කොවිඩ් වසංගතයෙන් ඇමසන් ආදිවාසීන් රකින්න කැපවෙන වැන්ඩා | සිළුමිණ

කොවිඩ් වසංගතයෙන් ඇමසන් ආදිවාසීන් රකින්න කැපවෙන වැන්ඩා

කිනෙකට වෙනස් ගෝත්‍රික ජන සමූහ 35ක් පමණ ජීවත්වෙන ඇමසන් වැසි වනාන්තරයේ බ්‍රසීලයේ කොවිඩ් වසංගතයේ තෝතැන්නක් බවට පත්වීමේ ලකුණු පහළ වෙමින් තිබුණා. ඇරත් මේ තත්ත්වය නිසා බ්‍රසීල ආදි වාසීන් සදහටම වඳ වී යාමේ අවදානමකුත් ඇතැයි එරට රජය අනතුරු අඟවා තිබුණා. නමුත් පිරටුපුයා ගෝත්‍රයට අයත් විසෙන්ටේ පිරටුපුයාට නමැති ‍69 හැවිරිදි මහලු මිනිසා ඔහුට අධික ලෙස උණ වැලඳී හුස්ම ගැනීමටත් අපහසුව තිබියදීත් ඔහුගේ නිවහන පිහිටි ඇමසන් වැසි වනාන්තරය හැරයාම තරයේම ප්‍රතික්ෂේප කළා. එක්තරා හෙදියක් ඔහුට කිට්ටු වුණා.

බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තරයේ පවුල් 700ක ගෝත්‍රික ජන සමූහයක් වන ඉන්ඩිජෙනස් ස්වදේශීක ජනවාර්ගිකයන් කොවිඩි වසංගතයෙන් මුදවා ගැනීමට ඇයට ස්වේච්ඡාවෙන් වැඩ කරන්නටයි සිදුවෙලා තිබුණේ. තම ආදිවාසී ප්‍රජාව මේ මාරක වසංගතයෙන් රැක ගැනීම ඇ‍ගෙත් එකම හීනය වී තිබුණා. හැකි ඉක්මනින් රෝහලට නොගියා නම් මරණය නිසැක බව ඔහුට ඒත්තු ගැන්වීමට එම ගෝත්‍රයටම අයත් ‍මෙම පුහුණු හෙදියට ‍පෙර කී මහලු මිනිසාට නොසෑහෙන්න බැණ වදින්නට පවා සිදුවුණා. ඇය වැන්ඩලීසියා ඕටෙගා ඩොස් සන්තෝස්, එසේත් නැතිනම් ඇගේ අසල්වාසීන්ට අනුව ‘වැන්ඩා‘ය.

මාරක වෛරසය බ්‍රසීලය පුරා පැතිරෙන්නට පටන් ගෙන තිබූ නිසා නගරවලත්, ගම්වලත් ඒ අවට වෙසෙන ආදිවාසීන්ගෙත් ජීවිත භයානක ඉරණමකට ගොදුරු වෙමින් තිබුණා. මේ වසංගතය නිසා ස්වදේශීක මරණ කිහිපයකුත් වාර්තා වුණා. ඒත් නිවැරැදි දත්ත කවුරුවත් දැන සිටියේ නෑ. වැන්ඩා සිය ගෝත්‍රික ප්‍රජාව රැක ගැනීමේ හුදෙකලා සටන ආරම්භ කරන්නේ එවැනි පසුබිමකයි. ග්‍රාමීය පරිසරයකට හුරුපුරුදුව සිටියත්, වාරිමාර්ග සහ විදුලිය එහි බොහෝ නි‍වෙස්වල තිබුණේ නෑ. කොවිඩ් වසංගතයෙන් බරපතළ ලෙස රෝගාතුර වූවන් රැගෙන යාමට ගිලන්රථ පවා නිරන්තරයෙන්ම ප්‍රතික්ෂේප කරන තත්ත්වයකුයි තිබුණේ. මහජන සෞඛ්‍ය සායන නම් පළාතෙවත් තිබුණේ නෑ.

“අපේ ජනතාව කොවිඩ් වසංගතයෙන් මිය යමින් සිටින්නේ. ඔවුන්ට කිසිම පහසුකමක් ලැබී නෑ.“කොලොම්බියා දේශ සීමාවේ පිහිටි ඇමසන් නදියේ ඉහළ කෙළවරේ පදිංචිව සිටින මේ පිරටුපුයා ගෝත්‍රයට අයත් 32 හැවිරිදි වැන්ඩා එසේ පැවසුවාය.

32 හැවිරිදි වැන්ඩා උපන්නේ ඇමසන් නදිය අසබඩ පිහිටි අමතුරා ගම්මානයේ. ඇය හෙදියක ලෙස පුහුණුව ආරම්භ කළේ මීට අවුරුදු දහයකට පෙරයි. ඊට පෙර නාගරික පළාතක සමේ පිළිකා රෝගයෙන් පීඩා විඳින පුද්ගලයන්ගේ ආවතේව කිරීමේ අවස්ථාවක් ඇයට ලැබී තිබුණා. ඉන් පන්නරය ලැබූ වැන්ඩා දැන් නිරතව සිටින්නේ තම ගෝත්‍රය කොවිඩ් වසංගතයෙන් මුදවා ගැනීමේ සටනකයි.

