රටට ගැළ­පෙන රථ­වා­හන කළ­ම­නා­ක­ර­ණ­යක් | සිළුමිණ

රටට ගැළ­පෙන රථ­වා­හන කළ­ම­නා­ක­ර­ණ­යක්

ටක සාක්ෂ­ර­තාව මනින මිනු­ම්දඬු කිහි­ප­යක් වේ. ඒ මිනුම් දඬු අදාළ වන්නේ අකුරු යන සංකේ­ත­යට පම­ණක් නොව හැදි­යාව, අචා­ර­ශී­ලී­ත්වය, අනෙ­කාට ගරු කිරීම ආදී වශ­යෙන් වන තවත් බොහෝ කාරණා මත්තෙනි. පාරට බසින කල බොහෝ හොඳ වාහ­න­වල ගමන් කරන හැදි­යාව බින්දු­ව­ටම බැස ඇති ටයි කෝට් දමා ගත් නමට මහ­ත්වරු නෝනලා බොහො­ම­යක් මුණ ගැසෙති. ඒ සම­හර අය ප්‍රසන්න පෙනු­මැ­ති ය; වැද­ගත් බව පෙන්වන ලක්ෂණ සහි­ත ය; බොහෝ වටිනා වාහන පාව්ච්චි කරන බව පෙනෙති. එහෙත් මාර්ග­යට බැසි කල වාහ­නය ධාව­නය කරන්නේ නම් ඒ කිසි­ව­කට ගැළ­පෙන පරි­ද්දෙන් නොවේ ය. එක් තීරු­වක ධාව­නය කරන වාහ­නය ඊළඟ තීරුවේ කුඩා හිදෙ­සක් දුටු කල්හි රිංගවා ගැනී­මට දෙව­රක් නොසි­තති. පැති කණ්ණාඩි තිබු­ණ ද ඒවා ඇත්තේ අලං­කා­ර­යට පම­ණකි. සම­හර යතුරුපැදිවල පැති කණ්ණා­ඩි­ව­ලින් පෙනෙන්නේ අහ­ස්ත­ලය ය. සම­හ­රුන්ට පැති කණ්ණාඩි ඇත්තේ ම නැත. පොලි­සි­ය­ට ද පැති කණ්ණාඩි රහිත වීම බර­ප­තළ වැරැ­ද්දක් සේ නොපෙන්නේ ඇයි දැයි අපට ගැට­ලු­වක් තිබේ. හරි­හ­මන් මාර්ග හා රියැ­දුරු සාක්ෂ­ර­තා­වක් ඇත්ත­කුට පැති කණ්ණා­ඩි­යක් නැතිව ධාව­නය කළ නොහැකි බව අපේ විශ්වා­ස­යයි.

මේ සිය­ල්ලම හේතු කාරණා සේ ගොඩ­නැඟී; මාර්ග නීති කඩ­න්නන් සේම ඒවා විවිධ මට්ට­මින් බල­පෑම් කර මාර්ග තද­බ­ද­යක් නිර්මා­ණය වීම ද කලක් තිස්සේ ම සිදු වූවකි.

