ලොව ප්‍රථම කොරෝනා එන්නත රුසියාවේ ලියාපදිංචි කරයි | සිළුමිණ

ලොව ප්‍රථම කොරෝනා එන්නත රුසියාවේ ලියාපදිංචි කරයි

ලොව ප්‍රථම කොරෝනා එන්නත තම රටේ ලියාපදිංචි කළ බව රුසියානු ජනාධිපති ව්ලැඩමීර් පුටින් ඊයේ (11) ප්‍රකාශ කළේය.
 
මේ එන්නත සම්බන්ධ සියලු පරීක්ෂණවලින් සාර්ථක ප්‍රතිඵල ලැබුණු බවත්, ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අය තුළ කොරෝනා වයිරස් සඳහා ප්‍රතිශක්තියක් ගොඩනැඟී ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි
 
මේ එන්නත ගැමලෙයා ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේ දී වැඩි දියුණු කර ඇති අතර රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වශයෙන් ලියාපදිංචි කර ඇති බව පුටින් මොස්කව් නුවර පැවැති ආණ්ඩුවේ සාමාජිකයින්ගේ රැස්වීමක ප්‍රකාශ කර ඇත. 
 
මේ එන්නත පරීක්ෂා කිරීමට පිලිපීනය කැමැත්ත පළ කර ඇති අතර එහි පළමු එන්නත තමාට විදීමට ඉඩ දෙන බව පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ කියා ඇත.
 
 එන්නත තමාට විදීමෙන් අනතුරුව සාර්ථක වීමෙන් පසු එය සැමදෙනාටම සාර්ථක වනු ඇතැයි පිලිපීන නායකයා සතුට ප්‍රකාශ කරමින් කියා ඇත.   
 
 

Comments