කප්ප­ම්කා­ර­යන්ගේ සහ මනුෂ්‍ය ඝාත­ක­යන්ගේ ළතෝ­නිය | Page 2 | සිළුමිණ

කප්ප­ම්කා­ර­යන්ගේ සහ මනුෂ්‍ය ඝාත­ක­යන්ගේ ළතෝ­නිය

ර්ත­මා­නයේ වෙසෙන බොහෝ දෙනා ශරීර හොරුන්ය. ඔවුහු ඇඟ­පත වෙහෙසා වැඩක් පලක් කර යමක් උපයා ගැනී­මට කිසිම කැමැ­ත්තක් නොද­ක්වති. එහෙත් එවැනි රැකියා ඇත්තේ ඉතා­මත් සුළු සංඛ්‍යා­වක් නිසා එකී ශරීර හොරුන් දැන් අලුත්ම පන්නයේ ආදා­යම් මාර්ග­යක් සොයා ගෙන තිබේ.

එනම් කප්පම් ගැනී­මය. එහිදී සිදු කෙරෙන්නේ යම­කුට තර්ජ­නය කර ඔහු තුළ මරණ බිය උප­දවා තමන්ට අවශ්‍ය මිල මුදල් හෝ වෙනත් වටිනා යමක් ලබා ගැනීම ය. බොහෝ විට එය අදෘ­ශ්‍ය­මා­නව සිදු කෙරේ. යම් කප්ප­මක් ලබා ගැනීම සඳහා අදාළ පුද්ග­ල­යාට තර්ජ­නය කිරීම පම­ණක් නොව එමඟින් ඉල්ලා සිටින මුදල පවා ලබා ගන්නේ ඉතා­මත් රහ­සි­ග­ත­වය.

කෙසේ වෙතත් යම­කු­ගෙන් කප්පම් ඉල්ලීම පම­ණක් නොව එලෙස කප්පම් දීම ද මෙරට පව­තින නීති­යට අනුව දඬු­වම් ලැබිය හැකි වර­දකි. කප්පම් ගැනීම වර්ත­මාන නීති­යට අනුව බල­වත් වර­දක් වුවද කප්පම් ගැනීම නතර කිරී­මට රටේ නීති­යට නොහැ­කිවී තිබේ. මේ තත්ත්වය වඩාත් බර­ප­තළ වී ඇත්තේ නීතිය ආරක්ෂා කිරී­මට සිටින ඇතැම් නිල­ධා­රින් ද කප්පම් ගැනී­මට පෙලඹී ඇති බැවිනි. එහෙත් ඒ හැම දෙනෙ­කු­ටම නොවේ. ඉතා­මත් ගෞර­ව­නීය සහ අප­ක්ෂ­පාතී ලෙස තම රාජ­කා­රිය ඉටු කරන නිල­ධා­රිහු ද අප අතර සිටිති.

කප්පම් ගැනීම අද කොත­රම් උග්‍ර තත්ත්ව­ය­කට පත්වී ඇත්දැයි කිව­හොත් මහ මඟ දුවන පෞද්ග­ලික බස්රථ වලින් මස­කට රුපි­යල් කෝටි විස්සක් අත­ර­මග සිටින කප්පම් කරු­වන් විසින් ලබා ගන්නා බව මාධ්‍ය වාර්තා මගින් අස­න්නට ලැබු­ණේය. එම මුදල් මෙලෙස පැහැ­ර­ගනු ලබන්නේ නිල සහ නිල නොවන කප්පම් කරු­වන් විසිනි. මෙහිදී නිල කප්පම් කරු­වන් ලෙස ගැනෙන්නේ මහ­මග සිටින මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කා­රියේ ඇතැම් නිල­ධා­රීන්ය. මාර්ග පරී­ක්ෂක නිල­ධා­රීන් සහ වේලා සට­හ­න්ක­රු­වන් වු මෙම පිරි­සට ඔවුන් විසින් ඉල්ලා සිටින කප්පම් මුදල නොදු­න­හොත් සිදු­විය හැකි අනර්ථ සුළු­පටු නොවන බව බස් සේව­ක­යන්ගේ පිළි­ගැ­නී­මයි. ඒ එක් කොට­සක් පමණී.

එම නිල කප්පම් කරු­වන්ට අම­ත­රව නිල නොවන කප්පම් කරු­වන්ට ද දින­පතා කප්පම් ගෙවී­මට බස් සේව­ක­යන්ට සිදුවී තිබේ. ඔවුන් ඉල්ලා සිටින මුදල දීමට අදි­මදි කරන බස් සේව­ක­යන්ට සිදුවී ඇත්තේ අම්බා­නක ගුටි කෑමට ය. නැත­හොත් කට කැපී යන පරිදි දැළි පිහි පාරක් කෑම­ටය.

