බූස්ස බන්ධනාගාර රැඳවියන්ගේ වැරැදුණු සැලසුම | සිළුමිණ

බූස්ස බන්ධනාගාර රැඳවියන්ගේ වැරැදුණු සැලසුම

රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ග­තව සිටින මොහො­මඩ් නජිබ් මොහො­මඩ් ඉම්රාන් හෙවත් කංජි­පාන ඉම්රාන් නමැති ප්‍රධාන පෙළේ මත් ජාවා­ර­ම්ක­රුගේ මෙහෙ­ය­වී­මෙන් පසු­ගිය මැයි 31 වැනිදා මාලි­ගා­වත්තෙ ලක්සෙත මහල් නිවාස සංකී­ර්ණයේ ඉහළ මහ­ල­කදී රවුෆ් නමැ­ත්ත­කුට වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කෙරිණි. ඉන් බර­ප­තළ තුවා­ල­ ලත් රවුෆ් දින කිහි­ප­ය­කට පසු කොළඹ ජාතික රෝහ­ලේදී මිය­ගි­යේය. එලෙස බන්ධ­නා­ගා­රයේ සිටින අප­රා­ධ­කාර රැඳ­වි­යන් පසු­ගිය කාලය පුරා­ව­ටම බොහෝ අප­රාධ මෙන්ම මත් ජාවාරම් මෙහෙ­ය­වූයේ දූෂිත බන්ධ­නා­ගාර නිල­ධා­රි­න්ගෙන්ද ලැබුණු බොහො­ම­යක් උප­කාර මතයි. ඊට අප­රා­ධ­කා­ර­යන්ද දූෂිත බන්ධ­නා­ගාර නිල­ධා­රින්ට අත­දිග හැර මුදල් විය­දම් කර ඇති බව­ටද සැල වේ.

මේ තත්ත්වය මනා සේ වට­හා­ගත් වත්මන් ජන­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් බන්ධ­නා­ගාර පද්ධ­තිය සෑම අතින්ම ඉහළ තත්ත්ව­ය­කට ඔසවා තැබී­මට ක්ෂණික පිය­වර ගැනිණි. ඒ අනුව ආර­ක්ෂක ලේකම් විශ්‍රා­මික මේජර් ජෙන­රාල් කමල් ගුණ­ර­ත්නගේ ප්‍රධා­න­ත්ව­යෙන් නව බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජෙන­රා­ල්ව­රයා ලෙස පත්වූ තුෂාර උපු­ල්දෙ­ණිය ප්‍රමුඛ බල­ධා­රින් දින කීප­යක් තුළදී බන්ධ­නා­ගා­ර­වල මහත් ‘වෙන­සක්‘ ඇති කිරී­මට සමත් වී ඇති බවක් පෙනේ.

පොට්ට නවුෆර්

එවැනි වට­පි­ටා­වක් බන්ධ­නා­ගාර පරි­පා­ල­නය පැත්තෙන් සිදු­වෙද්දී රැඳ­වි­යන් ගැන ද දැඩි අව­ධා­න­යක් යොමු වී තිබේ. විශේ­ෂ­යෙන්ම වැලි­කඩ, කොළඹ රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­වල රැඳි සිටි­මින් රිසි සේ ජංගම දුර­ක­ථන භාවිත කළ ප්‍රධාන අප­රා­ධ­කා­ර­යන් කිහි­ප­දෙ­නෙක්ම මාරු­කර යැවුණේ බූස්ස බන්ධ­නා­ගා­ර­ය­ටය. එසේ බූස්සට ගිය රැඳ­වි­යන් අතර මත් ජාවා­රම් නිසා­වෙන් මර­ණීය දණ්ඩ­නය ලබා සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා, භාරත ලක්ෂ්මන් ඝාත­න­යට මරණ දඬු­වම් විඳින දෙම­ට­ගොඩ චමින්ද, මහා­ධි­ක­රණ විනි­සුරු සරත් අඹේ­පි­ටිය ඝාත­න­යට මරණ දඬු­වම් විඳින පොට්ට නවු­ෆර් වැන්නන්ද රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ග­තව සිටි ඩුබා­හි­යිදී මාක­ඳුරේ මධුෂ්ගේ සාද­යට එක්ව සිටි­යදී අත්අ­ඩං­ගු­වට පත් මෑත කාලයේ ප්‍රබ­ලම මත් ජාවා­ර­ම්කා­ර­යකු ලෙස කර­ළි­යට පැමිණි කංජි­පාන ඉම්රාන්, කොස්ගොඩ තාරක, පොඩි ලැසි, මාකි­ලං­ග­මුවේ සංජීව, ආමි සම්පත්, කැලුම් ඉන්දික හෙවත් පිටි­ගල කැවුමා, ගිය වස­රේදී ඉන්දි­යා­වේදී අත්අ­ඩං­ගු­වට පත්ව මෙර­ටට පිටු­ව­හල් කළ බ්ලූමැ­න්ඩල් සංඛ, ඌරු ජුවා වැන්නන් විය.

