මිතු­රාගේ ලිංගික ඊර්ෂ්‍යා­වට ලක්ව ත්‍රස්තවා­දි­යකු ලෙස හංවඩු ගැසුණු ලාංකික තරු­ණයා | Page 2 | සිළුමිණ

මිතු­රාගේ ලිංගික ඊර්ෂ්‍යා­වට ලක්ව ත්‍රස්තවා­දි­යකු ලෙස හංවඩු ගැසුණු ලාංකික තරු­ණයා

වර්ෂ 2018 අගෝස්තු මාසයේ අව­සාන සති­යය. මේ රටම කතා කළේ එම සිදු­වීම ගැනය.

ඔස්ට්‍රේ­ලි­යාවේ සිඩ්නි නග­රයේ තෝරා­ගත් වැද­ගත් ස්ථාන සහ පුද්ග­ල­යන් ඉලක්ක කර ප්‍රහා­ර­යක් එල්ල කිරී­මට සැල­සුම් කළේ යැයි සැක­පිට මොහො­මඩ් කමර් නිසා­ම්ඩීන් නැමැති ශ්‍රී ලාංකික ශිෂ්‍ය­යකු ඔස්ට්‍රේ­ලි­යාවේ නිව් සවුත් වේල්ස් පොලි­සිය විසින් වර්ෂ 2018 අගෝස්තු මස 30දා අත්අ­ඩං­ගු­වට ගත්තේය.

වාර්තා වූයේ මේ සැක­කරු අයි­එස් පන්නයේ හුද­කලා ප්‍රහා­ර­යක් සැල­සුම් කළ බවය. එම ප්‍රහා­ර­වල ඉල­ක්ක­ගත පුද්ග­ල­යන් ලෙස හිටපු අග­මැති මැල්කම් ටර්න්බුල්, හිටපු විදේශ ඇමති ජුලී බිෂොප් සහ ඔවුන්ගේ ලිබ­රල් පක්ෂ සග­යකු වන බ්‍රොන්වින් බිෂොප්ද සිටි බව කියැ­විණ. එමෙන්ම සිඩ්නි ඔපෙරා රංග ශාලාව, පොලිස් සහ දුම්රිය ස්ථාන එම ප්‍රහාර සැලැ­සුමේ වූ බව The Sydney Morning Herald පුව­ත්පත වාර්තා කළේය.

මේ තරු­ණයා අත්අ­ඩං­ගු­වට ගනිත්ම රට වඩාත් උණු­සුම් වූයේ ලංකාවේ ප්‍රධාන පෙළේ ජනා­ධි­පති නීති­ඥ­යකු වූ ෆායිස් මුස්තාපා මෙන්ම එව­කට ආණ්ඩුවේ ප්‍රභ­ලම ඇමති වර­යකු වූ ෆයි­සර් මුස්තාපා එම තරු­ණ­යාගේ සමීප ඥාති­යකු බව හෙළි වීමත් සම­ඟය.

ඔස්ට්‍රේ­ලි­යානු පොලි­සිය වාර්තා කර තිබුණේ අයි.එස්.අයි.එස් අනු­බද්ධ ත්‍රස්ත ප්‍රහා­ර­යක් එල්ල කිරී­මට සැල­සුම් කළ තොර­තුරු ඇතු­ළත් යැයි සැක කරන සට­හන් සහිත පොතක් හමුවූ බව කිය­මින් නිසා­ම්ඩීන්ගේ මිතු­රකු වූ අර්ස­ලාන් කවාජා නැමැ­ත්තෙකු පොලි­සිය දැනු­වත් කළ නිසා මේ අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු කළ බවය. අදාළ සට­හන් පොත අර්ස­ලාන් කවාජා විසින් පොලි­සි­යට ලබා දී තිබිණි.

