IDH රෝහලට උපකරණ ලබා දීමට HNB සේවකයන් සිය දිනක වැටුප පිරිනමයි | සිළුමිණ

IDH රෝහලට උපකරණ ලබා දීමට HNB සේවකයන් සිය දිනක වැටුප පිරිනමයි

HNB හි විධායක අධ්‍යක්ෂක සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, දිල්ශාන් රොද්‍රිගෝ මහතා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ, අධ්‍යක්ෂ, වෛද්‍ය හසිත අත්තනායක මහතා (මැද) සමඟ අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්. ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ හැටන් නැෂනල් බැංකුව නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද ඡායාරූපයේ වෙයි.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය සඳහා වන නවීනතම පුහුණු මධ්‍යස්ථානයට අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ ඇතුළු උපකරණ ලබා දීමට හැටන් නැෂනල් බැංකුවේ සේවකයන් සිය දිනක වැටුප පරිත්‍යාග කර ඇත.

‘‘අපගේ සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ, විශේෂයෙන්ම කොවිඞ් අභියෝගයේ දී පෙරමුණ ගෙන ක්‍රියා කළ IDH හි වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ධෛර්යසම්පන්න හා විශිෂ්ට කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනේ දී ශ්‍රී ලංකාව මෙතරම් අද්විතීය ප්‍රගතියක් ලබා ගෙන තිබෙනවා,’’ යනුවෙන් HNB හි විධායක අධ්‍යක්ෂක සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී, දිල්ශාන් රොද්‍රිගෝ මහතා පැවසුවේය. කොවිඩ්-19 වසංගතයේ උච්චතම අවස්ථාවේ දී HNB කණ්ඩායම විසින් ස්වේච්ඡාවෙන් එක් රැස් කරන ලද මෙම අරමුදල අදාළ පුහුණු මධ්‍යස්ථානය සඳහා අත්‍යාවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා යොදා ගනු ඇත.

‘‘IDH හි වෛද්‍යවරුන්ගේ පුහුණු වීම් කටයුතු වැඩි දියුණු කිරීමට හා නිපුණතා සංවර්ධන වැවඩසටහන් සඳහා අපගේ සහයෝගය ලබා දීම පිළිබඳව HNB වන අප ආඩම්බර වන අතර මෙවැනි තීරණාත්මක මොහොතක දී මෙම උතුම් කර්තව්‍ය වෙනුවෙන් ස්වේච්ඡුාවෙන් දායකත්වය ලබා දීමට ඉදිරියට පැමිණි අපගේ හැට්නා පවුලේ සාමාජිකයින්ට අප ස්තූතිවන්න වනවා. ඒවගේම, මෙවැනි අවස්ථාවක දී ඉදිරියෙන්ම සිටින සෞඛ්‍ය සේවකයන්ට සහයෝගය දක්වමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට අපට හැකියි. මෙම වසංගතය මැඩපැවැත්වීමට සෞඛ්‍ය බලධාරීන්ට සහාය ලබා දීම සඳහා ඉදිරියේ දී, අප අඛණ්ඩව තවදුරටත් අවස්ථාවන් සොයා බලනවා, ’’ යනුවෙන් HNB Chief Transformation Officer/තිරසාර පදනමේ භාරකරු, චිරන්ති කුරේ මහත්මිය පැවසුවාය.

HNB සේවකයන්ගේ දායකත්වය තුළින් පළමු අදියරේ දී, අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ හා ශ්‍රවණාගාර උපකරණ සපයාදීමට HNB බලාපොරොත්තු වේ. HNB හි කැපවුුණු ඉංජිනේරුවන් කණ්ඩායමක් හා එහි ව්‍යාපාර ඒකකය ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) ඉදිවෙමින් පවතින විශාල ව්‍යාපෘතියක කොටසක් වන අදාළ පහසුකම නැරඹීමෙන් පසු මෙම ව්‍යාපෘතිය සිදු කිරීම බැංකුවට නිර්දේශ කෙරිණි.

මීට පෙර, IDH රෝහලේ වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ තැන්පත් කරන ගබඩාවන් ආරක්ෂා කිරීමට ගිනි නිවන උපකරණ කට්ටල 64ක් HNB පරිත්‍යාග කළ අතර වාට්ටුවලට ජලය බෙදා හැරීමේ අතිරේක පද්ධතියක් සමඟ ජල ටැංකි ස්ථාපිත කිරීමට ද සහාය විය. තවද, වසංගතයේ උච්චතම කාලවකවානුවේ දී කුරුණෑගල හා කරාපිටිය ශික්ෂණ රෝහල්වලට හදිසි අවශ්‍යතාවන් සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල (PPE) ද HNB ලබා දුන්නේය.

Comments