1999 වස­රේදී ඇරැඹි බූස්ස බන්ධ­නා­ගා­රය ඉකුත් කාලයේ ප්‍රසි­ද්ධව තිබුණේ අත්අ­ඩං­ගු­වට පත්ව බන්ධ­නා­ගා­ර­ග­තව පුන­රු­ත්ථා­ප­නය වන හිටපු එල්ටී­ටීඊ රැඳ­වි­යන් රඳවා සිටි බන්ධ­නා­ගා­ර­යක් ලෙසයි.

අධි ආර­ක්ෂිත බන්ධ­නා­ගා­ර­යක් සේ සැලැ­කෙන විශේ­ෂිත සිර කුටි 46කින් සම­න්විත බූස්ස බන්ධ­නා­ගා­රයේ රැඳ­වි­යන්ට කිසි­සේත්ම ජංගම දුර­ක­ථන භාවිත කළ නොහැකි වන ලෙස දුර­ක­ථන සංඥා අව­හිර කිරී­මට ජැමර් පද්ධ­තියක්ද සක්‍රිය කෙරිණි.

බූස්ස සහ අඟු­ණ­කො­ළ­පැ­ලැස්ස බන්ධ­නා­ගා­ර­ව­ලට පම­ණක් යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිල­ධා­රිහු පසු­ගි­යදා කොළඹ, බන්ධ­නා­ගාර පද්ධ­ති­ය­ටද යෙද­වී­මට රජය තීන්දු කළහ.

මෙවැනි වට­පි­ටා­වක් බන්ධ­නා­ගාර පද්ධ­තිය තුළ සිදු­වෙද්දී විශේෂ ගණයේ කුටි 46ක් පමණ තිබෙන බූස්ස බන්ධ­නා­ගා­රය වෙත කොළඹ, වැලි­කඩ, අඟු­ණ­කො­ළ­පැ­ලැස්ස, දුම්බර ආදි බන්ධ­නා­ගා­ර­වල සිටි­මින් පිටත සමා­ජය සමඟ එක්ව මත් ජාවා­රම්, කොල්ල­කෑම්, මිනී­මැ­රුම් මෙහෙ­යවූ සිය­ලුම රැඳ­වි­යන් බූස්සට ගාල් කළේ මීට මාස කිහි­ප­ය­කට පරි­දියි.

ඔවු­නට පසු­ගිය කොරෝනා සම­යේදී නිවෙස්හි සමී­ප­තම ඥාතින් සමඟ දු­ර­ක­ථන ඔස්සෙ විනාඩි තිහක පමණ කාල­යක් කතා­බහ කිරී­මට ඉඩ හසර විවර කර දෙනු ලැබීය.

බන්ධ­නා­ගාර බල­ධා­රින් විසින් ඉරිදා හෝ බදාදා දින­යක එම අව­ස්ථාව ලබා දුන්නෙ කොරෝනා වසං­ග­තය නිසා­වෙන් ඥාතින්ට රැඳ­වි­යන් බැලී­මට බන්ධ­නා­ගා­ර­යට පැමි­ණී­මට අව­ස්ථාව නොලැ­බුණු හෙයිනි.

කොරෝනා තත්ත්වය පහව යාමත් සමඟ රැඳ­වි­යන්ට ඥාතින් සමඟ දුර­ක­ථන ඔස්සෙ කතා­බහ නතර කෙරුණේ ඥාතින්ද බන්ධ­නා­ගා­ර­යට පැමිණ රැඳ­වි­යන් දැක­බලා ගැනී­මට අව­ස්ථාව ලබා­දීම නිසා­වෙනි.

එහෙත් රැඳ­වි­යන් දිගින් දිග­ටම එලෙස දුර­ක­ථන ඔස්සෙ ඥාතින් හා කතා­බහ කිරී­මට ඉල්ලීම් කළහ. ඊට යහ­පත් ප්‍රති­චා­ර­යක් නොලැ­බුණු හෙයින් එම කරුණ ඇතුළු රැඳ­වි­යන් හමු­වී­මට පැමි­ණෙන නීති­ඥ­ව­රුන් පොලිස් විශේෂ කාර්ය බළ­කාය විසින් පරීක්ෂා කිරීම, ආපණ ශාලා­වෙන් ආහාර ඇතුළු අත්‍ය­වශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනී­මට මස­කට ලබාදෙන රුපි­යල් අට දහසේ මුදල ඉහළ නැංවීම, පොලිස් විශේෂ කාර්ය බළ­කාය විසින් බන්ධ­නා­ගා­රය තුළ සිදු­ක­රන පරී­ක්ෂණ නතර කරන ලෙසද තම දුවා­ද­රු­වන් හමු­වී­මට ලබා­දෙන විනාඩි තිහක කාලය පැයක් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලා විශේෂ කුටි 45ක් තුළ සිටි රැඳ­වි­ය­න්ගෙන් පිරි­සක් පසු­ගිය 10 වැනිදා පෙර­ව­රුවේ සිට ආහාර වර්ජ­නය කර­මින් උප­වා­ස­යක් ආරම්භ කෙරිණි.

