රුසි­යානු වෛද්‍ය විද්‍යාල තහ­නම් වීමේ ඇත්ත නැත්ත | Page 2 | සිළුමිණ

රුසි­යානු වෛද්‍ය විද්‍යාල තහ­නම් වීමේ ඇත්ත නැත්ත

රුසියාවේ Tver විශ්ව­වි­ද්‍යා­ලය
රුසියාවේ Tver විශ්ව­වි­ද්‍යා­ලය

ලෝක ශ්‍රේණි­ගත කිරීමේ ලේඛ­නයේ 369 ස්ථානයේ පසු වූ රුසි­යාවේ සුප්‍ර­කට 'පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව සර­ස­විය' ( Peoples Friendship University- RUDN) ඇතුළු රුසි­යාවේ විදේශ වෛද්‍ය විශ්ව­වි­ද්‍යාල තුනක් අනු­මත විශ්ව­වි­ද්‍යාල ලේඛ­න­යෙන් ඉව­ත්කි­රී­මට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන තිබෙන තීර­ණය සම්බන්ධ මත­වා­දය පසු­ගිය දින පුරා­ව­ටම මහත් ආන්දෝ­ල­න­යට තුඩු දුන් කරු­ණක් විය.

මේ පිළි­බඳ අද­හස් මතු කරන අය පව­සන්නේ මේ හේතු­වෙන් වසර කිහි­ප­යක් පුරා­ව­ටම දෙරට අතර පැවැති දැඩි මිත්‍ර­ත්ව­යට අතුල් පහ­රක් ගෙන දීමට මෙම කරුණ ඉව­හල් වූ බවකි. නමුත් ශ්‍රි ලංකාවේ වෛද්‍ය සභාවේ නිල දත්ත­යන්ට අනුව රුසි­යානු විශ්ව­වි­ද්‍යාල තුන පම­ණක් නොව අනු­මත ප්‍රමි­ති­ය­කින් තොර වූ තවත් විදේශ වෛද්‍ය විශ්ව­වි­ද්‍යාල හත­රක්ද මේ ලේඛ­න­යෙන් ඉවත් වී ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් එසේ ලියා­ප­දිං­චි­යෙන් ඉවත් කළ විශ්වි­ද්‍යාල හත පිළි­වෙ­ළින් මෙසේය.

1) School Of Medicine,Taylor's University

2) Tver State Medical University, Russia

3) Melka-Manipal University, Malaysia

4) Facuity of Medicine,Riga Stradins University, Latvia

5) Pirogov Russian National Research University

6) Peoples Friendship University ( RUDN University ), Russia

7) Grants Government Medical college and J.J Group of Hospitals, India ය.

මේ සම්බ­න්ධ­යෙන් අදාළ අනි­කුත් රට­වල් සිය මුනි­වත රකිද්දි රුසි­යානු තානා­ති­පති කාර්යා­ලය සිය විශ්වි­ද්‍යාල තුන සම්බ­න්ධ­යෙන් දැඩි කණ­ස්සල්ල ප්‍රකාශ කර තිබුණේ හැට වස­ර­කට අධික රාජ්‍ය තාන්ත්‍රික සම්බ­න්ධතා මේ හේතු­වෙන් කඩා වැටෙන බව පව­ස­මිනි. හැටේ දශ­කයේ මුල් භාගයේ සිට මේ දක්වාම ශ්‍රි ලාංකික සිසුන් විශාල පිරි­ස­කට මේ විශ්ව­වි­ද්‍යාල හරහා වෛද්‍ය හා අනි­කුත් පීඨ සඳහා ශිෂ්‍යත්ව ප්‍රදා­නය කෙරුණි. රුසි­යාව පම­ණක් නොව චීන සමූ­හා­ණ්ඩුව, ඉන්දි­යාව, මැලේ­සි­යාව, බංග­ලා­දේ­ශය, පකි­ස්තා­නය ඇතුළු රට­වල්ද මේ ආකා­ර­යෙන් විශ්වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සමේ සමඟ සම්බන්ධ ශිෂ්‍යත්ව ප්‍රදා­න­යන් සිදු කළද අනි­කුත් බහු­ත­රය සිදු­වන්නේ මුද­ල­ටය.

