ගැහැ­නි­ය­කගේ තිත්ත ඇත්ත වේදි­කා­වට ගෙනා සම්මා­නිත කතුන් තිදෙනා | සිළුමිණ

ගැහැ­නි­ය­කගේ තිත්ත ඇත්ත වේදි­කා­වට ගෙනා සම්මා­නිත කතුන් තිදෙනා

කලාව තුළ අපිට මුණ­ගැ­හෙන බොහො­ම­යක් චරිත පිරිමි. නමුත් ඔවුන් කතා කරන්නේ බොහෝ විට කාන්තා­වන් ගැන. නිර්මාණ කර­ණ­යට කාන්තා­වන් යොමු වන්නේ ඉතා­මත්ම කලා­තු­ර­කින්. කාන්තා­වන් ගැන ඇත්තම කතා කරන්න අපේ සමා­ජයේ පිරිස අඩුයි. මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ කැපී පෙනෙන කාන්තා චරිත තුනක් අපට මුණ­ගැ­හෙ­නවා. කෙටි නාට්‍යය අංශ­යෙන් එකම නාට්‍යය වෙනු­වෙන් මේ තිදෙනා රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මා­න­යට පාත්‍ර වනවා. ඒ කෙටි නාට්‍ය අංශයේ හොඳම නිළිය සම සම්මාන දිනා ගන්න යුව­ති­යන් දෙදෙනා සහ එම කෙටි නාට්‍ය අධ්‍ය­ක්ෂ­ණය කළ අනෙක් සුවි­ශේෂී යුව­තිය ලෙසින්. අපේ රටේ නන් දෙසින් අග නග­ර­යට සේන්දු වන තරුණ තරු­ණි­යන් අතර දේදුනු සංගීතා, තිලංකා වික්‍ර­ම­සිංහ සහ බුද්ධිමා අබේ­සිංහ අභි­යෝ­ගා­ත්මක චරිත තුනක් විදි­හට හැඳි­න්වීම අති­ශ­යෝ­ක්ති­යක් නොවේ.

‘FEMALE‘නාට්‍යයේ වස්තු බීජය ගොඩ­නැ­ඟෙන්නේ මේ නාට්‍යයේ අධ්‍ය­ක්ෂ­ක­ව­රිය වන දේදුනු සංගීතා කළු­ප­හන ගේ මනස තුළ. ප්‍රසිද්ධ වේදි­කා­වට අභි­යෝ­ගා­ත්මක තේමා­වක් ගෙන එන ඇගේ පසු­බිම ගැන ඇය මෙහෙම කිව්වා.  

"මගේ ගම වල­පනේ නිල්ද­ණ්ඩා­හින්න. මූලික අධ්‍යා­ප­නය ලබන්නේ නිල්ද­ණ්ඩා­හින්න සුමං­ගල ජාතික පාසලේ. අන­තු­රුව මම ගිරි­උල්ල වික්‍ර­ම­ශීලා ජාතික පාස­ලට ඇතු­ළත් වෙනවා. පස්සෙ මහ­නු­වර රිසි­කලා සෞන්දර්ය පාසලේ උසස් පෙළ කරලා, වැඩි­දුර අධ්‍යා­ප­න­යට කොළ­ඹට එනවා.

කැල­ණිය විශ්ව විද්‍යා­ලයේ බාහිර කලා උපා­ධිය හදා­රන අත­ර­තුර එහි ‘Theater Players‘ නාට්‍ය කණ්ඩා­යම එක්ක කට­යුතු කරන්න මට අව­ස්ථා­වක් ලැබෙ­නවා. මම මුලින්ම නිෂ්පා­ද­නය කරන‘Same As Before‘වේදිකා නාට්‍ය එම නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය බවට පත් වනවා. ඉන් අන­තු­රු­වයි මම ‘FEMALE‘නිෂ්පා­ද­නය කරන්න තීර­ණය කරන්නේ.  කෙටි නාට්‍ය දෙකෙන්ම මම කතා කරන්නේ අපේ සමා­ජයේ ඉන්න කාන්තා­වන් ගැන. එයට යෞවන සම්මාන උළෙලේ සම්මාන හතක් හිමි­වෙ­නවා. රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය සම සම්මාන සහ හොඳම අධ්‍ය­ක්ෂ­ණය තෙවැනි ස්ථානය මේ නාට්‍යය වෙනු­වෙන් හිමි­වෙ­නවා."