 පොඩි ලැසී

කංජි­පාන ඉම්රාන් මෙහෙ­යවා ඇති එම ආහාර වර්ජන උප­වා­ස­යට පොඩි ලැසි, වෙලේ සුදා, දෙම­ට­ගොඩ චමින්ද වැනි 36 දෙනෙක් මුලින් එකතු විණි. ඊට පොට්ට නවු­ෆර්, ආමි සම්පත්, පිටි­ගල කැවුමා ආදි 9 දෙනෙක් එක්ව සිටියෙ නැත.

දින හත­රක කාල­යක් වර්ජ­නය සිදු වූවත් දිනෙන් දින වර්ජ­නය සිදු­කළ පිරිස ක්‍රම­යෙන් වර්ජ­න­යෙන් ඉවත් විණි. ඒ අතර වර්ජ­නයේ ප්‍රධා­නියා වූ කංජි­පාන ඉම්රාන් පසු­ගිය 11 වැනිදා පෙර­ව­රුවේ අස­නීප තත්ත්ව­ය­ක්යැයි පවසා කරා­පි­ටිය රෝහ­ලට ඇතු­ළත් වීමට උත්සාහ ගත්තත්, බන්ධ­නා­ගාර බල­ධා­රින් ඉම්රාන් ගාල්ල නාවික හමුදා රෝහ­ලට ඇතු­ළ­ත්කොට ඊසීජී ඇතුළු පරී­ක්ෂණ ද සිදු­ක­ර­මින් ඔහුට අස­නීප තත්ත්ව­යක් නොමැති බව තහ­වුරු කර­ගැ­නිණි.

එලෙස අස­නීප තත්ත්ව­යක් පා කරා­පි­ටිය රෝහ­ලට ඇතු­ළු­වී­මට කංජි­පාන තැත් කළේ කිසි­යම් සැලැ­සු­මක් සඳහා වන්නට ඇති බවට සැක­යක් පහළ වූ බව බන්ධ­නා­ගාර ප්‍රධා­නි­යෙක් කීවේය.

එම නිසා කංජි­පාන ගාල්ල නාවික හමුදා රෝහලේ සිට නැව­තත් අධි ආර­ක්ෂිත බන්ධ­නා­ගා­ර­යක් වන බූස්ස බන්ධ­නා­ගා­ර­යට ඇතුළු කිරී­මේදී ගුද මාර්ගයේ හෝ කිසි­වක් සඟ­වා­ගෙන ආවාද යන්න පරී­ක්ෂා­වට ඔහුට ඉඳි­ආප්ප ආහා­ර­යට දී ශරීර කෘත්‍ය­යද කරවා විශේෂ සිර කුටි­ව­ලට ඇතුළු කිරී­මට බල­ධා­රිහු පිය­වර ගත්හ.

අන­තු­රුව ඔහු නැව­තත් වර්ජ­න­යට එක්වූ­වත් බන්ධ­නා­ගාර බල­ධා­රින් කිසිදු ඉල්ලී­ම­කට කන් නොදු­න්නේය. එසේ හෙයින් 36 දෙනෙක් පමණ එක්ව සිදු­කළ වර්ජ­නය අව­සන් වූයේ පසු­ගිය 14 වැනිදා දහ­වල් සියලු දෙනා ආහාර ගත් නිසා­වෙනි.

මේ පිළි­බ­ඳව බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජෙන­රාල් තුෂාර උපු­ල්දෙ­ණිය පව­සන්නෙ ඔවු­නගේ වර්ජ­න­යට එරෙ­හිව දැඩිව විනය නීති ක්‍රියා­මාර්ග ගන්නා බවත්, දරු­වන් මුණ­ගැ­ස්වී­මට කළ ඉල්ලීම පම­ණක් සලකා බලන බවයි.

මෙකී වර්ජ­නය පිළි­බ­ඳව ආර­ක්ෂක ලේකම් කමල් ගුණ­රත්න ද බන්ධ­නා­ගාර රැඳ­වි­යන්ට අවැසි ඉඩ පහ­සු­කම් වැඩි කිරී­මට බෝග­ම්බර බන්ධ­නා­ගා­රයේ කොට­සක් නැව­තත් ලබා ගැනීම පිළි­බ­ඳව සොයා බැලී­මට ගිය මොහො­තේදී බූස්ස රැඳ­වි­යන්ගේ වර්ජ­නය ගැන කීවේ මෙවැ­න්නකි.

