ම්ව­ල­ටද යන්න විමසා බැලිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

ඊට අම­ත­රව විවිධ අංශ මඟින් හන්තාන පරි­ස­රය ගැන නොතකා විවිධ කාර්ය­යන්හි නියැ­ළෙන බවද එම සංවි­ධා­නය චෝදනා කර සිටී.

කෙසේ වෙතත් මේ සම­බ­න්ධව අපට අද­හස් දක්වන මධ්‍යම පරි­සර අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රාල් පී.බී. හේමන්ත ජය­සිංහ පැව­සුවේ හන්තාන පරි­සර කලා­පය ගැන මේ වන විට වැඩි අව­ධා­න­යක් යොමු කර ඇකි බවත් ඒ සම්බ­න්ධ­යෙන් පැවරී ඇති බල­තල අනුව නීත්‍යා­නු­කූ­ලව කට­යුතු කිරීම අනි­වා­ර්යෙන්ම සිදු කරන බවයි. හන්තාන එළි කිරී­මට කිසිදු ලෙසින් කළ නොහැකි බවත් ඒ සඳහා අනි­වා­ර්යෙන්ම අනු­මැ­ති­යක් ලබා ගත යුතු බවද ඔහු පෙන්වා දෙයි. හන්තාන යනු සංවේදී පාරි­ස­රික ආර­ක්ෂක ප්‍රදේ­ශ­යකි. එහි භූමිය අයත් වන්නේ රජ­ය­ටද පෞද්ග­ලික අය­ව­ළු­න්ටද යන්න මෙහිදී වැද­ගත් නොවන අතර අවශ්‍ය වන්නේ එහි ඇති ජල මූලාශ්‍ර ඇතුළු පාරි­ස­රි­ක­ත්වය ආරක්ෂා කර ගැනී­මය.

හන්තාන අභ­ය­න්ත­රයේ හුනු­ගල් තට්ටු­වක්ද ඇති බව මේ වන විට සොයා ගෙන ඇත.

හන්තාන සුරැ­කීම වෙනු­වෙන් මහ­නු­වර දිසා­ප­ති­ව­රයා ඇතුළු පිරි­ස­ක­ගෙන් සම­න්විත ‘හන්තාන පාරි­ස­රික ආර­ක්ෂක කළ­ම­නා­ක­රණ කමි­ටුව‘ පිහි­ටුවා ඇත්තේද එහි වැද­ග­ත්කම නිසා­මය. එම නිසා හන්තානේ පෞද්ග­ලික හිමි­ක­රු­වන් පවා හොඳින් දන්නා එහි පාරි­ස­රි­ක­ත්ව­යට හානි නොකර ආරක්ෂා කර ගැනීම රටේ මෙන්ම තමන්ගේ පෞද්ග­ලි­ක­ත්ව­ය­ටද හිත­කර බව පෙන්වා දිය යුතු­මය.

 

Comments