දංකොටුව පෝසිලේන් වාෂ්ප ආශ්වාසක නිෂ්පාදනය ප්‍රදර්ශනාගාර වෙත | සිළුමිණ

දංකොටුව පෝසිලේන් වාෂ්ප ආශ්වාසක නිෂ්පාදනය ප්‍රදර්ශනාගාර වෙත

දංකොටුව පෝසිලේන් පීඑල්සී මෙරට පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය යහපැවැත්ම උදෙසා පසුගියදා හදුන්වාදෙනු ලැබූ නවතම පෝසිලේන් වාෂ්ප ආශ්වාසක නිෂ්පාදන (Customized Steam Inhaler) පාරිභෝගිකයන් හට පහසුවෙන් මිලදී ගත හැකි වන ලෙස ඔවුන්ගේ ගිල්ෆර්ඩ් ක්‍රෙසන්ට්, වන් ගෝල්ෆෙස් මෝල්, යුනියන් පෙදෙස, කිරුළපන සහ දංකොටුව යන ස්ථාන වල පිහිටි ප්‍රදර්ශනාගාර වලට එක් කර තිබේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයිය ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය වෛද්‍ය චරිත් නානායක්කාරගේ සැලසුම් සහ මඟ පෙන්වීම යටතේ නිපදවන ලද මේ පෝසිලේන් වාෂ්ප ආශ්වාසකය මීට ප්‍රථම කොරෝනා වයිරස් රෝගයෙන් පීඩාවට පත් රෝගීන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන රෝහල් නිරෝධායන මධ්‍යස්ථාන සහ රජයේ ප්‍රධාන සෞඛායතනවල භාවිතය උදෙසා නිකුත් කරන ලදී.

Comments