කංසා තහනම පය බර­වා­යට පිටි­කර බෙහෙත් බැඳී­මක්ද? | සිළුමිණ

කංසා තහනම පය බර­වා­යට පිටි­කර බෙහෙත් බැඳී­මක්ද?

බෙංග­මුවේ නාලක හිමි­යන් විසින් පසු­ගි­යදා රාජ්‍ය අමාත්‍ය සිසිර ජය­කොඩි මහ­තා­ගෙන් කරන ලද ඉල්ලී­ම­කට අනුව ‘කංසා’ නීති­ගත කිරීම පිළි­බඳ කතාව නැව­තත් කර­ළි­යට ආවේය. මීට ප්‍රථ­මද ඒ පිළි­බ­ඳව කති­කා­වන් ඇති වුවද මෙත­රම් ධනා­ත්මක මැදි­හත් වීමක් දක්නට නොලැ­බුණි. පක්ෂ විපක්ෂ බොහෝ දෙනා ඒ පිළි­බඳ අද­හස් දක්ව­න්නට වූයෙන් ඒ පිළි­බඳ කිසි­යම් අධ්‍ය­ය­න­යක් කිරීම කා‍ලෝචිත යැයි අද­හස් කළෙමු.

මෙරටේ ‘කංසා’ භාවි­තය ආරම්භ වූයේ කවර කලක ද යන්න නිෂ්චි­තව කිව නොහැකි නමුත් එය ඖෂ­ධ­යක් ලෙස භාවි­ත­යට ගත් බවට කිසි­යම් ඉඟි­යක් ලැබේ. මෙරට වෛද්‍ය සාහි­ත්‍යය දෙස අව­ධා­නය යොමු කිරී­මේදී ලංකා­ධි­පති ශ්‍රී රාව­ණ­යන් ගේ කෘති ලෙස සැල­කෙන අර්ක ප්‍රකා­ශය, කුමාර තන්ත්‍රය, උඩ්ඩීස තන්ත්‍රය, දඹ­දෙනි යුග­යට අයත් පූජා­ව­ලිය කර්තෘ මයු­ර­පාද ස්වාමී­න්ද්‍ර­යන් වහ­න්සේගේ යෝගා­ර්ණ­වය, ප්‍රයෝ­ග­ර­ත්නා­ව­ලිය, පඥච මූල පරි­වේ­ණා­ධි­ප­තීන් වහන්සේ ගේ භේසජ්ජ මංජු­සාව, මෝර­ග­ම්මන හිමි­පා­ණන්ගේ සිංහල යෝග­ර­ත්නා­ක­රය, යෝග­පි­ට­කය, අඥාත කර්තෘක අලි වෙද පොත, අඥාත කර්තෘක වෛද්‍ය චින්තා­ම­නීය, ශ්‍රී රත්න­සේ­ක­ර­යන් විසින් ලියන ලද චිකිත්සා පොත, මිදෙ­ල්ලව කෝරා­ළ­යන්ගේ රජ­ගෙයි ඇස් වෙද පොත, අඥාත කර්තෘක කැඩුම් බිඳුම් වෙද පොත, අඥාත කර්තෘක වර­යෝග සිතු­මිණ, ශ්‍රී වීර පරා­ක්‍රම නරේ­න්ද්‍ර­සිංහ රජ­තු­මාගේ රාජ වෛද්‍ය­ව­ර­යාගේ වෛද්‍ය චින්තා­ම­නීය, වැලි­විට ශ්‍රී අස­රණ සරණ සස­ර­ණං­කර සංඝ­රාජ හිමි­පා­ණන්ගේ භේසජ්ජ මංජුසා සන්නය ඇතුළු දේශීය වෛද්‍ය ග්‍රන්ථ රාශි­යක් තුළින් කංසා හා මෙරට වෙද­කම අතර වූ සම්බ­න්ධය මනාව පැහැ­දිලි වේ.

