සතියේ කවි පොත | සිළුමිණ

සතියේ කවි පොත

කෘතිය-  සන්දේශ යවලා බෑ කපු­ටන්ට ගොඩ එන්න

කර්තෘ - සුජීව හෙට්ටි­තන්ත්‍රී

සූරිය ප්‍රකා­ශ­න­යකි

‘සන්දේශ යවලා බෑ කපු­ටන්ට ගොඩ එන්න‘  සුජීව හෙට්ටි­ත­න්ත්‍රීගේ ප්‍රථම කාව්‍ය සංග්‍ර­හ­යයි. සුජීව මෙහිදි ලියන්නේ දුක් විදින මිනි­සුන්ගේ ජීවන අත්දැ­කිම්, ඔවුන් ජීවත් වන පරි­ස­රය, සමාජ ආර්ථික වට­පිටා ව මුල්කර ගත් කවිය. එවන් කවි කිහි­ප­යක්ම මේ කාව්‍ය සංග්‍ර­හය තුළදි අපට හමුවේ. 

පැල්පත් කඩා දමා නව නිවාස ඉදි කර­න්නට යාම ,  පැල්පත් ඉවත් කර බිමි නිද­හස් කිරී­මට ඩෝස­රය පැමිණ කරන කාර්යය අසන දකින කවියා ඒහි ජීවත් වන පොඩි මිනි­සාගේ ජීවිත ගැන කිය­න්නට අපට මෙසේ කියයි. ඔහු­ගේ වචන , පද පේළි මෙන්ම උපමා රූපක ආදිය පාඨ­කයා තුළ යම් සංවේ­ග­යක් ඇති කරයි. විශේ­ෂ­යෙන්ම කඩා බිද දමන පැල්පත් භුමියේ එක් පැල්ප­තක වැඩි­වි­යට පත් සොයු­රි­ය­කගේ බාල සොයුරා තම මවට පැල්පත කඩා දැමු අයුරු පව­සන අයුරු සංවේ­ගය දන­වයි. 

මාතෘ­කාව ‘කඩා ඉවත් කිරී­මට නිය­මි­තව තිබූ පැල්පත් පේළියේ කොලු­වෙකු  පාරේ කුණු අතු­ගාන අම්මෙක් ළඟට දිව ගොස්  හදි­සියේ කියූ කවි­යක්.‘

“අම්මේ ටක­ර­ම­කට කණට ගහලා

ඩෝසරේ මේ දැන් ගෙට ගොඩ­වුණා

බිත්තියේ හිටපු සමන් දෙයි­යන්ව

එක කටට ඌට මදි වුණා

ඉටි කොළ කැලි පිට පලු ලෑලී

පාර මැද්දේ සිහි නැති වුණා

හිටි හැටි තැන්ව­ලම පැලේ කනු ටිකට

සට සට ගාලා චූ වැහුණා

කර­ව­ටක් මැද්දේ මිරිස් හොද්දේ හිටපු පියා­මැස්සා

කර­ම­ලෙන් වැට මාර අත්තක එල්ලිලා

ජර ජරස් ගාලා අන්ති­මට මට කතා කරපු

පැල මං එද්දි කට ඇද­වෙලා ගොත­වෙලා

යට­ලීය හපලා ඩෝසරේ කිරි වේයෝ බොද්දි

මඩ වළේ අක්කා ගෝනි­යක ගුලි­වුණා

අම්මේ මං මේ ඌට කියලා ආවේ

“යකෝ ඊයේ රෑ අපේ අක්කා ලොකු වුණා“

මිනි­සුන් ජීවත් වන්නට අප­මණ වෙහෙ­සෙති. කෙනෙක් ආණ්ුවේ රස්සා කරන විට තව­කෙක් පුද්ග­ලික අංශයේ රස්සාය. ඒ දෙකම නැති වුවෝ එක්කෝ ගොවි­තැ­න් බ­තක් කරති නැත්ත­නම් කුමක් හෝ කර්මා­න්ත­යක නැත්නම් තමන්ගේ කියා ස්වයං රැකි­යා­වක් කර­ති. මේ කිසිත් ම නැත්නම් කෙනෙකු පොක­ට් ගසා හෝ බඩ­වි­යත රැක ගන්නට උත්සාහ දරති. පොකැට් ගස­න්නකු , එහෙ­මත් නැත්නම් ගැට කප­න්නෙකු එදා දවසේ ගැසු මිනි­සුන්ගේ මුදල් පසුම්බි ගෙදර ගෙනා විට ඒවා එකින් එක ඇද බලන්නේ ඔහුගේ බිරි­දය. සොර­කම් කළ ද මේ හිත්ව­ලද යන්තම් මනු­ස්ස­ක­මක් ඇති බව, හිතේ තෙතක් ඇති බව කවියා කියන්නේ මෙලෙ­සිනි. මාතෘ­කාව ගැට කපන්නා බිරිඳ සහ ගැට. 