අර්ස­ලාන් කවාජා යනු ඕස්ට්‍රේ­ලි­යානු කණ්ඩා­යමේ ප්‍රකට ක්‍රීඩ­ක­යකු වූ උස්මාන් කවාජා ගේ සොයු­රාය. සිද්ධිය යන අතරේ උස්මාන් කවාජා බ්‍රිස්බේන්හි සිට වීඩියෝ තාක්ෂ­ණය ඇසු­රින් අධි­ක­ර­ණ­යට විශේෂ ප්‍රකා­ශ­යක් කළේය. ඔහු කීවේ තමන්ගේ සොයුරා පර­මා­දර්ශ සහිත විශිෂ්ට පුර­වැ­සි­යකු බවය. හෙතෙම ජන­ප්‍රිය චරි­ත­යක් බවත් ඔස්ට්‍රේ­ලි­යානු කණ්ඩා­යමේ ප්‍රකට පුද්ග­ල­යකු බවත් කීවේය. ඔහු නොකියා කීවේ තමන්ගේ සොයුරා රට වෙනුවේ යුතු­ක­මක් ඉටු කර ඇති බවය.

අයි.එස් ත්‍රස්ත චෝද­නාව එල්ල වන විට කමර් නිසා­ම්ඩීන් සිටියේ ඔස්ට්‍රෙ­ලි­යාවේ පශ්චාත් උපාධි අපේ­ක්ෂ­යකු ලෙස අධ්‍යා­ප­නය ලබ­මිනි. ඒ අතර ඔහු එරට සර­ස­වි­ය­කට අනු­යු­ත්කව රැකි­යාව කර­මින් සිටි­යේය.

ඔහු ලංකාවේ ධන­වත් මුස්ලිම් පවු­ලක සමා­ජි­ක­යෙකි. කොළඹ ආසි­යානු ජාත්‍ය­න්තර පාස­ලෙන් ද්විති­යික අධ්‍යා­ප­නය ලද තරු­ණ­යෙකි. ඔහු උසස් අධ්‍යා­ප­නය ලබා ගැනී­මට ඔස්ට්‍රේ­ලි­යා­වට සංක්‍ර­ම­ණය වන්නේ වර්ෂ 2015 දීය. බෙහෙ­වින්ම ප්‍රිය­ජ­නක පුද්ග­ල­යකු වූ ඔහු සිඩ්නි නග­රයේ අධ්‍යා­ප­න­යට අදා­ළව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිෂ්පා­ද­නය කළ ප්‍රව­ර්ධන වීඩි­යෝ­වක් සඳ­හාද 2016 වස­රේදී පෙනී සිට තිබිණි. අති­ශ­යින්ම ප්‍රග­ති­ගාමී නිද­හස් චින්ත­න­යක් සහිත මේ තරු­ණ­යාට එල්ල වූ චෝද­නාව සම්බ­න්ධව ඔහුගේ සමී­ප­ත­මයෝ අති­ශ­යින්ම වික්ෂි­ප්තව සිටි­යහ.

අත්අ­ඩං­ගු­වට පත් නිසා­ම්ඩීන් රැගෙන ගොස් රඳ­වනු ලැබුවේ ඔස්ට්‍රේ­ලි­යාවේ සිඩ්නි නුවර පිහිටි දැඩි ආර­ක්‍ෂිත බන්ධ­නා­ගා­ර­ය­කය. බර­ප­තළ ත්‍රස්ත­වාදී චෝද­නා­ව­කට ලක් වී සිටි ඔහු අනි­කුත් සිර­ක­රු­ව­න්ගෙන් වෙන් කෙරුණේ දැඩි අව­දා­න­මක් සහිත සිර­ක­රු­වකු ලෙස නම් කර­මිනි. අන­තු­රුව පොලි­සිය එතැන් සිට ගෙවී ගිය වසර කීපය පුරා ඔහු ශ්‍රී ලංකා­වට මුදල් යැවී­මට අම­ත­රව ඉන් ඔබ්බට වෙනත් ගනු­දෙ­නු­වල යෙදී ඇත්ද යන්න පිළි­බඳ මූලික විම­ර්ශන ආරම්භ කළේය. පුරා පැය අටක් ඔහු­ගෙන් ප්‍රශ්න කළද කිසිම තොර­තු­රක් දැන­ගැ­නී­මට නොවීය. අන­තු­රුව සට­හන් තිබූ බව කී පොත අත් අකුරු විශේ­ෂ­ඥ­යන් වෙත යොමු කළේය. ඔවුන්ගේ අව­සන් නිග­ම­නය වී තිබුණේ මේ අත් අකුරු කිසි­සේත් නිසා­ම්ඩීන්ගේ නොවන බව ය.