කංසා නැති­නම් ගංජා පාවි­ච්චිය මෙරට තහ­නම් කරනු ලැබූයේ ඉංග්‍රීසි පාලන යුග­යේදී ය. දුම්කොළ වගාව හා දුම්පා­නය ප්‍රච­ලිත කිරීම සඳහා එසේ කළ බව නොර­හ­සකි. එසේ ම ශරී­ර­යට ගුණ­දායි තෙලි­ජජ හා රා වෙනු­වට මත්ව­තු­රද මෙර­ටට හඳුන්වා දී ඒවා නීති­ගත පාන­යන් බවට පත් කළේද ඔවුන් විසිනි. බට­හිර තාක්ෂ­ණික සමා­ජය සහ බට­හිර වෙද­කම අතර ඇති සම්බ­න්ධය ජීව­මය වූ එකකි. මෙම සම්බ­න්ධය නිසා පාරි­භෝ­ගික වූ බහු­ජා­තික වෙළෙඳ ආධි­ප­ත්‍ය­යට අනු­බල දෙන ආකා­ර­යෙන් බට­හිර වෙද­කම ජාත්‍ය­න්තර දේශ­පා­ලන ක්ෂේත්‍ර­යට ඇතුළු වී ඇත. අද ලොව ප්‍රබ­ල­තම ධන උල්ප­තක් බවට පත්ව ඇත්තේ ඖෂධ වෙළෙ­ඳා­මය. ඉනුත් ස්වභා­වික ඖෂධ වර්ග සඳහා ඉතා ඉහළ ඉල්ලු­මක් පවතී. එනිසා බට­හිර වෙද­කම හදාළ අය විසින් කංසා පිළි­බඳ නඟන විරෝ­ධය එකී ඖෂධ හා බැඳුණු බට­හිර දේශ­පා­ල­නය සංකේ­තා­ම­කව දක්ව­න්නකි.

ලෙස්ටර් ග්‍රීන්ස්පූන් සඳ­හන් කරන ආකා­ර­යට මිනිසා විසින් කංසා භාවිත කිරීම පිළි­බඳ මුල්ම වාර්තාව හමු වන්නේ ක්‍රිස්තු පූර්ව 2737දී ෂෙන් නූං නම් ශාඛ ඖෂධ අධි­රා­ජ­යාගේ ඖෂධ සංග්‍ර­හ­ය­කය. කංසා යන්න ඈත අතී­ත­යේදී පවා සමා­ජය තුළ මත­භේ­ද­යන්ට පාත්‍ර වූවකි. කංසා පැළ­යෙන් අපා­යට යන මග සදන බව සම­හරු කියා සිටි අතර, සම­හරු කීවේ එයින් සුර ලොව යන මග සල­සන බවය. මත්ද්‍ර­ව්‍ය­යක් වශ­යෙන් එය භාවි­තය චීනයේ සිට ඉන්දි­යා­වට පැතිර ගිය අතර, පසුව දකුණු අප්‍රි­කා­ව­ටද ගොස් තිබේ. ක්‍රිස්තු වර්ෂ 1800දී පමණ ඊජි­ප්තුවේ සටන් කර ආපසු පැමි­ණෙ­මින් සිටි නැපෝ­ලි­යන්ගේ හමු­දාවේ යුද භට­යන් මගින් යුරෝ­පය කරා පැතිර ගිය බව ඇතැ­මුන්ගේ විශ්වා­ස­යයි. යුරෝ­පය සහ ආසි­යාව පුරා මධ්‍ය නිරක්ෂ ප්‍රදේ­ශ­වල සිටි ජනයා මුල් ඉන්දු- යුරෝ­පී­ය­යන් ද ක්‍රි.පූ.5000 සිට කංසා ගැන දැන සිටි අතර ඒවා භාවිත කළහ.

1897 මැයි 15 වැනිදා මානව විද්‍යාව, මානව වංශ ශාස්ත්‍රය සහ ප්‍රාග් ඉති­හා­සය පිළි­බඳ බර්ලීන් සංග­මයේ සැසි වාර­ය­කදී ජර්මන් පුරා­වි­ද්‍යාඥ හර්මන් බුසේ විසින් තම සොයා­ගැ­නීම් ඉදි­රි­පත් කර­මින් කියා සිටියේ ජාත්‍ය­න්තර වශ­යෙන් කංසා පැතිර තිබී­මත් සමා­ජය උස් පහත් කොටස් මඟින් ඒවා භාවිත කර තිබී­මත් ගැන ඉතා පැරණි කල සිට බහු­ලව වාර්තා වී ඇති බවය. ජෝර්ජ වොෂි­න්ටන්ගේ දින පොත්වල තබා ඇති සට­හ­න්ව­ලින් පැහැ­දිලි වන්නේ කංසා වවන සංකීර්ණ ක්‍රමය හොඳින් හදාරා ඔහු විසින් කංසා වගා කිරී­මට පිය­වර ගත් බවයි. ඇම­රි­කාවේ සිටි ජනා­ධි­ප­ති­ව­ර­යකු වූ බිල් ක්ලින්ටන්ද තමා විසින් කංසා දුම් බී ඇති බව පිළි­ග­ත්තේය. 1883 වන­තුරු කැන­බිස් සැටීවා cannabis sativa හෙවත් කංසා ලොව වගා කළ විශා­ල­තම කෘෂි­කා­ර්මික බෝගය විය.