නමුත් මේ සම්බන්ධ විවේ­චන ඉදි­රි­පත් කරන අයගේ දැඩි විවේ­චන එල්ල වන්නේ උසස් පෙළ අවම සුදු­සු­කම් වත් නැති සිසුන් මුදල් මත බඳවා ගනි­මින් වෛද්‍ය අධ්‍යා­ප­නය හෑල්ලු කිරිම සම්බ­න්ධ­වය. විවිධ ඒජන්සි රුපි­යල් ලක්ෂ 10 සිට 20 දක්වා එක් ශිෂ්‍ය­ය­කු­ගෙන් කොමිස් ලබා ගෙන පිට­රට වෛද්‍ය විද්‍යාල වලට යවන අතර සිසුන්ගේ යථා තත්ත්වය හෙළි වන්නේ ERPM විභා­ග­යට ඉල්ලුම් කිරී­මට යාමේ­දිය. රජයේ වෛද්‍ය පීඨ 10 ටම වස­ර­කට ඇතු­ළත් කර ගනු ලබන්නේ සිසුන් 1500 ක් පමණ වුවත් මෙවැනි විදෙස් විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට වස­ර­කට 1000 කට වැඩි සිසුන් සංඛ්‍යා­වක් යවති.

වෛද්‍ය සභාවේ නිල වෙබ් අඩ­වි­යට අනුව 2020 වසර යාව­ත්කා­ලින වීම් අනුව රුසි­යානු සමූ­හා­ණ්ඩුවේ වෛද්‍ය පීඨ­ව­ලින් වෛද්‍ය සභාවේ ලියා­ප­දිං­චිය ලබා ගෙන ඇත්තේ එක් වෛද්‍ය පීඨ­යක් පමණි. චීනයේ 4 ක්ද, ඉන්දි­යාවේ ජව­හ­ල්ලාල් නේරු වෛද්‍ය පීඨය ඇතුළු 7 ක්ද, ලියා­ප­දිං­චිව ඇති අතර ඔස්ට්‍රේ­ලි­යාවේ, බංග­ලා­දේ­ශයේ, ඇෆ්ග­නි­ස්තා­නය ඇතුළු රට­වල් ගණ­නා­වක් එකදු වෛද්‍ය පිඨ­යක් හෝ ලියා­ප­දිං­චිව නැත. එවැනි තැන­කින් උපා­ධිය ලබා පැමි­ණෙන සිසුන්ට වෛද්‍ය සභාවේ ලියා­ප­දිං­චිය ලබා ගත නොහැකි අතර ERPM විභා­ග­යට ඉල්ලුම් කිරී­ම­ටද නොහැකි අතර රෝගි­යෙ­කුට ප්‍රති­කාර කිරිම දණ්ඩ නීති සංග්‍ර­හයේ දඬු­වම් ලැබිය හැකි වර­දකි.

විදෙස් විශ්ව­වි­ද්‍යාල ලියා­ප­දිංචි කිරීම වෛද්‍ය සභාවේ අනු­මත විශේ­ෂඥ කමි­ටු­ව­කින් සිදු වන්නේ ගුණා­ත්ම­ක­භා­ව­යෙන් යුතු වෛද්‍ය­ව­ර­යෙකු බිහි කිරි­ම­ටය. මෙම ප්‍රමි­තීන් අතර එවැනි වෛද්‍ය පීඨ­යක සිසුන් 100 කට අවම වශ­යෙන් ඇඳන් 1000 ක රෝහ­ලක් තිබිය යුතුය. විෂය අපේ රටට සරි­ලන පරිදි විය යුතුය. වෝහා­රික වෛද්‍ය විද්‍යාව, මාන­සික සෞඛ්‍ය මෙන්ම ප්‍රජා සෞඛ්‍ය විෂ­යන් ඉගැ­න්වීම අනි­වා­ර්යය ප්‍රමි­ති­යකි.

යම් යම් හේතු­මත Tver,Pirogov හා PFU හි රුසි­යානු වෛද්‍ය පීඨ සඳහා 2012 සිට 2017 දක්වා සිසුන් ඇතු­ළත් වි ඇත්තේ මේ ආකා­ර­යෙනි.

Tver විශ්ව­වි­ද්‍යා­ල­යට සිසුන් 257 ක්, Pirogov විශ්ව­වි­ද්‍යා­ල­යට සිසුන් 12 ක් හා PFU විශ්ව­වි­ද්‍යා­ල­යට සිසුන් 16 ක් වශ­යෙනි. මේ අනුව මේවාට ලාංකික සිසුන් ඇතුළු වී ඇත්තේ මඳ වශ­යෙනි. ඒ මේ විශ්ව­වි­ද්‍යා­ල­වල ළමා රෝග, ප්‍රසව, නාරි­වේද, මනෝ වෛද්‍ය විද්‍යාව සම්බ­න්ධ­යෙන් අඩු සාධ­නිය මට්ට­මක් පෙන්නුම් කර ඇති නිසා බව සැලය. මේ ලේඛ­න­යෙන් ඉවත් වන විශ්ව­වි­ද්‍යාල වසර දෙකක් තුළ ඇපැ­ලක් ඉදි­රි­පත් කර තම අඩු­පාඩු සකසා ගත හැකි­වෙයි. මෙම ලැයි­ස්තු­වෙන් ඉවත් කිරී­මට දින­කට පෙර ආදාළ විශ්ව­වි­ද්‍යා­ල­යට අධ්‍යා­ප­නය සඳහා බැඳුණු සිසු­වෙ­කුට එයින් කිසිදු අසා­ධා­ර­ණ­යක් සිදු නොවන අතර ERPM විභා­ගය කිරී­ම­ටද හැකි­වෙයි. එසේම යම් හෙය­කින් වසර දෙකක් තුළ අදාල විශ්ව­වි­ද්‍යා­ලය යළි ලේඛන ගත වුව­හොත් ලේඛ­ණ­යෙන් ඉවත්ව සිටින කාලය තුළ බැඳුණු සිසු­න්ටද ERPM විභා­ගය කිරි­මට හැකි­යාව ලැබෙන බව වාර්තා වෙයි.