එලෙස බස් සේව­ක­ය­න්ගෙන් කප්පම් ගත් තවත් පිරි­සක් වන්නේ පොලි­සියේ මහ­ත්ව­රුන්ය. කෙසේ වෙතත් පොලි­සියේ මහ­ත්ව­රුන්ගේ කප්පම් ගැනීම දැන් තර­මක් අඩුවී තිබේ.

මේ අතර ඉකුත් සතියේ දී තවත් අලුත්ම මාදි­ලියේ කප්පම් ගැනි­ල්ලක් ගැන අස­න්නට ලැබිණි. වාහ­න­යක් කුලි­යට ගැනීමේ මුවා­වෙන් සිදු කෙරුණු එම කප්පම් සිද්ධියේ මහ මොළ­කරු වූයේ සැප වාහන වලින් ගමන් බිමන් යන ඊනියා මහ­ත්ම­යෙකි. වාහ­නයේ හිමි­කරු කල්තියා පොලී­සි­යට ඔත්තු දීම නිසා කප්පම් කාර­යන් රොත්ත පිටින්ම පොලී­සි­යට කොටුවී තිබු­ණේය.

මෙතෙක් සිදුවී ඇති අන්ද­මට එම කප්ප­ම්ක­රු­වන් ද ටික දිනක් රිමාන්ඩ් භාරයේ පසුවී ඇප පිට එළි­යට පැමිණ යළිත් සිදු­ක­රනු ලබන්නේ ද එවැ­නිම මගෝ­ඩි­කම් බවට සැක නැත. දැනට අධි­ක­ර­ණය හමුවේ පව­තින නඩු විස­ඳීමේ ප්‍රමා­දය නිසා මෙම මෙවැනි චූදි­ත­යන් යළි යළිත් පෙර වැර­දිම සිදු කිරී­මට පෙලඹී සිටින බව කන­ගා­ටු­වෙන් වුවද කිව යුතුය.

එවැනි කප්ප­ම්ක­රු­වන් ඇතුළු විවිධ හොර මැර­කම් සිදු කරන මැර­යන් ගැන වත්මන් ආණ්ඩුවේ ප්‍රබ­ල­යන් ද නොදැන සිටි­නවා විය නොහැ­කිය. කෙසේ වෙතත් මේ දින­වල රජයේ බල­ධා­රින්ගේ වැඩි අව­ධා­න­යක් යොමුවී ඇත්තේ මත්කුඩු උව­දුර ඇතුළු පාතා­ල­යට සම්බන්ධ මැර­යන් සහ මැර කල්ලි මර්ද­නය කිරීම ගැන නිසා ඒ සද­හාත් පොලී­සිය ඇතුළු ආර­ක්ෂක බල­ධා­රින්ට ඉඩ ප්‍රස්ථා­වක් ලබා­දිය යුතුය. අප එසේ කියන්නේ සීඝ්‍ර­යෙන් ලෝකය පුරා පැති­රෙ­මින් තිබෙන මත්කුඩු උව­දුර නිසා රටේ තරුණ පෙළ වද­පීදී යාමට ඉඩ ඇති බව සක් සුදක් සේ පෙනී­යන බැවිනි. එහෙ­යින් මත්කුඩු උව­දුර සහ පාතා­ලය මර්ද­නය කිරී­මට ආර­ක්ෂක අංශ දක්වා උන­න්දු­වට අපේ ආචා­රය හිමි විය යුතුය. ඒ ගැන කතා දෙකක් නැත.

එසේම ආර­ක්ෂක බල­ධා­රින් ඉන් අන­තු­රුව ප්‍රමු­ඛ­ත්වය දිය යුත්තේ රට­පුරා වෙසෙන මෙවැනි කප්ප­ම්ක­රු­වන් හසු­කර ගැනීම පිණිස ය. නැත­හොත් අපේ රට කප්ප­ම්ක­රු­වන්ගේ පාරා­දී­ස­යක් බවට පත්වී­මට ඉඩ තිබේ.

මෙරට ආර­ක්ෂක ලේකම් සහ විශ්‍රා­මික මේජර් ජෙන­රාල් කමල් ගුණ­රත්න ඉකුත් දා අපූරු කතා­වක් කීවේය. එනම් කඩු­වෙ­ලට නොදු­රින් පිහිටි එක්තරා සති පොළක ගොටු­කොළ විකු­ණන වය­සක අම්මා කෙනකු ගෙන් එක්තරා කප්ප­ම්ක­රු­වකු මස­කට රුපි­යල් 5000 ක කප්පම් මුද­ලක් ලබා ගන්නා බවයි. කප්ප­ම්ක­රු­වන් තුළ ඇති ක්‍රෑර බවත් අනු­කම්පා විර­හිත ස්වභා­වය නිසා ඔවුන් එසේ කර­නවා විය හැකිය. ඒ ඔවුන්ට සිතා බැලී­මට තරම් මොළ­යක් නැති බැවිනි. නැත­හොත් ඔවුන් මොළය මත වාඩිවී සිටින බැවිනි.

