රැකියා ඉලක්ක කරගනිමින්, භාෂාමය හා තාක්ෂණ දැනුමින් පොහොසත් නව විෂය මාලාවක් කලා බාහිර උපාධි පාඨමාලා සඳහා හඳුන්වා දෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සිළුමිණට කීය.
බාහිර උපාධි ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින 30,000ක් පමණ වන පිරිසක් උපාධි සඳහා තෝරා ගෙන ඇති විෂය ධාරා අනුව රැකියා ලබා ගැනීමේදී මතුවන ගැටලු ඉවත් කර රටට සංවර්ධනයට දායකත්වය ලබා දිය හැකි ආකාරයට විෂය මාලා සංවර්ධනය කර එම පිරිසට වඩාත් ඵලදායි උපාධියක් ලබා ගැනීමට මේ අනුව හැකි වන බවද මහාචාර්යවරයා කීය.
ඒ සඳහා කෙටි කලක් ගත වනු ඇතැයිද එයින් පසුව අදාළ උපාධි අපේක්ෂකයන්ට තම අධ්‍යයන කටයුතු කර ගත හැකි වන බවද ඔහු පෙන්වා දුන්නේය. අදාළ උපාධි පාඨමාලාවන්හි කළ යුතු වෙනස්නම් සඳහා මේ වන විට විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇතැයිද ඔහු කීය.