‘නැවත අර­ඹමු මහ­මඟ විනය‘ යන මං තීරු නීතිය වැද­ගත් වන්නේ මේ සියල්ල පසු­බිමේ ලා සල­ක­ද්දී ය. මං තීරු නීතිය ක්‍රියා­ත්මක කෙරුණේ උදය වරුවේ දැඩි ව පව­තින මහා­මාර්ග තද­බ­දය අවම කිරීමේ පිය­ව­රක් වශ­යෙනි. පාසල් පද්ධ­තිය නැවත තිබූ පරි­ද්දෙන් සක්‍රිය වීම නිසාත්; කොරෝනා නිසා අඩාළ වී තිබුණු ජන­ජී­වි­තය යථා තත්ත්ව­යට පත් වෙමින් සිටින නිසාත් මාර්ග තද­බ­දය දැන් දැන් පැවැති ලෙස­ට ම වර්ධ­නය වී ඇත. මේ නිසා උදය වරුව පුරාත් සවස් වරු­වත් අධික මාර්ග තද­බ­ද­ය­කට ලක් වෙන්නට ජන­තා­වට සිදු ව තිබේ. මාර්ග නීති අමු­අ­මුවේ උල්ලං­ඝ­නය කරන රියැ­දු­රන් නිසා මේ අර්බු­දය තව­දු­ර­ටත් වර්ධ­නය වී ඇත. ‘නැවත අර­ඹමු මහ­මඟ විනය‘ යන හේතු පාඨ­ය ම මෙහිදී අව­ධා­න­යට ලක්විය යුතුය. බස් සඳහා බස් මං තීරු­වක් හඳුන්වා දී ඇතත් පුද්ග­ලික බස් රියැ­දුරෝ බහු­ත­ර­යක් මේ නීති රකින්නෝ නොවෙති; පොලි­සිය දකිද්දී පම­ණක් නිවැ­රදි මං තීරු­වට එන ඔවුහු තැන නොතැන බලා පදි­ක­යන් නංවා ගැනීම නිසා ඇතිවී ඇති ගැටලු අප්‍ර­මාණ වෙති. පොදු ප්‍රවා­හන සේවා භාවිත කරන මගී­න්ට ද බොහෝ දුරට වින­යක් නැත; බස් නැව­තුම් පොළක් තිබු­ණ ද නොති­බු­ණ ද ඔවුහු බස් රථ­යක් දුටු විට එයට අත දමති. එසේ තැන තැන නව­තන බස් නිසා මහ­මඟ ඇති­වන වාහන තද­බ­දය අන­න්තය. පොලි­සිය නැති තැන්වල කරන මෙවැනි වැරදි අල්ලා ගැනී­මට තාක්ෂ­ණය භාවිත කිරීමේ වර­දක් නැතැයි අපි ද සිත­න්නෙමු. උදෑ­සන ඩ්‍රෝන තාක්ෂ­ණය යොදා ගෙන මෙකී වරද අල්ල­න්නට උත්සාහ කරන පොලිස් නිල­ධා­රීන් දුටු විට බොහෝ වාහන හිමියෝ සම­ච්ච­ල­යට මෙන් සිනහ වෙති. එහෙත් මේ සියලු අත්හදා බැලීම් කරන්නේ මඟීන් වන අප වෙනු­වෙන් බැව් ඔවුහු අම­තක කරති. රිය­දු­රන් කරන වැරදි අවම වන්නේ නම් එය බොහෝ දුරට මාර්ග තද­බ­දය වළක්වා ගැනී­මට හේතු වනු ඇත.

බොහෝ දෙන­කුට තිබෙන ප්‍රශ්න­යක් වන්නේ මං තීරු නීතිය පිළි­බඳ නීති­යක් ඇත්ත­ට ම සඳ­හන් වන්නේ ද යන්න ය. 1951 දරන මෝටර් රථ වාහන පනතේ 148 වැනි වග­න්තියේ මේ මං තීරු නීතිය ගැන සවි­ස්ත­රා­ත්ම­ක ව සඳ­හන් ය. මෙතෙක් කල් පොතට නීති­යක් ව තිබී, වරින් වර ක්‍රියා­ත්මක කර­න්නට උත්සාහ ගත්ත ද ලොප් වූ දෙයක් ක්‍රියා­ත්මක කිරී­මට රජය දරන උත්සා­හ­යට අප කෘතඥ වන්නේ ඒ නිසා ය. මං තීරු නීතිය ක්‍රියා­ත්මක කිරීමේ වැද­ග­ත්කම නීත්‍යා­නු­කූ­ල­ දැ යි අසන අයට කිය­න්නට තිබෙන්නේ මේ පනත කියවා ගන්නා ලෙස ය. මහා­මාර්ග දියුණු කරන්න යැයි කියන උද­විය නොදන්නා කරුණ වන්නේ කියන ඉක්ම­නට ඒවා කළ නොහැකි බව ය. කඩි­න­මින් කළ හැකි දෙය වන්නේ විනය පවත්වා ගැනී­මයි.

