පළමු වරට ලංකාගම ග්‍රාමයට අධිවේගී අන්තර්ජාල හා ඇමතුම් පහසුකම් | සිළුමිණ

පළමු වරට ලංකාගම ග්‍රාමයට අධිවේගී අන්තර්ජාල හා ඇමතුම් පහසුකම්

මොබිටෙල් නිලධාරීන් සමඟ සිටින ලංකාගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එම්. ඒ. සුමිත් ලාල් (මැද) සහ සිසු සිසුවියන් පිරිස.

4G Broadband/LTE දේශයේ සන්නිවේදන පෙරගමන් කරුවන් වන SLT සහ මොබිටෙල් පසුගිය සැප්තැම්බර් 4දා ලංකාගම ග්‍රාමයට අධිවේගී අන්තර්ජාල 4G/LTE බ්‍රොඩ්බෑන්ඩ් සේවා සහ ඇමතුම් සේවා පහසුකම් ලබාදීමේ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළේය. මෙම සන්නිවේදන සේවා සැපයුම් ව්‍යාපෘතිය හරහා ලංකාගම ග්‍රාමය අධිවේගී 4G Broadband/LTE සහ සුපැහැදිලි ඇමතුම් සේවා මඟින් බලගන්වා ඇත.

භුමියේ අති දුෂ්කර පිහිටීම සහ ප්‍රවාහන දුෂ්කරතා නොතකමින් SLT සහ මොබිටෙල් සේවක මණ්ඩලය එම ප්‍රදේශයට සුපිරි සබඳතාවක් සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම වෙනුවෙන් සන්නිවේදන කුලුනක් ස්ථාපිත කළ අතර එම සන්නිවේදන කුලුන ස්ථාපිත කිරීමේ දී කිසිදු පරිසර හානියක් සිදු නොවීමට ඔවුන් වගබලා ගනු ලැබීය.

Comments