ඇය සටන ආරම්භ කළේ වසංගතයේ පැතිරීමේ ආරම්භයත් සමඟයි. වැන්ඩා පළමුව වට්ස්ඇප් කණ්ඩායමක් හරහා කොවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් සොයා ගැනී‍මට ‍වෙ‍හෙසුණාය. එ‍ලෙස ඇය තම ගෝත්‍රිකයන් අතර කොවිඩ් වසංගතය ආසාදනය වූ රෝගීන් සෑ‍හෙන ප්‍රමාණයක් නිරීක්ෂණය කළාය. ගිලන් රථ සොයා ගත නොහැකි නිසා ඇය මේ රෝගීන් රෝහල් කරා යොමු කළේ කුලියට ගත් පැරැණි මෝටර් රථයකින්.

“කුසගින්න මේ අහිංසක මිනිස්සුන් සොයා ආවේ වෛරසයටත් කලිනුයි. “ යැයි වැන්ඩා පවසයි. සමාජ දුරස්ථභාවය කොවිඩ් වසංගතය වළක්වාගැනීමට උපකාරි වුණත් එවැනි ක්‍රමවේද ගැන ගෝත්‍රිකයන් සැලකිල්ලක් දැක්වූයේ නෑ. ගෘහ සේවිකාවන් විදියට රැකියාව කරන ගැහැනුන් වගේම කම්කරුවන් විදියට රැකියාවේ නිරතව සිටින පිරිමින්ටත් සමාජ දුරස්ථභාවය කියන්නේ ඔවුන්ගේ ආදායම් මාර්ග අවහිර වීමකි.

වැන්ඩා සිය රෝගීන්ට වේදනා නාශක පෙති සහ අනිකුත් මූලික ඖෂධ ලබා ‍දෙමින් වෛරසය බෝවීම වළක්වාගැනීමට වුවමනා කරන උපදෙස් ටිකකුත් දුන්නාය. ඇය එවැනි රෝගීන් සිටින පැල්පත්වලට ඇතුළු වුණේ ආරක්ෂිත කබායක්, අත්වැසුම් හා මුව ආවරණ සහිතවයි. සමහර වෙලාවට බ්‍රසීල ගෝත්‍රිකයන්ට ආවේණික මැකෝ කුරුල්ලන්ගේ පිහාටුවලින් සකස් කළ සම්ප්‍රදායික හිස්වැසුමකුත් පාවිච්චි කළාය.

“අපිට මහජන ආධාර ලැ‍බෙන්නේ නැති නිසා ආහාර හා සනීපාරක්ෂක කට්ටල පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් මම සමාජ මාධ්‍ය ඔස්සේ පටන් ගත්තා.“ වැන්ඩා ඉන් නොනැවතී සිය ප්‍රජාවට අවශ්‍ය මුව ආවරණ මැසීමට කාන්තාවන් කිහිපදෙනකු ද සිය මවගේ 

නි‍ෙවසට ගෙන්වා ගත්තාය. එමගින් එක් මහන මැසිමකින් දිනකට මුව ආවරණ 30ක් පමණ මසා නිම කිරීමට ඔවුනට හැකි විය.

වැන්ඩාගේ ගෝත්‍රික ප්‍රජාව පදිංචිව සිටි පළාතේ ප්‍රධානතම නගරය වූයේ මනුස් නගරයයි. වතාවක් බ්‍රසීලයේ සෞඛ්‍ය ඇමැතිවරයා මේ නගරයේ පිහිටි රෝහල කරා පැමිණි අවස්ථා‍වේ වැන්ඩා තම ප්‍රජාවට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ඉල්ලා තවත් කාන්තාවන් පිරිසක් සමඟ රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූවාය. “ස්වදේශිකයන්ගේ ජීවිතවල වටිනාකම“ ඔවුන්ගේ සටන් පාඨය විය. එම විරෝධතා‍වේ සාර්ථක ප්‍රතිඵලයක් ලෙස රෝහල් පරිශ්‍රය අසල ස්වදේශිකයන් වෙනුවෙන් වෙනම වාට්ටුවක් ස්ථාපිත කරන්න රෝහල් බලධාරින් පොරොන්දු විය. මේ දිරිය කාන්තාවගේ ඉලක්කය ස්වදේශිකයන් කොවිඩ් වසංගතයෙන් මුදවා ගැනීම පමණක් නොවේ. බ්‍රසීලය තුළ ඔවුන්ට වටිනාකමක් ලබාදී පොදු පහසුකම් සියල්ල සපුරාලීමයි.

 

Comments