කොමර්ෂල් බැංකුව AMW සමඟ ඒකාබද්ධ වෙයි | සිළුමිණ

කොමර්ෂල් බැංකුව AMW සමඟ ඒකාබද්ධ වෙයි

නිව් හොලන්ඩ් ට්‍රැක්ටර් රථ මිල දී ගැනීමේ දී ගොවීන්ට අඩුම මාසික ලීසිං වාරික සහ අනිකුත් ප්‍රතිලාභ ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව සහ ඇසෝසියේටඞ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඩ් (AMW) සමාගම ‘ඇග්‍රි ලීස්’ ප්‍රවර්ධනයක් ආරම්භ කර තිබේ.

කෘෂි කාර්මික කටයුතු කරන බැංකුවේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කළ මෙම ප්‍රවර්ධන වැඩසටහන 2020 නොවැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මක වන බව බැංකුව සඳහන් කරයි. මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ ට්‍රැක්ටර් මිල දී ගැනීමේ දී අඩුම වාරික අනුපාත ලබාදීමට අමතරව, ‘ඇග්‍රි ලීසිං’ ගනුදෙනුකරුවන්ට තවත් අමතර අගය එකතු කිරීම් සහ ප්‍රතිලාභ ලබාදෙන බව බැංකුව පවසයි.

මීට අමතරව, ගනුදෙනුකරුවන්ගේ ආදායම් රටාවට අනුව ඔවුන්ට ගැළපෙන ලෙස නම්‍යශීලී නැවත ගෙවීමේ සැලසුම් ලබාදීමටත් මෙහි දී බැංකුව කටයුතු කරයි. මේ අනුව, බැංකුව සඳහන් කරන්නේ මෙම අවස්ථාව ලබාගැනීමට කැමති පාර්ශ්වයන්ට කොමර්ෂල් බැංකුවේ ඕනෑම ශාඛාවකට හෝ AMW ප්‍රදර්ශනාගාරයකට පැමිණ මෙම ලීසිං පහසුකම ලබාගත හැකි බවයි.

කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, සනත් මනතුංග(මැද) සහ ඇසෝසියේටඞ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඞ් හි කළමණාකාර අධ්‍යක්ෂක බ්‍රැන්ඩන් මොරිස් ගිවිසුම හුවමාරු කර ගනී. මෙම අවස්ථාවට (වමේ සිට) AMW හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - CNH අලෙවිකරණ සුසන්ත ප්‍රියලාල්, නීති කටයුතු පිළිබඳ ප්‍රධානී රුවිනි වීරසිංහ, වාණිජ රථ වාහන සහ රෙනෝ හි අධ්‍යක්ෂ චමින්ද පෙරේරා සහ කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ හස්රත් මුණසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකු කටයුතු සැන්ඩ්‍රා වල්ගම, රිටේල් ප්‍රොඩක්ට් අංශයේ, ජ්‍යෙෂ්ඨ කළමනාකරු, දුෂ්මන්ත ජයසූරිය සහ රිටේල් ප්‍රොඩක්ට් අංශයේ කළමනාකරු චන්දන අබේසුන්දර යන අයද සහභාගී විය.

Comments