2016 වසරේ THINKSTOCK සමු­ළුව සංවි­ධා­නය කරන කැනා­ටෙක් සංවි­ධා­නය පවසා සිටියේ ගංජා වගාව වර්ත­මා­නයේ ලොව වේග­යෙන් ම වර්ධ­නය වන කෘෂි ආර්ථික වගාව බවයි. වෛද්‍ය විද්‍යාව වෙනු­වෙන් කංසා දැනට වඩා භාවිත කිරීමේ හැකි­යාව පිළි­බ­ඳව සාකච්ඡා කිරීම පිණිස විශේ­ෂ­ඥයෝ පිරි­සක් ඊශ්‍රා­ය­ලයේ ටෙල් අවීව් නුව­රට රැස් විය. ඒ අනුව වෛද්‍ය විද්‍යාව වෙනු­වෙන් ගංජා ශාකය යොදා ගැනීම ඩොලර් කෝටි ගණ­නක ගෝලීය ව්‍යාපා­ර­යක් බවට පත්වෙ­මින් ඇත. ආයෝ­ජ­ක­යන්, අව­සර ලත් කංසා වගා­ක­රු­වන් සහ වෛද්‍ය විද්‍යාව වෙනු­වෙන් බෙදා­හ­රි­න්නන් එම සමු­ළු­වට එක්වීම විශේ­ෂ­ත්ව­යකි. ඇමෙ­රි­කාවේ ප්‍රාන්ත ගණ­නා­වක මෙන්ම ලොව පුරා රට­වල් ගණ­නා­වක ද වෛද්‍ය විද්‍යාව වෙනු­වෙන් කංසා වගාව නීති­ගත කිරී­මෙන් අන­තු­රුව ව්‍යාපා­රයේ ශීඝ්‍ර වර්ධ­න­යක් පෙන්නුම් කරන බව නිව්යෝක් ටයිම්ස් වැනි ජාත්‍ය­න්තර මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රා­ය­ලය නීත්‍යා­නු­කූල ගංජා වගාව පුළුල්ව ක්‍රියා­ත්මක කරන රට වන අතර කංසා වගාවේ නව ප්‍රව­ණතා පිළි­බඳ පර්යේ­ෂ­ණ­ව­ල­ටද ඔවුන්ට ප්‍රමු­ඛ­ත්ව­යක් හිමිව ඇත. 2017 වස­රේදී නෙද­ර්ලන්ත පාර්ලි­මේ­න්තුව ගංජා වගා කිරීම සඳහා අව­සර ලබා දීමේ යෝජ­නා­වක් අනු­මත කළේය. ඒ ගංජා සඳහා නෙද­ර්ල­න්තය දීර්ඝ කාල­යක් තිස්සේ දැක්වූ ලිහිල් ප්‍රති­ප­ත්ති­යට නීති­මය පසු­බි­මක් අවශ්‍ය වූ නිසාය. මෙගින් ‘ගංජා කර්මා­න්තය’ නෙද­ර්ල­න්තයේ ප්‍රධාන ආර්ථික ප්‍රවා­හ­යට එක්වනු ඇති බව ඔවුන් පව­සයි.නෙද­ර්ල­න්තයේ නීති සංග්‍ර­හ­යට අනුව ගංජා තහ­නම් මත්ද්‍ර­ව්‍ය­යක් වන නමුත් එරට අව­න්හල් තුළ ගංජා අලෙ­විය ප්‍රසි­ද්ධියේ සිදුවේ. ඇමෙ­රි­කාවේ නෙවාඩා පාලන අධි­කා­රිය බලා­පො­රොත්තු වූ ප්‍රමා­ණ­යට වඩා අති විශාල ඉල්ලු­ම­කට ගංජා කර්මා­න්තය මුහුණ දී ඇතැයි නෙවාඩා ආදා­යම් බදු දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රකා­ශිකා ස්ටෙෆනි ක්ලැප්ස්ටීන් පසු ජූලි 01වැනිදා පැවසූ බව ‘රෙනෝ ගැසට්’ සඟ­රාව සඳ­හන් කරයි. ගංජා අලෙ­විය නීති­ගත කිරී­මෙන් අන­තු­රුව නෙවාඩා ඖෂධ ශාලා සංග­මය ඇස්ත­මේන්තු කර තිබුණ ආකා­ර­යට පළමු දින හතර ඇතු­ළත ඩොලර් මිලි­යන 3ක අලෙ­වි­යක් සහ ඩොලර් මිලි­ය­න­යක බදු ආදා­ය­මක් උපයා තිබුණි. ඇම­රි­කාවේ තවත් ප්‍රාන්ත කිහි­ප­යක ම ගංජා අලෙ­විය නීති­ගත කර ඇති අතර නෙවාඩා ප්‍රාන්තය එම තීර­ණ­යට එළැ­ඹියේ පසු­ගිය නොවැ­ම්බර් මාස­යේදී ය. නමුත් එය ක්‍රියා­වට නැංවූයේ පසු­ගිය ජූලි මස පළ­මු­වැ­නිදා ය. එසේ වුවත් වසර 2001 සිට ඇම­රි­කාවේ ඖෂ­ධ­යක් වශ­යෙන් ගංජා භාවි­ත­යට අව­සර ලබාදී තිබුණි. 2018 ජූලි මාසයේ සිට නිවෙ­ස්වල ගංජා වගා කිරී­මට උරු­ගුවේ රාජ්‍යය අව­සර දීමත් සමඟ, එම වගා­වන් ඍජු­වම ඖෂධ අලෙ­වි ­සැල් වෙත ලබාදී තම ආර්ථි­කය ශක්ති­මත් කර ගැනී­මට එරට වැසි­යන්ට අව­ස්ථාව හිමිව ඇත. මීට අම­ත­රව නිවෙ­ස්වල ගංජා වැවී­මට හෝ ගංජා වගා කිරීමේ නියුතු පිරි­සට සමූ­ප­කාර සමාජ හා සම්බන්ධ වීමේ හැකි­යා­වද නීතිය මඟින් ඉඩ ප්‍රස්ථාව විවර කර දී ඇත. 2016 වසරේ පටන් ඔස්ට්‍රේ­ලි­යාව ඖෂ­ධ­යක් මට්ට­මින් ගංජා පාවි­ච්චිය නීති­ගත කර ලැබ තිබූ අතර, 2018 වසරේ සිට කැන­ඩාව සහ නෙද­ර්ල­න්තය අනුව යමින් දේශීය වෙළෙ­ඳ­පො­ළෙන් ඔබ්බට ගොස් ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පො­ළට ගංජා විකි­ණීමේ පරි­ස­රය නිර්මා­ණය කර ගැනී­මට කට­යුතු කළේය. මෙම ක්‍රියා­මා­ර්ග­යෙන් විදේ­ශි­ක­යන්ට පම­ණක් නොව දේශීය රෝගී­න්ටත් ඵල­දායී වනු ඇතැයි ඔස්ට්‍රේ­ලි­යානු සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් පවසා තිබුණි.

