බාහිර උපා­ධි­යට නව විෂය මාලා­වක් | Page 2 | සිළුමිණ

බාහිර උපා­ධි­යට නව විෂය මාලා­වක්

රැකියා ඉලක්ක කර­ග­නි­මින්, භාෂා­මය හා තාක්ෂණ දැනු­මින් පොහො­සත් නව විෂය මාලා­වක් කලා බාහිර උපාධි පාඨ­මාලා සඳහා හඳුන්වා දෙන බව විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සමේ සභා­පති මහා­චාර්ය සම්පත් අම­ර­තුංග මහතා සිළු­මි­ණට කීය.

බාහිර උපාධි ලබා ගැනීමේ අපේ­ක්ෂා­වෙන් සිටින 30,000ක් පමණ වන පිරි­සක් උපාධි සඳහා තෝරා ගෙන ඇති විෂය ධාරා අනුව රැකියා ලබා ගැනී­මේදී මතු­වන ගැටලු ඉවත් කර රටට සංව­ර්ධ­න­යට දාය­ක­ත්වය ලබා දිය හැකි ආකා­ර­යට විෂය මාලා සංව­ර්ධ­නය කර එම පිරි­සට වඩාත් ඵල­දායි උපා­ධි­යක් ලබා ගැනී­මට මේ අනුව හැකි වන බවද මහා­චා­ර්ය­ව­රයා කීය.

ඒ සඳහා කෙටි කලක් ගත වනු ඇතැ­යිද එයින් පසුව අදාළ උපාධි අපේ­ක්ෂ­ක­යන්ට තම අධ්‍ය­යන කට­යුතු කර ගත හැකි වන බවද ඔහු පෙන්වා දුන්නේය. අදාළ උපාධි පාඨ­මා­ලා­වන්හි කළ යුතු වෙන­ස්නම් සඳහා මේ වන විට විද්ව­තු­න්ගෙන් සම­න්විත කමි­ටු­වක් පත් කර ඇතැ­යිද ඔහු කීය.

Comments