ගැටළුව විසදා ගන්නා තෙක් පත් කිරිම අත්හිටුවයි | සිළුමිණ

ගැටළුව විසදා ගන්නා තෙක් පත් කිරිම අත්හිටුවයි

අපේ ජනබල පක්ෂය සඳහා හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගැසට් නොකිරිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට තිබේ.

ඒ එම පක්ෂය විසින් ඔවුන්ට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයට පුද්ගලයින් දෙදෙනෙකු නම් කිරිම හේතුවෙනි.

එම පක්ෂයේ ලේකම් ලෙස කටයුතු කළ පුජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පළමුව එම ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය සඳහා සිය නම යෝජනා කොට මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමු කොට ඇත.

ඉන් පසුව එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා විසින් වේදිනිගම විමලතිස්ස හිමියන් පක්ෂ ලේකම් ධුරයෙන් ඉවත් කළ බවත් ඒ වෙනුවට නිශාන්ත රත්නායක පක්ෂයේ ලේකම් ලෙසට නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කොට ඇත.

ජාතික ජනබල වේගය පක්ෂයේ නව ලේකම්වරයා විසින් එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා ගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට යෝජනා කරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කොට ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඇතිව තිබෙන ගැටළු සහගත තත්ත්වය සම්බන්ධයෙන් නීතිමය අධ්‍යයනය කිරිමක් සිදුකළ යුතු බැවින් ජාතික ජනබල වේගය පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට අදාළ නම ගැසට් නොකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ.

Comments