කංසා කෙඳි ලනු, රෙදි, පහන් දල්වන තෙල් සහ ඖෂධ සඳහා මෙන්ම කඩ­දාසි සඳ­හාද භාවිත කරයි. නාවුක ගමන් මාර්ග සිති­යම් සහ බයි­බල් මෙන්ම ටොම් පේන්ගේ Common Sense, Huckleberry Finn, Alice in Wonderland වැනි ග්‍රන්ථ ද ඇම­රි­කානු නිද­හස් ප්‍රකා­ශ­නය මුල් පිට­පත් කිහි­ප­යක් ම මුද්‍ර­ණය කරන ඇත්තේ කංසා පැළ­යෙන් තනන ලද කඩ­දා­සි­ව­ලින්ය. කංසා වගාව සඳහා පොහොර සහ කෘමි­නා­ශක අවශ්‍ය නොවේ. අද ලොව කඩ­දාසි කර්මා­න්තය විශාල ගැට­ලු­ව­කට මුහුණ පා ඇත්තේ ඊට අවශ්‍ය ශාක ලබා­ගැ­නී­මට වනා­න්තර කැපී­මට සිදු වීම නිසාය. ගස් අක්ක­ර­ය­කින් සකස් කර­ගන්නා කඩ­දාසි ප්‍රමා­ණය මෙන් හතර ගුණ­යක් කඩ­දාසි කංසා අක්ක­ර­ය­කින් නිෂ්පා­ද­නය කර­ගත හැකි ය.