රුසියාවේ  RUDN විශ්ව­වි­ද්‍යා­ලය

ජාතික වෛද්‍ය සභාවේ ලේඛ­කා­ධි­කාරි වෛද්‍ය ආනන්ද හපු­ගොඩ මේ පිළි­බ­ඳව අද­හස් දක්ව­මින් පැවැ­සූයේ මෙවන් අද­හ­සකි.

“ යම් විදෙස් විශ්ව­වි­ද්‍යා­ල­ය­කින් අපිට අයැ­දුම් පත්‍ර­යක් පැමිණි විට, ඒ විශ්ව­වි­ද්‍යා­ලය අවම සුදු­සු­කම් පසුරා තිබේද යන්න විශේ­ෂඥ කමි­ටු­ව­කින් පරීක්ෂා කර­නවා. ඒ සඳහා යම් ගාස්තු­වක්ද අය කෙරෙ­නවා. යම් අව­ස්ථා­වක මේ ප්‍රමි­තිය පිළි­බඳ ප්‍රශ්න ඇති වුණොත් මේ කමි­ටු­වට සිදු වෙනවා, අදාළ තීරණ ගැනී­මට. මෙහි අව­සන් නිග­ම­නය වෛද්‍ය සභා­වට ඉදි­රි­පත් කර­නවා. අපේ ප්‍රමි­තීන්ට යටත් නම් අපි ඒ විශ්ව­වි­ද්‍යා­ලය සමඟ ගිවි­සු­ම­කට බැදෙ­නවා. අපි මෙවන් ක්‍රියා­දා­ම­ය­කට පිවි­සෙන්නේ එවැනි විශ්ව­වි­ද්‍යාල වලට ගොස් උපාධි ලබා ගෙන සේවා­වක් නොක­රන සිසුන් අපි අතර ඉන්න නිසා. “ ඒ ජාතික වෛද්‍ය සභාවේ ලේඛ­කා­ධි­කා­රි­ව­ර­යාය.

එසේම විදෙස් වෛද්‍ය අධ්‍යා­ප­නය ලැබී­මට විදේ­ශත වන සිසු­න්ටත් සැපි­රිය යුතු සුදු­සු­කම් වෛද්‍ය සභාව විසින් අනු­මත් කර තිබු­ණද සිසුන් පිරි­සක් විසින් ඊට විරු­ද්ධව උප­රි­මා­ධි­ක­ර­ණයේ ගොනු­කළ නඩුවේ තීන්දු­වෙන් පසු උසස් පෙළ අවම සුදු­සු­කම් සෙවීම වෛද්‍ය සභා­වට නෛතික බල­යක් නොමැති විය.

මහ­ජන යුතු­කම් කේන්ද්‍රයේ කැඳ­වු­ම්කරු වසන්ත අල්විස් මේ පිළි­බ­ඳව අද­හස් දක්ව­මින් ප්‍රකාශ කළේ මෙවන් අද­හ­සකි.

“ අපි ඉල්ලා සිටින්නේ වෛද්‍ය අධ්‍යා­ප­නයේ අවම ප්‍රමි­තිය නීති­ගත කරන්න කියා. මේ වන විට වෛද්‍ය අධ්‍යා­ප­නය සඳහා විදෙස් ගත වූ බොහෝ සිසුන්ට උසස් පෙළ අවම සුදු­සු­කම් වත් නැහැ. එසේම වෛද්‍ය සභා­වට බලය තියෙ­නවා, නිර්ණා­යක සපු­ර­න්නැති වෛද්‍ය පීඨ ලියා­ප­දිං­චි­යෙන් අව­ලංගු කරන්න. පසු­ගිය වසරේ රුසි­යානු වෛද්‍ය විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට ගිය සිසුන් 19 දෙනෙක් උසස් පෙළ අස­මත්. මේ වන විට 2019 වස­රට පෙර ලෝකයේ වෛද්‍ය විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට ගිය 83 දෙනෙක්ගේ ලේඛ­න­යක් අපි ළඟ තියෙ­නවා. එහි අවම සුදු­සු­කම් වන උසස් පෙළ C -2 ක් හා S- 1 ක් නැති ළමයි පම­ණක් 71ක් ඉන්නවා. මෙය විශාල ප්‍රශ්න­යක් . . “

