පොඩි කාලේ ඉඳන් අපි හිටියේ යාළුවො වගේ | Page 2 | සිළුමිණ

පොඩි කාලේ ඉඳන් අපි හිටියේ යාළුවො වගේ

 පොඩි කාලේ මල්ලි කාටුන් පිස්සෙක් 

- දුලාරි

අක්කා පැදපු ඔන්චිල්ලාව වැදිල මගෙ ඔළුව පැළුණා 

- ගයාන්

මෙවර අක්ක-මලෝ විශේ­ෂාං­ග­යට එක් වන්නේ ජන­ප්‍රිය ගායන ශිල්පී නුවන් ගුණ­ව­ර්ධ­නගේ  දිය­ණිය දුලාරි සහ පුතු ගයාන් ගුණ­ව­ර්ධ­නය.  ගයාන් නව පර­පුර නියෝ­ජ­නය කරන ජන­ප්‍රිය ගාය­ක­යකු සහ රංගන ශිල්පි­යෙකි.  කුඩා වියේ සිට කලාවේ ආභා­සය ලැබූ මේ අක්කා-මලෝ ඔවුන්ගේ සොයුරු දමේ මතක සිහි කළේ සොම්න­සිනි.

"අක්කයි මායි අතර වයස පර­ත­රය අවු­රුදු අටක්. ඒ වුණාට දන්න දවසේ ඉඳන් අක්කයි මායි එක­ට­මයි හිටියේ. සෙල්ලම් කළේ, ඉස්කෝලෙ ගියේ එක­ට­මයි. අපි දෙන්නා යාළුවො වගේ තමයි හිටියේ. මම ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන­කම්ම මගේ පොත්ව­ලට කවර දාලා දුන්නෙ අක්කා. ඒ විත­රක් නෙවෙයි මගෙ හැම දේම කරලා දුන්නේ අක්කා. කෙටි­යෙන්ම කිව්වොත් අක්කා මාව බලා­ගත්තෙ අම්මා කෙනෙක් වගේ"

ගයාන් ඒ මතක සිහි කළේ එලෙ­සය. අපි දුලාරි ගෙන්ද ඒ ගැන විම­සු­වෙමු.  

" අපි ස්කූල් වෑන් එකේ යද්දිත් එද්දිත් මම මල්ලිව හරි­යට පරෙ­ස්සම් කර­නවා. පොඩි කාලේ ඉඳන් මම එයාව ඇහැක් වගේ බලා­ගත්තා. ඒ තරම්ම මම මල්ලිට ආද­රෙයි. හැබැයි ඉතින් මල්ලි පොඩි කාලේ ටිකක් දඟයි. ඒ හින්දම මට එයා නිසා පොඩි පොඩි අක­ර­තැ­බ්බත් වෙලා තියෙ­නවා"  

ඒ මොන­වා­දැයි විම­සද්දී  ඇය පිළි­තුරු දුන්නේ සිනා­සෙ­මිනි.

"ඒ කාලේ  මල්ලි  දඟ වුණත් මම කව­දා­වත් මල්ලිට අත­වත් තියලා නැහැ. හැබැයි මල්ලි නම් පොඩි කාලේ එයාගේ අතට අහු­වෙන එකෙන් මට ගහ­නවා. දව­සක් මල්ලි  පිටට ලොකු බැට්‍රි­ය­කින් ගහලා මං කලන්තෙ දාලා වැටුණා. ඒ වගේ ඒවා  ඕනෙ­ත­රම් වෙලා තියෙ­නවා. හැබැයි එකම එක දව­සක් මගෙ අතින් මල්ලි­ටත් පොඩි ඇබැ­ද්දි­යක් වුණා. ඒක මතක් වෙද්දි නම් තාමත් දුකයි" දුලාරි එසේ කියද්දී ඒ මත­කය අවදි කළේ ගයාන්ය.

"ඒක වෙද්දි මම ගොඩක් පොඩියි. අක්කා ඔන්චි­ල්ලාව පැද පැද ඉන්කොට ඒ ළඟ හිටපු මගෙ අතේ තිබුණ සෙල්ලම් බඩුව වැටිලා මම ඒක අහු­ලන්න ඔන්චි­ල්ලාව යටට ගියා. ඒ එක්කම ඔන්චි­ල්ලාව ඇවිත් මගෙ ඔළුවේ වැදිලා ඔළුව පැළුණා. අද­ටත් මගෙ ඔළුවෙ ඒ කැලැල තියෙ­නවා.