ලෙස්ටර් ග්‍රීන්ස්පූන් සඳ­හන් කරන පරිදි කෙඳි ලබා ගැනීම සඳහා මූල­ද්‍ර­ව්‍ය­යක්, ආග­මික උත්ස­ව­ව­ලට අවශ්‍ය උත්තේ­ජ­ක­යක් සහ රෝග­ව­ලට ඖෂ­ධ­යක් වශ­යෙන් විශේ­ෂ­යෙන්ම ඉන්දි­යාවේ කැන­බිස් සටීවා (cannabis sativa) භාවි­ත­යට සම්බන්ධ දීර්ඝ ඉති­හා­ස­යක් ඇත. කැස්ස, තෙහෙ­ට්ටුව, වාතා­බාධ ඇදුම ඔල්මා­දය, මිග්‍රේන් හිස­ර­දය සහ වේද­නා­ශීලී ඔසප් වීම් වැනි විවිධ පීඩා­වන් සහ අප­හ­සු­කම් සඳහා මෙම ඖෂ­ධය ඉතා බහුල වශ­යෙන් 19 වැනි ශත­ව­ර්ෂය තුළදී බට­හිර රට­වල නිර්දේශ කරන ලදී. බට­හිර වෛද්‍ය ග්‍රන්ථ­වල පැහැ­දි­ලිව ම සඳ­හන් කර ඇති කාර­ණය නම් එය මාන­සික වශ­යෙන් ඇබ්බැහි විය හැකි වුවත් එය කිසි ලෙස­කි­න්වත් ශාරී­රික වශ­යෙන් ඇබ්බැහි නොවන බවයි. මේ පිළි­බ­ඳව අධ්‍ය­ය­නය කළ අයි. සී. චොප්රා සහ ආර්.එන් චොප්රා පව­සන්නේ,“ අප විසින් සොයා­ගත් කරුණ නම් අනෙ­කුත් වේදනා නාශක ඖෂ­ධ­ව­ලට වෙනස් වූ ආකා­ර­යෙන් කංසා ඖෂධ පුරු­ද්දක් වශ­යෙන් ගත් අය තුළ එක හා සමාන ප්‍රති­ඵල ලබා ගැනීම සඳහා පසුව මාත්‍රාව වැඩි කිරීමේ අව­ශ්‍ය­තා­වක් දක්නට නොලැ­බුණු තරම් වන බවයි. එසේ වූවා නම් ඒ ඉතාම කලා­තු­ර­කිනි. සතුන් තුළ මෙන්ම මිනි­සුන් තුළ ද කංසා­ව­ලට ඔරොත්තු දෙන ගති­යක් වර්ධ­නය වූවා නම්, එසේ වැඩි වූයේ සාමා­න්‍ය­යෙන් ඉතා අල්ප වශ­යෙනි. අනෙ­කුත් මත්ද්‍රව්‍ය සම්බ­න්ධව වර්ධ­නය වූ ඔරොත්තු දීමේ ස්වරූ­ප­යට ඒ කිසි­සේත්ම සමාන වූයේ නැත. බලා සිටි­න්නන්ට සහ පිට­ස්ත­ර­යන්ට ද එයින් කිසිම හානි­යක් හෝ හිංසා­වක් සිදු­වූයේ නැත.”

