සංස්ථා ,මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල ප්‍රධානීන් පිළිබඳ රජයේ තීරණය | Page 2 | සිළුමිණ

සංස්ථා ,මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල ප්‍රධානීන් පිළිබඳ රජයේ තීරණය

රජයේ සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා පත් කර සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙනස් නොකළ යුතු බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබේ.
 
සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත  ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් ලිඛිතව අදාළ දැනුම්දීම බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි
 
රජයේ සංස්ථා, මණ්ඩල හා ව්‍යාවස්ථාපිත ආයතන සඳහා පත් කර සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ යම් වෙනසක් සිදුකරන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ එකඟතාව ලබාගත යුතු බව අදාළ ලිපියේ සඳහන් වෙයි
 
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්විමෙන් අනතුරුව අදාළ ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරිම සිදුකරනු ලැබුවේ විශේෂ කමිටුවකින් ලැබුණු නිර්දේශ මතය.
 
එම නිසා අදාළ තනතුරු සඳහා පත්කළ පුද්ගලයින් වෙනස් නොකර දිගටම කටයුතු කිරීමට එම නිලධාරින්ට අවස්ථාව ලබාදිය යුතු බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබේ.
 
 

Comments