මේ නාට්‍යයේ සිටින්නේ නිළි­යන් දෙදෙ­නයි. ඉන් සම සම්මා­නය ලබා ගන්නා ඇය තිලංකා වික්‍ර­ම­සිං­හයි.  

"මගේ ගම මාතලේ හඳු­න්ග­මුව. හඳු­න්ග­මුව නවෝද්‍යා පාස­ලෙන් අන­තු­රුව මහ­නු­වර රිස­කලා සෞන්දර්ය පාස­ලට ඇතු­ළත් වෙනවා. උසස් පෙළ සමත්ව කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ශ්‍රීපාලි මණ්ඩ­පයේ නාට්‍ය හා රංග කලාව පිළි­බඳ උපා­ධිය හදා­ර­නවා. ඒ අත­ර­තු­රයි නාට්‍ය­ක­ර­ණ­යට යොමු­වන්නේ".  ඇය එසේ කතා­වට මුල පුරද්දි හොඳම නිළිය සම සම්මා­න­යට හිමි කම් කිය­න්නිය

බුද්ධිමා අබේ­සිංහ ද ඒ කතා බහට එකතු වුණා.  

“මගේ ගම රත්න­පුර වේවැ­ල්වත්ත. මම හොරණ ශ්‍රීපාලි  විද්‍යා­ල­යෙන් මූලික අධ්‍යා­ප­නය හැදෑ­රුවේ. උසස් පෙළට රත්න­පුර ෆර්ගි­යු­සන් බාලිකා විද්‍යා­ල­යට ඇතුළු වුණා. අන­තු­රුව කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යෙන් උපා­ධිය සම්පූර්ණ කරලා දැනට ගුරු­ව­රි­යක් විදි­හට සේවය කර­නවා."

මේ  තිදෙ­නාම එකි­නෙකා දැන හඳු­න­ගන්නෙ නාට්‍ය කලාවේ තියෙන අපූ­ර්ව­තම සෞන්දර්ය චාරි­කාව අත­ර­තුර. ‘FEMALE‘නාට්‍යය ඔවුන් ගේ හෘද ස්පන්ද­නය බවට පත් වන්නේ මේ නාට්‍ය­යෙන් ඔවුන් කතා කරන්නේ ඔවුන් ගැනම වීම නිසයි. දේදුණු යළිත් සංවා­ද­යට එක්‌ ­වෙන්නේ මෙම නාට්‍යයේ අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස ඒ අත්දැ­කීම පව­ස­න්නයි.

 “නාට්‍ය  පිළි­බඳ මට ඇත්දැ­කීම් ලැබෙන්නේ පාසල් කාලෙ­දී­මයි. සමස්ත ලංකා පාසල් නාට්‍ය උළෙලේ හොඳම නිළිය සම්මා­නය දෙව­රක් සහ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ හොඳම නිළිය විදි­හට ඇගැ­යී­මට ලක් වුණා. නාට්‍ය කලාව සාමූ­හික කලා මාධ්‍ය­යක්. අපට එතැ­නදි එකට වැඩ කරන හොඳ යාළුවෝ පිරි­සක් අවශ්‍ය වෙනවා.