කෙසේ වෙතත් මේ පිළි­බ­ඳව සොයා බැලි­මට සෞඛ්‍ය ඇමැ­ති­තු­මිය විසින් පංච පුද්ගල කමි­ටු­වක් පත් කර ඇත. විදෙස් විශ්ව­වි­ද්‍යාල ලියා­ප­දිං­චිය‍, අවම අධ්‍යා­පන සුදු­සු­ක­ම්වත් සපුරා නැති වෛද්‍ය­වරු මෙන්ම විදෙස් වෛද්‍ය උපා­ධිය ලබා­ගත් ශිෂ්‍ය­යන්ගේ වෛද්‍ය උපා­ධිය ලියා­ප­දිංචි කිරිම සඳහා පව­ත්වනු ලබන ERPM විභා­ගය වැනි කරුණු පිළි­බ­ඳව මෙම කමි­ටුව සොයා බලනු ඇත.

කෙසේ වෙතත් මෙහි තවත් පැත­තක් ඇත්තේය. මෙයින් අසා­ධා­ර­ණ­යට ලක්වූ සිසුන් වෙනු­වෙන්ද බොහෝ දෙනෙක් හඩ නඟති. මේ ඒ පිළි­බ­ඳව අද­හස් දැක්වූ විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යෙ­කුගේ අද­හ­සකි.

ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ මූලස්ථානය

“ වෛද්‍ය විශ්ව­වි­ද්‍යාල ලෝක ශ්‍රේණි­ගත කිරි­ම්ව­ලට අනුව අපේ රටේ විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට වඩා ජාත්‍ය­න්තර විශ්ව­වි­ද්‍යාල 400 ක් ඉහ­ළින් සිටි­නවා. එහෙම නම් කොහො­මද ඒවා යෝග්‍ය නැහැ කියන්නේ. ඒත් මෙවැනි ලෝක ප්‍රසිද්ධ සම­හ­රක් වෛද්‍ය විශ්ව­වි­ද්‍යාල අපේ වෛද්‍ය සභාවේ ලියා­ප­දිංචි නැහැ. වෛද්‍ය සභාව එසේ ලියා­ප­දිං­චි­යට විශාල මුද­ලක් අය කර­නවා. ඔවුන්ට අවශ්‍ය නැහැ අපේ ඉල්ලී­ම්ව­ලට එකඟ වෙන්නට. ඔවුන්ට සිසුන් විශාල පිරි­සක් සිටි­නවා. මෙවැනි ඉහළ තල­යක සිටින විශ්ව­වි­ද්‍යා­ල­යක් අපේ ලියා­ප­දිං­චිය නැහැ කියලා ඉවත් කරන්නේ කොහො­මද? මේවායේ අපේ දරු­වන් විශාල මුද­ලක් ගෙවා ඉගෙන ගන්නේ ඒවා අපේ විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට වඩා ජාත්‍ය­න්තර ඉහළ පිළි­ගැ­නී­මක් ඇති නිසයි. ඇත්තෙන්ම විදෙස් වෛද්‍ය පීඨ­ව­ලට යන සිසුන්ට අවම සුදු­සු­කම් තීර­ණය කිරීමේ ගැට­ලු­වක් නැහැ. නමුත් ඉහළ ශ්‍රේණි­ගත කිරීම් වල ඇති වෛද්‍ය විශ්ව­වි­ද්‍යා­ල­ය­කින් උපා­ධිය ලබා පැමි­ණෙන දරු­වෙ­කුට ERPM විභා­ගය කිරී­මට අව­සර දිය යුතුයි. එසේම වෛද්‍ය සභාවේ මේ ලියා­ප­දිං­චිය ස්ථර කිහි­ප­ය­කට සිදු­විය යුතුය. එවැනි විශ්ව­වි­ද්‍යාල ස්වයං­ක්‍රිය ලියා­ප­දිං­චි­ය­කට නතු කළ යුතුයි........“ ඔහු පව­සන්නේ නොස­ලකා හැරෙන දරු­වන් වෙනු­වෙන් යම් සාධා­ර­ණ­යක් ඉටු කළ යුතු බවයි.

Comments