සියැට් යතුරු පැදි ටයර් නිෂ්පාදනය 85% කින් වර්ධනය වේ | Page 2 | සිළුමිණ

සියැට් යතුරු පැදි ටයර් නිෂ්පාදනය 85% කින් වර්ධනය වේ

සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් මෙරට යතුරු පැදි ටයර් නිෂ්පාදනය මාස තුනක කාලයක් ඇතුළත 85% කින් වර්ධනය වී තිබේ.

සමාගමේ කැළණිය සහ කළුතර කර්මාන්ත ශාලාවල නිෂ්පාදන ධාරිතාව වර්ධනය කරමින් සමාගම විසින් මෙතෙක් මාසයකට නිෂ්පාදනය කළ යතුරු පැදි හා ස්කූටර් ටයර් 27,000 ජූලි සහ අගෝස්තු මාස වලදී 41,000 දක්වා වර්ධනය කර ඇත. මෙය 52% ක වර්ධනයක් වන අතර සැප්තැම්බර් මාසය තුළ යතුරුපැදි ටයර් 50,000 ක් නිපදවමින් තවත් 22% ක වර්ධනයක් අත්කර ගන්නා බව සමාගම සඳහන් කරයි.

සමාගම විසින් මෙසේ යතුරු පැදි ටයර් නිෂ්පාදන ධාරිතාවය විශාල වශයෙන් වර්ධනය කර තිබෙන්නේ දේශීය අවශ්‍යතාවය වෙනුවෙන් ට්‍රක් සහ බස්රථ ටයර් මෙන්ම මගී මෝටර් රථ රේඩියල් ටයර් නිෂ්පාදනයද වර්ධනය කරන අතරතුර වීම කැපී පෙනේ.

Comments