ඉන්පසු ඔහුගේ ජංගම දුර­ක­ථ­නය හා පරී­ක්ෂා­වට ලක් විය. පරි­ග­ණ­කය පරී­ක්ෂා­වට ලක් විය. අති­ශය සියුම් පරී­ක්ෂ­ණ­ය­කින් අන­තු­රු­වත් මේ චෝද­නාව සම්බ­න්ධව ඔහුට එල්ල කළ හැකි කිසිම සාධ­ක­යක් සොයා ගැනී­මට පොලි­සි­යට හැකි වූයේ නැත. මේ කාලය අතර කමර් නිසා­ම්ඩීන්ට සහාය පළ කර­මින් ඔහුගේ ඥාතීන්, මිතු­රන් හා සිවිල් ක්‍රියා­කා­රීන් සාම­කාමී උද්ඝෝ­ෂ­ණ­වල නිරත වූහ. කමර් නිර්දෝෂී බව ඔවුහු සහ­තික කොට ප්‍රකාශ කළහ.

පුරා සති හත­රක් අධි රක්ෂිත බන්ධ­නා­ගා­ර­යක රඳවා තැබී­මෙන් අන­තු­රුව කිසිම චෝද­නා­වක් ඔප්පු වීමේ සේයා­ව­ක්වත් නොවූ හෙයින් කමර් නිසා­ම්ඩීන්ට වර්ෂ 2018 සැප්තැ­ම්බර් 28 දා ඇප ලබා දීමට අධි­ක­ර­ණය තීන්දු කළේය. ඇප ලබා දෙන්නට ප්‍රධා­නම සාධ­කය වූයේ ඔහුගේ අත් අකුරු සහන් පොතේ තිබූ අත් අකුරු හා සට­හ­න්ව­ලට මුළු­ම­නින්ම පර­ස්පර වීමය. අන­තු­රුව වර්ෂ 2018 ඔක්තො­ම්බර් 19 දා අධි­ක­ර­ණය නිසාම්න්ට එල්ල කර තිබූ චෝදනා ඉවත් කර ගත්තේය. එහෙත් ඒ වන­විට නිසා­ම්ඩීන්ට සිදු විය යුතුව තිබූ ව්‍යස­නය සිදු වී අව­සන්ය. ඔස්ට්‍රේ­ලි­යාව තුළ ඔහුගේ අනා­ග­තය කුඩු පට්ටම් වූයේය.

කමර්ට සාධාරණය ඉල්ලමින් හිතවතුන් ඕස්ට්‍රේලියාවේ පැවැත්වූ උද්ඝෝෂණයක්

පසු­ගිය 11 වැනිදා ඩවු­නින් දිස්ත්‍රික් අධි­ක­ර­ණයේ දී මේ ත්‍රස්ත ප්‍රහාර කතාවේ සියල්ල හෙළි විය. ඒ මෙම සිද්ධිය ව්‍යාජ ලෙස නිර්මා­ණය කළ ආකා­ර­යත් ඊට පද­නම් වූ හේතු­වත් එම සිද්ධි­යට සම්බ­න්ධව පැමි­ණිලි කළ පුද්ග­ලයා වන අර්ස­ලාන් කවාජා විසින් අධි­ක­ර­ණය හමුවේ හඬා වැටෙ­මින් ප්‍රකාශ කිරී­මෙන් පසුය.

නිසා­ම්ඩීන්ට මෙම ත්‍රස්ත චෝද­නාව එල්ල කළ කවාජා අධි­ක­ර­ණය හමුවේ පැව­සුවේ කාන්තා­වක සමඟ නිසා­ම්ඩීන් පැවැත් වූ මිතුරු ඇසු­රක් සම්බ­න්ධ­යෙන් තමන්ට ඇති වූ ඊර්ෂ්‍යාව මත මේ ව්‍යාජ අප­රාධ චෝද­නාව ඔහු වෙත එල්ල කළ බවය. තමන්ගේ පෞරුෂ විර­හිත දීන හැසි­රීම ගැන කම්පා වනවා මෙන්ම පෞරුෂ හීන වීම නිසා ඇති වූ මාන­සික ව්‍යාධි­ය­කින් තමන් පෙළුණු බවද ඔහු ප්‍රකාශ කළේය.