මගේ මුල්ම කෙටි නාට්‍යට තේමාව වුණේ දරු­ඵල අහිමි මඳ­සරු භාව­යට පත් වන්නේ අපේ සමා­ජයේ ස්ත්‍රිය පම­ණක්ද කියන කාර­ණය. සම්මත සදා­චාර රාමුව තුළ මේ ප්‍රස්තු­තය සාකච්ඡා කිරීම මට අභි­යෝ­ග­යක් වුණා. යක් බෙරය පාවිච්චි කළ අව­ස්ථා­වක් සහ මෙහි ඇතැම් ‍ග්‍රාම්‍ය දෙබස් නාට්‍ය­යට යොදා ගැනීම  අත්‍ය­වශ්‍ය වුණා. ඒ පිළි­බඳ ඇතැම් විනිශ්ච මණ්ඩල විද්ව­තුන් පවා මට අව­ධා­ර­ණය කරපු අවස්ථා තියෙ­නවා. නමුත් මම යෝජනා කරන්නේ මෙය නිර්මා­ණා­ත්මක

ප්‍රකා­ශ­න­යක්. එය ඒ විදි­හට බාර ගන්න කිය­ලයි.".....

තිලංකා රඟ­පෑවේ අභි­යෝ­ගා­ත්මක චරි­ත­යකි. ඒ ගැන ඇයට ද කිය­න්නට කතා­වක් ඇත.. 

 "දේදුණු ගේ නාට්‍ය පිට­පත ලැබු­ණම ඇත්ත­ටම මට තිගැ­ස්මක් ඇති වුණා. සමා­ජ­යෙන් ලැබෙන ප්‍රති­චාර ගැන මම ඒ වෙලාවේ කල්පනා කළා. පෙර පුහු­ණු­වීම් අත­ර­තුර නාට්‍ය­යෙන් පිටත ඉඳලා මේ නාට්‍ය බලපු අය දක්වන ප්‍රති­චාර තුළ චරි­තය ගැන මට විශ්වා­ස­යක් ගොඩ නැගුණා. දක්ෂ අය ගොඩාක් හිටියා. ඒ නිසා සම්මා­න­යක් ගැන නම් බලා­පො­රොත්තු තියා ගත්තේ නැහැ. ඒත් සම්මා­නය අතට ගනිද්දි දැනුණු බර නම් තව­මත් හිතේ තියෙ­නවා. මේ නිර්මා­ණය වගේම හොඳ නිර්මා­ණය ඔස්සේ ප්‍රේක්ෂ­කයා අත­රට යන්න දැන් අනි­වා­ර්ය­යෙන්ම සිද්ධ වෙනවා.  

තිලංකා තම කතාව එසේ අව­සන් කරද්දි බුද්ධි­මාට තමා එක්වූ නිර්මා­ණය හා ලැබූ සම්මා­නය ගැන තිබුණෙ මෙහෙම අද­හ­සක්..

 "දේදුනු මට දුන්න චරි­තය ටිකක් අභි­යෝ­ගා­ත්ම­කයි. ඇය නමින් පාතිමා. පාතිමා ජීවත් වන්නේ ඇගේ සංස්කෘ­තික වට­පි­ටා­වක් තුළ. ජාති ආගම් බේද­ය­කින් තොරව කාන්තාව සමා­ජයේ දුක් ගැහැට විඳින බව අපි දන්නවා. ඒ නිසා සමස්ත ගැහැ­නුන් පිළි­බඳ කතා­වක් විදි­හ­ටයි මම මේ නාට්‍ය දකින්නේ. කසාද බැඳපු කාන්තා­වක් වුණත් තමන්ගේ ගෙද­රදී ම ඇතැම් විට දූෂ­ණ­යට ලක් වෙනවා. මෙය සමා­ජයේ එක්තරා හර­ස්ක­ඩක්. මේ පරී­ක්ෂ­ණා­ත්මක වැඩේදි අපිට බොහෝ දේවල් හොයන්න වුණා. අපි නොදන්න සංස්කෘ­තීන් ගැන යාළු­ව­න්ගෙන් දැන කියා ගන්න වුණා. ඒ සිය­ල්ල­ටම ලැබුණු අගය කිරී­මක් තමයි මේ සම්මා­නය. මම වඩාත්ම සතුටු වෙන්නේ අප තිදෙ­නා­ටම එකම වේදි­කා­වක සම්මාන ලබා ගන්න හැකි වීම. එය ජීවි­තයේ අම­තක නොවන අත්දැ­කී­මක්. 

Comments