පාතා­ල­ක­රුවෝ කොළඹ වැඩ­බි­ම්ව­ලට රිංගති | සිළුමිණ

පාතා­ල­ක­රුවෝ කොළඹ වැඩ­බි­ම්ව­ලට රිංගති

සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන් හෙවත් පාතාල සාමා­ජි­ක­යන් සහ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් කොටු­කර ගැනීම සඳහා පොලි­සිය ක්‍රියා­ත්මක කරන විශේෂ මෙහෙ­යු­ම්ව­ලට බියෙන් එම අප­රා­ධ­ක­රු­වන් කොළඹ මහල් නිවාස සහ වැඩ­බිම් ආර­ක්ෂිත ස්ථාන ලෙසින් භාවිත කරන බවට පොලි­සි­යට තොර­තුරු ලැබී ඇති බව බස්නා­හිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා සිළු­මි­ණට කීය.

එම නිසා කොළඹ නග­රයේ මහල් නිවාස සංකීර්ණ සහ වැඩ­බිම් හිමි­ක­රු­වන් 350කට අධික පිරි­සක් පසු­ගිය සිකු­රාදා (18) දැනු­වත් කර­මින් එවැනි වැඩ­බිම් සහ මහල් නිවාස ආර­ක්ෂිත ස්ථාන ලෙස භාවිත කළ හැකි බවට අන­තුරු අඟ­ව­මින් ඒ සඳහා ඉඩ නොදෙන ලෙස දැනු­වත් කළ බවත් එසේම නීති­වි­රෝධී ක්‍රියා හා මත්ද්‍රව්‍ය ජාවා­රම මඟින් උප­යන මුද­ලින් සිදු කෙරෙන මහල් නිවාස සංකීර්ණ මිලදී ගැනීම හෝ විශාල ඉදි­කි­රීම් මුදල් විශු­ද්ධි­ක­රණ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වර­දක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

Comments