කංජිපානි ඉම්රාන්

“ඒ රැඳ­වි­යන්ගේ ඉල්ලීම් අසා­ධා­රණ ඉල්ලීම්... ආර­ක්ෂක ලේකම් ලෙස මාව ගියත් අද වන විට බූස්ස බන්ධ­නා­ගා­රයෙ සිටින පොලිස් විශේෂ කාර්ය බළකා නිල­ධා­රින්ගේ පරී­ක්ෂා­වට ලක් වෙනවා. ඒ නිසා අප­රා­ධ­කා­ර­යන් වෙනු­වෙන් පෙනී සිටින නීති­ඥ­ව­රුන් පරීක්ෂා නොකර සිටී­මට කිසිදු හේතු­වක් නෑ. උප­වා­සය දින හත­රයි කළේ. බඩ­ගින්න උත්සන්න වූ සැණින් නැගිට ආහාර ගත්තා. අපේ රටේ උප­වා­ස­යක් සිදු­කොට මිය­ගිය එකම කෙනා තිලී­පන් පම­ණයි. (ප්‍රභා­ක­රන්ගේ සමී­ප­තම මිත්‍ර යෙක් වූ තිලී­පන් 1987 වස­රේදී යාප­නය නල්ලුර් කෝවිල අසල ආරම්භ කළ උප­වා­ස­යෙන් මර­ණ­යට පත් විය.)

සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­කා­ර­යන් හෙවත් පාතාල අප­රා­ධ­ක­රු­වන් ඇතුළු ප්‍රබල ගණයේ මත් ජාවා­ර­ම්ක­රු­වන් වන කංජි­පාන, වෙලේ සුදා වැන්නන් එක්ව බන්ධ­නා­ගා­රය තුළ වර්ජන සිදු­ක­ළත් ඔවුහු නයි-මුගටි මෙන් තර­හ­කා­ර­යන්ය.

මාක­ඳුරේ මධුෂ් සමඟ කංජි­පාන ඇතුළු කණ්ඩා­යම ඩුබායි පොලි­සි­යට කොටු­කර දීමේ සැලැස්මේ ප්‍රධා­නියා ද වන්නෙ වෙලේ සුදාය. ඒ, මධුෂ් විසින් වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය කලාපය වූ දෙහි­වල සිට ගාල්ල හම්බ­න්තොට දක්වා ප්‍රදේ­ශයේ හෙරො­යින් ජාවා­රම අත්ප­ත්කර ගැනී­මට තැත් කිරී­මත් සමඟ වූ බද්ධ වෛරය නිසායි. ඒ, හේතු­වෙන් මධුෂ් සැලැ­සු­ම්කර ඇත්තෙ වෙලේ සුදා ද කළු­තර, එත­න­ම­ඩ­ලදී බන්ධ­නා­ගාර බස්ර­ථ­යට පහර දී සමයං ඝාත­නය කළා සේ වෙලේ සුදා ද ඝාත­නය කිරී­ම­ටයි. එහෙත් මධුෂ්ට පෙර වෙලේ සුදා ක්‍රියා­ත්මක විණි.

කෙසේ හෝ වත්මන් රජය සහ බන්ධ­නා­ගාර පාල­නා­ධි­කා­රිය සිර­ක­රු­වන් ද මනු­ෂ්‍ය­යන් බව පසක් කර­මින් ඔවු­නට අවැසි පහ­සු­කම් සැලැ­සී­මට උත්සාහ ගනිද්දී ප්‍රබල ගණයේ අප­රා­ධ­කාර රැඳ­වි­යන් මාන බලන්නෙ කෙසේ හෝ බන්ධ­නා­ගාර පාල­ක­යන් බිය ගන්වා දූෂිත බන්ධ­නා­ගාර නිල­ධා­රින් හා එක්ව දුර­ක­ථන ඔස්සේ රට තුළ අප­රාධ සහ මත් ජාවා­රම් ප්‍රච­ලිත කිරී­ම­ටයි.

ඊට පොඩි ලැසි, තාරක, කැවුමා වැන්නන් මීට පෙරද උත්සාහ කළේ බන්ධ­නා­ගාර නිල­ධා­රින්ට මරණ තර්ජන ද එල්ල කර­මිනි. එම නිසා ඒ කිසි­ව­කට යටත් නොවී වත්මන් බන්ධ­නා­ගාර පාල­නා­ධි­කා­රිය ගෙන යන සාර්ථක වැඩ­පි­ළි­වෙළ පිළි­බ­ඳව අපගේ පැස­සුම් ද එක් කර­න්නෙමු.

 

Comments