“මා ක්‍රියා කළේ නිව­ට­යෙක් වගේ. ඇත්ත­ටම මට අවශ්‍ය වුණේ නෑ ඔහු අත්අ­ඩං­ගු­වට පත් කරන්න. ඒත් මගේ බිය­ගු­ළු­කම නිසා ඔහුව අත්අ­ඩං­ගු­වට ගන්න කලින් මේ ඇත්ත කියන්න මට බැරි වුණා...”

කවාජා අධි­ක­ර­ණය හමුවේ මෙසේ හඬා වැටු­ණත් ඔහු විසින් කාන්තා­වක් කෙරෙහි ඊර්ෂ්‍යා­වෙන් යමෙ­කුට එරෙ­හිව දරුණු ත්‍රස්ත චෝදනා භාවිත කළ පළමු අව­ස්ථාව මෙය නොවන බව ඒ වන­විට අධි­ක­ර­ණය විසින්ම හෙළි කර­ගෙන තිබු­ණේය. මීට කල­කට පෙර ඔහු සමඟ ගැඹුරු සම්බ­න්ධ­තා­වක් ගොඩ නඟා ගත් කාන්තා­වක් වෙනත් පුද්ග­ල­යකු වෙත සමීප වීම වැළැ­ක්වී­මට ඔහු එම පුද්ග­ල­යාට එරෙ­හිව මෙවැනි බිහි­සුණු ව්‍යාජ චෝදනා එල්ල කර තිබිණ.

කවා­ජාගේ ව්‍යාජ චෝද­නා­වට ලක් වූ තැනැ­ත්තාගේ නම නීති­මය හේතූන් මත ප්‍රකා­ශ­යට පත් කළ නොහැකි බව ඔස්ට්‍රේ­ලි­යානු පොලි­සිය කීවේය. මුල් චෝද­නාව සම්බ­න්ධව කවාජා පැහැ­දිලි කර තිබුණේ එම කාන්තාව අත්හැ­රී­මට ඇති බිය නිසා තම­න් මෙ­වැනි තත්ත්ව­යට පත් වූ බවය.

නිසා­ම්ඩීන් හා මිතු­රු­කම් පව­ත්වන වෙනත් යුව­තිය සම්බන්ධ කවා­ජාගේ මැදි­හ­ත්වීම ඇති වන්නේ මේ කාන්තා හුට­ප­ට­යෙන් පසු­වය. කවාජා අති­ශ­යින්ම උන­න්දු­වෙන් සිටි, එහෙත් නිසා­ම්ඩීන් සමඟ මිතු­රු­ක­මක් ඇති කර­ගෙන තිබුණු එම යුව­තිය කවාජා වෙත එවූ කෙටි පණි­වු­ඩ­යක් නිසා ඇය ඔහු සමග ඇති සබ­ඳතා අත්හ­රිනු ඇතැයි තමා බිය වූ බව ඔහු අධි­ක­ර­ණ­යට කීවේය. පසුදා උදෑ­සන සිට ඔහුට අවශ්‍ය වූයේ නිසා­ම්ඩීන් විනාශ කිරී­මට බවත් කවාජා අධි­ක­ර­ණය ඉදි­රියේ පවසා තිබිණ. නිසා­ම්ඩීන් දුටු හැම මොහො­ත­කම තමන් වේද­නා­වෙන් දැවී ගිය බව කවාජා කීවේ හඬා වැටෙ­මිනි.

“කමර් කියන්නේ උසස් මනු­ෂ්‍ය­යෙක්... මම හිතන්නෙ නෑ මම කරපු දේට ඔවුන් කව­දා­වත් මට සමාව දේවි කියලා. මට කියන්න තියෙන්නෙ මම ඔවුන්ට කළ දේ ගැන, විශේ­ෂ­යෙන්ම කමර් ගැන මගේ පසු­තැ­වීම පම­ණයි...

එහෙත් කවා­ජාගේ මේ පසු­තැ­වී­මට දැන් ප්‍රමාද වැඩිය.

මේ බලා­පො­රොත්තු නොවුණු ව්‍යස­නය මේ අස­රණ තරු­ණ­යාගේ අනා­ගත සැල­සුම් සුන්බුන් කර දමා ඇත. කමර් නිසා­ම්දීන් මේ වන­විට ලංකා­වට පැමිණි සිටි­න්නේය.

 

Comments