බණ්ඩාර ඇහැළියගොඩගේ කාව්‍ය සංග්‍රහය ජනගත වීම 16 බදාදා | සිළුමිණ

බණ්ඩාර ඇහැළියගොඩගේ කාව්‍ය සංග්‍රහය ජනගත වීම 16 බදාදා

ප්‍රවීණ ගීත රචක, කිවිවර බණ්ඩාර ඇහැළියගොඩයන්ගේ නවතම කාව්‍ය සංග්‍රහය ‘දළ පූට්ටුවාගේ ආත්ම කථනය’ කෘතිය දොරට වැඩුම කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රවණාගාරයේදී 16 වැනි බදාදා පස්වරු 3.30ට පැවැත්වේ. ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන් විසින් එහි මුලසුන හොබවන අතර සම්මානනීය කිවිවර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහ මහාචාර්ය කෝලිත භානු දිසානායක විශේෂ දෙසුම් පවත්වනු ලැබේ. ප්‍රකට කවි කිවිඳියන් වන රත්න මුත්තෙට්ටුපොළ සහ පරකඩුවේ ශිරාණි ලේකම්ගේ ඉදිරිපත් කරන කවි සංවාදවලින් රස ගැන්වෙන එම අවස්ථාවට ප්‍රවීණ ගායන ශිල්පී සමන් ලෙනින් සහ නිලක්ෂි හැලපිටිය පද්‍ය ගායනාවලින් එක්වේ. ‘දළ පූට්ටුවාගේ ආත්ම කථනය’ කෘතිය සන්ථව ප්‍රකාශනයක් වන අතර උත්සවය සංවිධානය කරනු ලබන්නේ පහන් වැට නිර්මාණ කේන්ද්‍රයයි.


අනුර සෙනෙවිරත්නගෙන් පොත් තුනක් ! 17 දා නිකුත් වේ

ප්‍රවීණ ලේඛක අනුර බී. සෙනෙවිරත්නගේ ' ගහකටත් වරිපනම් අංකයක්' කෙටිකතා සංග්‍රහය, භීෂණයේ කුරිරු මුහුණ' පරිවර්තන කෘතිය ස හ 2019 රාජ්‍ය සාහිත්‍ය සම්මාන අවසන් වටය නියෝජනය කළ 'අලුත් ගෙදර අබිරහස' යොවුන් නවකතාව යන නවතම කෘති ජනගත කිරීම 17 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 3.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

'පහන්වැට' නිර්මාණ කේන්ද්‍රය සංවිධානය කරන මෙම සාහිත සැඳෑවේ රසික ඇමතුම බණ්ඩාර ඇහැලියගොඩ සහ සුනන්දා රණසිංහ සිදු කරන අතර ප්‍රවීණ ලේඛිකා සුජීවා නිරංජනී රත්නායක සහ ප්‍රවීණ ලේඛක විපුල හේවාවලිමුනි ඇතුළු පිරිසක් දෙසුම් පවත්වති.


ටෙනිසන් පෙරේරාගේ “කොරෝනා කාලේ අබිරහස් ජීවිත” දොරට වැඩුම 19 දා

ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරාගේ නවතම නවකතාව “කොරෝනා කාලේ අබිරහස් ජීවිත” කෘතිය 19 වැනි සෙනසුරාදා පෙරවරු 10ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පොත් ප්‍රදර්ශන භූමියේ පිහිටි සරසවි ප්‍රකාශන මැදුරේදී (එම්/1- මිහිලක මැදුර අසල ) ජනගත කෙරේ.

කොරෝනා වසංගතය තුළ ජනයාගේ මානසික ආතතිය හා ජීවන අත්ද­ැකීම් වෙනත් ආකාරයකට ප්‍රති නිර්මාණය කිරීම මෙම ප්‍රබන්ධයේ අභිලාෂය වන අතර අද්භූතවාදය නැතහොත් රොමැන්ටිස නම් සාහිත්‍ය සම්ප්‍රදායේ ආභාෂය යම් ප්‍රමාණයකට ලබමින් රසිකයාගේ වින්දනය තීව්‍ර කිරීමට කතුවරයා මෙම කෘතිය තුළින් උත්සාහ දරා ඇත.


සරත් කුමාර සමරවීරගේ ‘සංසාර පාරමී’ කාව්‍ය සංග්‍රහය 17දා දොරට වඩී

සරත් කුමාර සමරවීරගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය ‘සංසාර පාරමී‘ දොරට වැඩුම 17 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 2ට මහරගම ශ්‍රී ලංකා යූත් ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

එහි ප්‍රධාන දේශන පවත් වන්නේ සාහිත්‍යෙව්දී තිඹිරියාගම බණ්ඩාර, ප්‍රවීණ සිංහල දේශක ආනන්ද කොඩිතුවක්කු සහ වරුණි කෝකිලා ද සිල්වා කිවිඳියයි. සෞම්‍ය ජයතිලක සහ චලනි වෙල්ලද්දරගමගේ පූර්විකා හඬ මුසුවෙන් එම අවස්ථාව රස ගන්වයි.

Comments