පාසල් ඇරඹීමට සියල්ල සුදානම් | Page 2 | සිළුමිණ

පාසල් ඇරඹීමට සියල්ල සුදානම්

1 ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට හෙට සිට පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි පාසල්වල ප්‍රාථමික අංශ සතියේ දින ක්‍රියාත්මක වන්නේ අදියර කිහිපයක් යටතේයි.

සතියේ දින පහම, 5 ශ්‍රේණියේ සිසුන් පැමිණිය යුතු නමුත්, 1 සිට 4 ශ්‍රේණිය දක්වා සිසුන් පැමිණිය යුත්තේ සතියකට දින කිහිපයක් පමණි.

ඒ අනුව සෑම සතියකම සඳුඳා 1 ශ්‍රේණියේ සිසුන්ද, අඟහරුවාදා 2 ශ්‍රේණියේ සිසුන්ද, බදාදා 3 ශ්‍රේණියේ සිසුන්ද පාසලට පැමිණිය යුතුවේ.

එමෙන්ම, 4 වන ශ්‍රේණියේ සිසුන් පැමිණිය යුත්තේ සතියේ සෑම බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පමණි.

යළි දැනුම්දෙනතුරු සිසුන් මෙලෙස පැමිණිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි ද්විතීයික පාසල්වලට පැමිණිය යුතු ආකාරයද අදියර කිහිපයක් යටතේ සිදු කෙරේ.

සෑම සතියේ දිනකම සඳුඳා 6 ශ්‍රේණියේ සිසුන්ද, අඟහරුවාදා 7 ශ්‍රේණියේ සිසුන්ද, බදාදා 8 ශ්‍රේණියේ සිසුන්ද පැමිණිය යුතු වේ.

9 වන ශ්‍රේණියේ සිසුන් පැමිණිය යුත්තේ, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පමණි.

නමුත් 10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වන සියලුම සිසුන් සතියේ දින පහම පාසලට පැමිණිය යුතුය.

කෙසේ වෙතත් ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු පාසල්වල මෙය ක්‍රියාත්මක නොවන අතර, එම පාසල්වල සාමාන්‍ය පරිදි සියලුම ශ්‍රේණිවල සිසුන් පාසලට පැමිණිය යුතු වේ.

Comments