රෝස්වුඩ් නව වාට්ටු සංකීර්ණය සහ රූපලාවන්‍යාගාරය විවෘත වේ | Page 2 | සිළුමිණ

රෝස්වුඩ් නව වාට්ටු සංකීර්ණය සහ රූපලාවන්‍යාගාරය විවෘත වේ

දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර කළමනාකරණ අධ්‍යක්ෂ ධූරය දරන කඩවත රෝස්වුඩ් ඩෙන්ටල් ඇන්ඩ් මෙඩිකල් පෞද්ගලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය සහ රසායනාගාරය විවෘත කිරීම කොළඹ ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ගේ ආශිර්වාදය පෙරදැරිව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගියදා සිදුකෙරුණි.

කොරෝනා ව්‍යවසනය පැවැති කාලයේ සැලසුම් කරමින් ඉදි කළ මෙම වාට්ටු සංකීර්ණය, ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය සහ රූපලාවන්‍යාගාරය ඇතුළු ව්‍යාපාර සැලසුම අගමැතිවරයාගේ දැඩි ප්‍රශංසාවට ලක්වූ අතර ගීත රචකයකු, ගීත විචාරකයකු හා ග්‍රන්ථ කතුවරයකු වශයෙන් තමන් මුලදී හඳුනාගත් දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර යන කලාකරුවා තුළ දැක්මක් සහිත හොඳ ව්‍යාපාරිකයකු සිටින බවද අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදී.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් සහ ප්‍රවීණ කලාකරුවන් රැසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. රෝස්වුඩ් Beauty clinic රූපලාවන්‍යාගාරය ද එදිනම රෝහල් පරිශ්‍රයේදී විවෘත කෙරුණු අතර අමරසිරි පීරිස් යුවළ, සුනිල් එදිරිසිංහ යුවළ, ආශ්චර්යා පීරිස් මහත්මිය, නිලන්ති ඩයස්, රජිත හිරාන් ඇතුළු ප්‍රවීණ කලාකරැවන් ඉටිපන්දම් දල්වා ආශිර්වාදය පිරිනමමින් ඒ අවස්ථාවට එක්වූහ.

Comments