අනෙක් අතට කප්පම් ගැනී­මට පුරුදු වූ පුද්ග­ලයා තමන්ගේ මෑණි­යන් හෝ පියා­ගෙන් වුවද කප්පම් ගනී. ඒ ඔහු තමන් ගැන විනා අනුන්ගේ යහ­පත ගැන බිද­ක්වත් නොසි­තන නිසාය. මේ අතර මැර­යන් විසින් තමන් පැහැ­ර­ගෙන ඇතැයි පියාට දුර­ක­තන ඇම­තු­මක් දුන් එක්තරා කොලු තාත්තෙකු තම පියා­ගෙන් කප්පම් ගැනී­මට තැත් කළ සිද්ධි­යක් ගැන ද කල­කට ඉහ­තදී අස­න්නට ලැබු­ණේය. තවත් අව­ස්ථා­ව­කදී මෙවැනි ක්‍රියා­වක් සිදු­කර තිබුණේ ළාබාල සුරූපී තරු­ණි­යකි. ඇයගේ අව­ශ්‍ය­තා­වය වී තිබුණේ තම පෙම්වතා සමග විනෝද වීම සදහා මව­ගෙන් මුදල් ලබා ගැනී­මය.අන්තිමේ දී පෙම් යුවළ පොලී­සි­යට කොටු­වූහ. තමන් දැඩි­ලෙස ඇබ්බැහි වී සිටින කුඩු ගැසීම සදහා ද ඇතැම් තරුණ පිරිස් මෙලෙස කප්පම් ගැනී­මට පෙලඹී සිටිති. මීට වසර තිස් පහ­කට හෝ හත­ළි­හ­කට පමණ ඉහත දී මතු­ගම ප්‍රදේ­ශයේ විසූ සමන් කුමාර නැමැති කුඩා පාසල් සිසු­වකු මැර­යන් කීප දෙනෙකු විසින් රවටා ගෙන ගොස් අමා­නු­ෂික ලෙස ඝාත­නය කර තිබු­ණේය. අන­තු­රුව දී ලොකු කප්පම් මුද­ලක් ඉල්ලා සිටී­මය. තම පුත්‍රයා කෙරෙහි තිබූ ආද­රය සහ සෙනෙ­හස නිසා දෙමා­පි­යන් එම කප්පම ලබා දුන්න ද අව­සා­නයේ ඔවුන්ට සොයා ගත හැකි­වූයේ අමා­නු­ෂික ලෙස ඝාත­නය කර තිබූ තම පුත්‍ර­යාගේ මළ සිරු­රය. අන්තිමේ දී බල­න­විට එ් අමා­නු­ෂික ඝාත­න­යට සහ කප්පම් ඉල්ලී­මට මුල්වී තිබුණේ පවුලේ හිත­ව­තෙකි. සිසුවා සෙවී­මට ද ඔහු බොහෝ සෙයින් වෙහෙසී තිබු­ණේය.

එකල අද මෙන් මත් කුඩු උව­දු­රක් නොති­බිණි. එහෙ­යින් සමන් කුමාර සිද්ධි­යට මුල් වන්නට ඇත්තේ පෞද්ග­ලික එදි­රි­වා­දි­ක­මක් හෝ මුදල් අව­ශ්‍ය­තා­වක් විය හැකිය. නැත­හොත් එම හේතු සාධක දෙකම විය හැකිය.

එදා එම චූදි­ත­යන් අත්අ­ඩං­ගු­වට ගත් පොලී­සිය ඔවුන්ට එරෙ­හිව අධි­ක­ර­ණය හමුවේ නඩු පවරා තිබු­ණේය. එහිදී එම චූදි­ත­යන්ට ලැබුණු දඩු­වම කුම­ක්දැයි මට අම­ත­කය. එකල මරණ දඩු­වම ක්‍රියා­ත්මක නොකෙ­රුණි. එහෙ­යින් මේ වන විට ඔවුන් යළි සමා­ජ­ග­තව සිටිය ද තමන් විසින් සිදු කළ ඒ සහ­ග­හන අප­රා­ධය මත­ක­යට නැගෙන මොහො­තක් පාසා අද­ටත් ඔවුන් මැරි මැරී ඉප­දෙ­නවා විය හැකිය. ඒ අනුව කිව හැක්කේ කප්පම් ගැනීම සඳහා මනුෂ්‍ය ඝාතන සිදු කරන පාප­කාරී පුද්ග­ල­යන් නීතියේ හිඩැස් වලින් බේරී ගිය ද ස්වභාව ධර්මයේ දඩු­ව­මට යට­ත්වී­මට ඔවුන්ට කෙදි­නක හෝ සිදු­වන බවය.

Comments