ඊ.ජේ.වෝරිං (MD) විසින් 1868 දී පළ කරන ලද ඉන්දි­යානු ඖෂධ සංග්‍ර­හයේ කංසා­වල ඇති ඖෂධ ගුණ ගැන සඳ­හන් ආකා­ර­යට පිට­ගැස්ම, පිස්සු බලු රෝගය, ඔල්මා­දය, වලි­ප්පුව, නහර රුදාව සහ විවි­ධා­කා­රයේ අනෙ­කුත් ස්නායු­ගත රෝග, කොල­රාව, ප්‍රද­රය, ගර්භා­ෂ­ගත ලේ ගැලීම්, හන්දි­පත් රුදාව, පීනස් රෝග, ඇදුම, අර්ධ හෘද ක්‍රියා­කා­රි­ත්වය, ව්‍යාකූ­ල­ත්වය වේද­නා­වෙන් සහ කණ්ඩු­ති­යෙන් යුක්ත වූ චර්ම රෝග යනා­දි­යට එය හොඳ ප්‍රති­ඵල දක්වා ඇත. එමෙන්ම දරු ප්‍රසූති අව­ස්ථා­ව­න්හිදී ගර්භ සංකෝ­ච­නය නැති කිරීම සඳ­හාද භාවිත කර ඇත.

ඉතා අන්ත­රා­ය­කාරී මත්ද්‍ර­ව්‍ය­යක් වශ­යෙන් වර්ග කර කංසා නිග­රු­වට ලක්කි­රී­මට බට­හිර වෙද­කම සහ බට­හිර සාම්ප්‍ර­දා­යික සමා­ජය මඟින් කෙත­රම් උත්සාහ කළද එය හිංසා­කාරී දෙයක් බව ඔප්පු කිරීම සඳහා කිසිදු පැහැ­දිලි සාධ­ක­යක් මෙතෙක් සොයා­ගෙන නැත. ඕනෑම දෙයක් වැරදි ආකා­ර­යෙන් භාවිත කිරීම අය­හ­පත් ප්‍රති­ඵල ඇති කර­වී­මට හේතු විය හැකිය. කංසා­ව­ලින් සිදු විය හැකි සත්‍යය වූ අන­තු­රක් ඇත. ඒ කංසා මඟින් තියුණු බඩ­ගි­න්නක් ඇති කිරී­මයි. එනිසා වැඩි­පුර ආහාර ගැනීම නිසා කෙනෙකු මර­ණ­යට පත්විය හැකිය. එහෙත් මෙතෙක් සෘජුව කංසා­ව­ලට සම්බ­න්ධව කෙනෙකු මර­ණ­යට පත් වූ බවට වාර්තා වී නැත.

අපේ පැරණි දේශීය වෙද­කම තුළ කංසා ඉතා කේන්ද්‍රීය වූ කාර්ය­භා­ර­යක් ඉටු කරයි. ළද­රු­වන්ට දෙන බොහො­ම­යක් ඖෂධ පද­නම්ව ඇත්තේ කංසා මතය. සම­හර ඖෂ­ධ­වල සිය­යට 400ක් පමණ කංසා අඩංගු වේ. දේශීය වෛද්‍ය­ව­රුන් පව­සන්නේ කංසා පද­නම අපේ ඖෂ­ධ­වල නොමැති වුව­හොත් එම ඖෂ­ධය වේග­යෙන් ක්‍රියා­ත්මක වී සාර්ථක ප්‍රති­ඵල ගෙන­දී­මට අපො­හො­සත් වන බවය. බොහෝ රෝග සඳහා විශ්ම­ය­ජ­නක සුව­යක් ඇති කර­න්නාවූ ඖෂ­ධ­යක් ලෙස කංසා සැලකේ. මෙහිදී සිදු­වන මූලික ක්‍රියා­ව­ලිය නම් කංසා මගින් මනස විවේකී තත්ත්ව­යට පත්වන නිසා එම­ඟින් ශරී­රය විවේකී සහ­ගත ශාන්ත තත්ත්ව­යට පත් වීමය. රෝග ඇති­වී­මට සහ පව­ත්වා­ගෙන යෑමට හේතු වන ප්‍රධාන කාර­ණය නම් මාන­සික පීඩ­න­යයි. කංසා­වල ආධා­රය ලබා ගනි­මින් ඖෂධ ශරී­ර­යට ඇතුළු කළ විට එම ඖෂධ ඉතා වේග­යෙන් ක්‍රියා­කාරී වේ. කංසා අපේ වෙද­කමේ පද­නම බවට පත් වන්නේ ඒ ආකා­ර­යෙනි.

Comments