නව පාර්ලිමේන්තුවේ පිය – පුතු, ඥාතී හිතවතුන් | සිළුමිණ

නව පාර්ලිමේන්තුවේ පිය – පුතු, ඥාතී හිතවතුන්

මේ වන විට අපේ රටේ 9 වැනි පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයො තෝරාගෙන අවසන් ය.

මේ පාර්ලිමේන්තුවෙ විශේෂතා ගොඩක් කිහිපයක් පවතින අතර ඉන් එකක් වන්නේ,  පියවරුන් කිහිප දෙනෙකු පුතුන් එක්කම මැති සබේට තේරී පත්වී සිටීමයි.

* අගමැති මහින්ද රාජපක්ෂගෙ පුතා නාමල් රාජපක්ෂ

* චමල් රාජපක්ෂගෙ පුතා ශෂීන්ද්‍ර රාජපක්ෂ

* දිනේෂ් ගුණවර්ධනගෙ පුතා යදාමිණි ගුණවර්ධන

* ජනක බණ්ඩාර තෙන්නකෝන්ගෙ පුතා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

මීට අමතරව ප්‍රබල දේශපාලන නායකයන්ට ඥාති සම්බන්ධතා ඇති බොහෝ දෙනෙක් ද මෙවර මැතිසබේට තේරී පත්වී සටිති.

*අගමැති මහින්ද රාජපක්ෂගෙ සොහොයුරා චමල් රාජපක්ෂ

*අගමැති මහින්ද රාජපක්ෂගෙ නංගීගෙ පුතා නිපුණ රණවක.

* දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගෙ පුතා සජිත් ප්‍රේමදාස

* හිටපු ඇමැති මහින්ද විජේසේකරගෙ පුතා කංචන විජේසේකර

* හිටපු මහ ඇමති මහිපාල හේරත්ගෙ පුතා කනක හේරත්

* හිටපු අගමැති අභාවප්‍රාප්ත දි .මු. ජයත්නගෙ පුතා අනුරාධ ජයරත්න

* හිටපු ඇමැති ආචාර්ය සරත් අමුණුගමගෙ ඥාති පුත්‍රයා දිළුම් අමුණුගම

* හිටපු අගමැති අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායකගෙ පුතා විදුර වික්‍රමනායක

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත අනුරුද්ධ රත්වත්තගෙ පුතා ලොහාන් රත්වත්ත

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත වෛද්‍ය ජයලත් ජයවර්ධනගෙ පුතා කවින්ද ජයවර්ධන

* හිටපු මහ ඇමැති අභාවප්‍රාප්ත බර්ටි ප්‍රේමලාල් දිසානායකගෙ පුතා දුමින්ද දිසානායක

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත රෙජී රණතුංගගෙ පුතා ප්‍රසන්න රණතුංග

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත ආචාර්ය රිචඩ් පතිරණගෙ පුතා රමේෂ් පතිරණ

* හිටපු මන්ත්‍රී අභාවප්‍රාප්ත රංජිත් සොයිසාගෙ බිරිඳ මුදිතා ප්‍රිශාන්ති

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත අමරසිරි දොඩම්ගොඩගෙ පුතා ඉසුරු දොඩම්ගොඩ

*හිටපු ඇමැති අභාවප්‍රාප්ත අමරසිරි දොඩම්ගොඩගෙ සොහොයුරියගෙ පුතා තමයි චන්දිම වීරක්කොඩි

* හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත එච්.ජී.පී නෙල්සන්ගෙ පුතා කිංස් නෙල්සන්

* හිටපු මහ ඇමැති අභාවප්‍රාප්ත මොහාන් සාලිය එල්ලාවලාවලගෙ පුතා අකිල එල්ලාවල

* හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත ධර්මදාස වන්නිආරච්චිගෙ දියණිය පවිත්‍රා වන්නිආරච්චි

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමාන්ගෙ පුතා ජීවන් තොණ්ඩමාන්

* හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත හීන්මහත්තයා ලියනගේගෙ පුතා වරුණ ලියනගේ

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත ගාමිණි අතුකෝරළගෙ සහෝදරිය තලතා අතුකෝරළ

* හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත සරත්චන්ද්‍ර රාජකරුණාගෙ පුතා හර්ෂණ රාජකරුණා

* හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත සංජීව කවිරත්නගෙ බිරිඳ රෝහිණී කවිරත්න විජේරත්න

* හිටපු ඇමැති ආචාර්ය ජගත් බාලසූරියගේ සහ හිටපු ආණ්ඩුකාර කුමාරි බාලසූරියගෙ පුතා, තාරක බාලසූරිය.

* ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආරම්භක ලේකම් අභාවප්‍රාප්ත රංජිත් නවරත්නගෙ පුතා අසංක නවරත්න

* හිටපු පළාත් සභා ඇමැති ඩී.වී. උපුල්ගෙ පුතා ඩී.වී. චානක

* සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ හිටපු නායක, අභාවප්‍රාප්ත කුමාර් පොන්නම්බලම්ගෙ පුතා ගජේන්ද්‍ර කුමාර්

* හිටපු ඇමැති වාසුදේව නානායක්කාරගෙ ඥාතිවර,, හිටපු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන්

* හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත දයා ටී.පැස්කුවල්ගෙ සොහොයුරාගේ පුත් අනුප පැස්කුවල්

* හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත රූපා කරුණාතිලකගෙ ඥාති පුත් ගයන්ත කරුණාතිලක

* ඌව පළාත් හිටපු ඇමැති අනුර විදානගමගේගෙ සොහොයුරා තේනුක විදානගමගේ

* හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත එච්.ආර්.මිත්‍රපාලගෙ පුතා දුෂ්මන්ත මිත්‍රපාල

* හිටපු ඇමැති අතාවුද සෙනෙවිරත්නගෙ ඥාති පුත් උදයකාන්ත ගුණතිලක

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත එම්. වින්සන්ට් පෙරේරාගෙ පුතා සුචිත් සංජය පෙරේරා

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත එස්.ඩී.ආර්.ජයරත්නගෙ පුතා පියංකර ජයරත්න

* අනූ හතරේ මැතිසබයට තේරී පත්ව සිට රිය අනතුරකින් මියගිය ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දුගෙ ඥාති පුත් අරුන්දික ප්‍රනාන්දු

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත පෙස්ටස් පෙරේරාගෙ පුතා නිරෝෂන් පෙරේරා

* හිටපු විදේශ ඇමැති අභාවප්‍රාප්ත ඒ.සී.එස්.හමීඩ්ගෙ බෑණා, අබ්දුල් හලීම් මොහොමඩ්

* හිටපු නියෝජ්‍ය ඇමැති එච්.බී.සේමසිංහගෙ පුතා ෂෙහාන් සේමසිංහ

* හිටපු නියෝජ්‍ය ඇමැති අභාවප්‍රාප්ත එස්.ඩබ්ලිවු.අලවතුවලගෙ පුතා ජේ.සී.අලවතුවල

* හිටපු පළාත් සභා මන්ත්‍රී ඝාතනයට ලක් වූ දේශබන්දු නාමල් ගුණවර්ධනගේ සොහොයුරිය කෝකිලා හර්ෂණී ගුණවර්ධන

* ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අභාවප්‍රාප්ත විජය කුමාරතුංගගේ ඥාති පුත් රංජන් රාමනායක

* හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත සාලින්ද දිසානායකගේ බිරිඳ මංජුලා දිසානායක

* හිටපු ඇමැති අභාවප්‍රාප්ත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේගෙ බිරිඳ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

* හිටපු මුදල් ඇමැති අභාවප්‍රාප්ත ආචාර්ය එන්.එම්.පෙරේරාගේ ඥාති පුත් මහාචාර්ය තිස්ස විතාරණ.

* හිටපු පළාත් සභා මන්ත්‍රී ශ්‍රීලාල් වික්‍රමසිංහගෙ බිරිඳ රාජිකා වික්‍රමසිංහ

ජාතික ලැයිස්තුවෙන් සහ මහජන ඡන්දයෙන් පත් ව සිටින මෙම ඥාතීන් අලුත් පාර්ලිමේන්තුවේදි දැක ගත හැකි ය.

Comments