ඒ වගේම ඒ තුවාල වුණ තැන අද­ටත් මගෙ කොණ්ඩෙ වැවෙන්නෙ නැහැ. ඒක ඉතින් අක්කගෙ වැරැද්ද නෙවෙයි. මමනෙ ඔන්චි­ල්ලාව යටට රිංගුවෙ. ඒත් මගෙ ඔළුව තුවාල වුණු එක ගැන අක්කා ගොඩක් දුක් වුණා "

"තාමත් මට දුකයි ඒක මතක් වෙද්දි. මල්ලි දඟ කළාට මම එයාට ගොඩක් ආද­රෙයි. පොඩි­කාලේ අපි රණ්ඩු වුණේ හරිම පුංචි දේව­ල්ව­ලට. පොඩි කාලේ මල්ලි කාටුන් පිස්සෙක්. ඉතින් ටීවී එකේ මට ඕන දෙයක් බලන්න බෑ. එයා බලන්නෙ කාටුන් විත­රයි.  ඒ කාලේ අපේ ගෙදර තිබුණු එකම කම්පි­යු­ටර් එක තිබු­ණෙත් මගෙ කාමරේ. ඒක­ටත් මල්ලි තර­හයි. එයාට ඕන කම්පි­යු­ට­රෙන් ගේම් ගහන්න. ගෙදර තිබුණු ලෑන්ඩ් ලයින් එකත් මගෙ කාම­රේට කනෙක්ට් කරලා තිබුණේ. ඒ වගේ දේවල් ගැන මල්ලිට හරි තර­හයි. "දුලාරි කීවේ සිනා සෙමිනි. පියාගේ අඩි පාරේ යමින් ගාය­ක­යකු ලෙස ක්ෂේත්‍ර­යට ආ ගයා­න්ගෙන් ඊළ­ඟට අප විම­සුවේ කලාව පිළි­බඳ දුලා­රිගේ  කැමැත්ත ගැනයි.

"අක්කට භාෂා තුන­කින් හොඳට සින්දු කියන්න පුළු­වන්. ඒ වුණාට අක්කා මේ ක්ෂේත්‍ර­යට කැමති නැහැ. එයා ගොඩක් අහිං­සක චරි­ත­යක්. ඒ නිසා අක්කා කලා­වට යොමු වුණේ නැහැ. ඇය පෞද්ග­ලික අංශයේ රැකි­යා­වක් කර­නවා"

 ඒ ගැන දුලාරි වැඩි­දු­ර­ටත් මෙසේ කීවාය.

"ඒක ඇත්ත. සින්දු කියන්න හැකි­යා­වක් තිබු­ණත් ක්ෂේත්‍රයේ සිදු­වන සම­හර දේවල් දරා­ගැ­නීමේ ශක්ති­යක් මට නැති බව දන්න නිසා මම ඒ පැත්තට යොමු වුණේ නැහැ. නමුත් මට මල්ලි ගැන හරිම සතු­ටුයි, ආඩ­ම්බ­රයි. නුවන් ගුණ­ව­ර්ධ­න­ගෙන් පස්සේ ඒ තැන ඉන්නෙ මල්ලි. ඒක මට ලොකු සතු­ටක් " අවි­වේකී බව අතර සොයුරු බැඳීම් පව­ත්වා­ගෙන යන ආකා­රය ගැන ගයාන් කීවේ මෙවැ­න්නකි.

"අද­ටත් අපේ බැඳීමේ කිසිම වෙන­සක් නැහැ. පුළු­වන් හැම වෙලා­වෙම අපි මුණ­ගැ­හෙ­නවා. දුර­ක­ථ­න­යෙන් කතා කර­නවා. අපි දෙන්නගේ ඕනම දේකට අපිට අපි ඉන්නවා" 

ගයාන් මොන වගේ චරි­ත­යක්ද? අපේ අව­සන් ප්‍රශ්නය යොමු වුණේ දුලා­රි­ටයි.

"මල්ලි ඕනෑම වෙලා­වක ඕනෑම කෙන­කුට උදවු කරන  හරිම හොඳ හද­ව­තක් තියෙන කෙනෙක්.  ආඩ­ම්බ­රයි වගේ පෙනු­ණට එයා එහෙම නෑ. ඒ වගේම කොයි තරම් අවි­වේකී වුණත් අවශ්‍ය හැම මොහො­ත­ක­දීම මල්ලි මං ළඟ ඉන්නවා. මගේ ජීවිතේ ප්‍රශ්න, කර­දර ආව හැම වෙලා­ව­කම මල්ලි මගෙ ළඟ හිටියා. මමත් එහෙ­මයි. අපි වය­සට ගියත්  ලේව­ලින් එන බැඳීම වෙනස් වෙන්නෙ නැහැ"

Comments