දැනට ලංකාවේ දිගින් කිලෝ­මී­ටර් 123,000ක් වූ මාර්ග පද්ධ­තිය, පරි­හ­ර­ණය කිරී­මට හැත්තෑ හත් ලක්ෂ­යක් පමණ වූ වාහන සඳහා ප්‍රමා­ණ­වත් වුවත්; ඒ වාහන ප්‍රධාන නග­රය වෙත කේන්ද්‍ර­ණය වී තිබීම හේතු­වෙන් වාහන තද­බ­දය වැඩි වී ඇත. උදෑ­සන කොළඹ නග­ර­යට එන වාහ­න­යක සාමාන්‍ය ධාවන වේගය පැයට කිලෝ­මී­ටර් 12 දක්වා අඩු වී තිබීම මේ සඳහා උදා­හ­ර­ණ­යකි. මේ නිසා නඩත්තු විය­දම් හා ඉන්ධන විය­දම් වැය වන්නේ විදේශ විනි­මය ලෙසිනි. ලංකාවේ ඉන්ධන විය­දම සඳහා වැය­වන මුදල රටේ සමස්ත ආන­යන විය­ද­මෙන් 12%ක් වන අතර වාහන ඉන්ධන සඳහා 10%ක් වැය වේ. ලංකාවේ වාහන වැඩි­වීමේ සීඝ්‍ර­තාව අනුව තව වසර 8කින් දක්ෂිණ අධි­වේගී මාර්ග­ය ද තද­බද වනු ඇති බවට විශ්ලේ­ෂ­කයෝ අන­තුරු අඟ­වති. එබැ­වින් තාව­කා­ලික පැලැ­ස්තර දමා පලක් නැත.

දැනට ලංකාවේ මගී ප්‍රවා­හ­න­යෙන් 80%ක් හා භාණ්ඩ ප්‍රවා­හ­න­යෙන් 98%ක් මාර්ග ප්‍රවා­හ­නය මඟින් සිදු කරයි. මාර්ග­ගත මගී ප්‍රවා­හ­න­යෙන් 60% ක් බස් රථ­ව­ලින් සිය අව­ශ්‍යතා ඉටු කර­ගනී. ඉතිරි 40%ක් පමණ වූ ප්‍රමා­ණය තනි පුද්ග­ල­යන් හෝ දෙදෙ­නකු පම­ණක් පැමි­ණෙන වාහන වේ. එය මාර්ග තද­බ­ද­යට සක්‍රිය දාය­ක­ත්ව­යක් ලබා දෙන්නකි.

ආකල්ප දියුණු කිරීම තරම් ජාති­යක් නංවා­ලීමේ වෙනත් ක්‍රියා­මා­ර්ග­යක් නැත. දියුණු ආකල්ප යනු දියුණු ජාති­යක සමා­ර­ම්භ­යයි. ‘සෞභා­ග්‍යයේ දැක්ම‘ නිර්මා­ණය වන්නේ ම ආකල්ප දියු­ණුව උදෙ­සා ය. එහි දිගු­වක් ලෙසින් ක්‍රියා­ත්මක ‘නැවත අර­ඹමු මහ­මඟ විනය‘ අපගේ සුබ සිද්ධිය සඳහා මිස අන් යමක් වෙනු­වෙන් නොවේ. රියැ­දු­රන්, පදි­ක­යන්, මගීන් වින­ය­වත් වීම නිසා රටට වන ප්‍රති­ලා­භය ගණ­නය වන්නේ භෞතික පද­න­මෙන් පම­ණක් නොවේ; මානව සම්පත ද සුරැ­කී­මෙනි. දින­කට පුද්ගලයන් අට­කට අධික ප්‍රමා­ණ­යක් මහ­මග මිය යන්නේ නොසැ­ල­කි­ලි­මත් විනය විරෝධි රිය­දු­රන් නිසා ය. ශ්‍රම බළ­කා­යෙන් වැඩි පිරි­සක් මහ­මඟ නික­රුණේ කාලය ගෙවා දමන්නේ ආත­ති­යට ලක් වෙමිනි. එයින් ගිලි­හෙන මානව ශ්‍රමය සේ ම, නික­රුණේ දහ­නය වන ඉන්ධ­නත්, ඒ නිසාම වන පරි­සර හානි­යත් පිළි­බඳ විශ්ලේ­ෂ­කයෝ බොහෝ කලෙක සිට අන­තුරු අඟ­වති. එනි­සාම මේ වනාහි වින­ය­වත් පරි­ස­ර­යක්, මාර්ග පද්ධ­ති­යක් ඇති කිරී­මට ගන්නා ලද ස්වර්ණ­මය ක්‍රියා­දා­ම­යකි. පොලි­සිය හිටි­යත් නැතත් විනය ගරුක මාර්ග භාවි­ත­යක් ගොඩ­නැ­ගිය හැකි නම් එය මේ අර්බු­ද­යට පිළි­ය­මකි; මානව සම්ප­තට සුවසෙතට හේතුවකි. හැකි පම­ණින් එයට අනු­ගත වීම සැමගේ යුතු­කම වන්නේ ඒ නිසා ය.

Comments