“මේකේ පන්සීයේ පැටි­යෙක්

‍යටම අඩියේ බයට හැංගුන

අස්සේ පෙම් කත­ඩ­දාසි මිටි­යක්

තාම ඇස් වල කඳුළු බේරෙන..

මේ පොකැ­ට්ටුව නව­ක­තා­වක්

වෙළුම් දෙක තුනක් ලියැ­වුණ

බෙහෙත් තුණ්ඩුවේ කඳුළු පිහි­නව

සීයේ කොළ­යක් බෙදා­ගෙන දුක

උපත විප­තට මැද්දේ රූපෙක

මහළු අම්මෙක් තනිව මතු­රන

පුතේ විය­දම් නේද හරි­යට

රජේ කැර­කෝ­ප්පු­වට දෙන්න“

සන්දේශ යවලා බෑ කපු­ටන්ට ගොඩ එන්න කාව්‍ය සංග්‍ර­හ­යේදී හමුවු මේ කවිය ගැනත් සඳ­හන් නොක­රම බැරිය. එදා සිගි­රිය නැග්ග­වුන් කැට­පත් පවුරේ කව් ගී ලියුහ. ඒ කුරුටු ගීය. අද ද සිගිරි යන්න­වුන් ද නොය­න්න­වුන්ද සිගී­රිය පාදක කොට ගනි­මින් බොහෝ කවි ගී ලියයි. ප්‍රේම­යෙන් පරාජිත වූ පෙම්ව­තකු අප්ස­රා­වි­යක හමු වී කියන මේ කවිය අපූ­රුය. අපි සිගි­රිය ගැන දන්නේ එය කාශ්‍යප රජු තම භවන ලෙසින් සාදා නිම­කළ බවය. සිගීරි ලල­නාවෝ නම් රජ බිස­වුන්ය. නමුත් කවියා සිගීරි අප්ස­රා­වද කාගේ හෝ පෙම්ව­ති­යක් යන බවත් , රජුන් හමුවේ ඒ පෙම්ව­ති­යට සිදූ අසා­ධා­ර­ණ­යක් ගැන සිත­න්නට අපට අද­හ­සක් දෙයි.

“...බොහෝ ඉස්සර වැවට අද්දර

මටත් යස පෙම්ව­තෙක් සිටියා

ඇය කියද්දි හිතට රහ­සින් 

ඇස් දෙකෙන් මගෙ කඳුළු පැන්නා

සීගි­රිය කළ රජෙක් දව­සක්

මගේ රූපෙට හිතක් බැන්දා

ගල්ලෙ­නක මම වින්ද කර­දර

වහ­න්නට සිතු­ව­මක් ඇන්දා...

‘කඳු­කරේ කඳු අතරේ නැති කවි­යක්, වවු­ලාගේ මර­ණය, නංගී එල්ලුන ගස යටදී, නෙළුම් උත්ක­ර්ෂ­යට නඟන ගෙම්බන්ට ගෙම්බෙක් අන­තුරු අඟ­වයි, පොදු වැසි­කි­ලිය, කෙල්ලක් කොච්චි­යට බෙල්ල තියද්දි, රේල්පාර ළඟ ටැප් එක, ආදී වූ මාතෘකා යටතේ ලියැ­වුණ කවි මේ සමා­ජයේ ජීවත් වන මිනි­සුන් අති­රින් විවි­ධා­කාර සමාජ ප්‍රශ්න­යන්ට මැදි වූ, සමා­ජයේ මඩ­ගො­හො­රු­වෙන් ජීවි­තය සොය­න්නට තැත් කර­න්නන්ගේ කතා අපට කීමට කවියා උත්සාහ දරයි. 

සුජී­වගෙ කවි අපු­රුය විටෙක හැඟු­ම්බ­රය විටෙක ආවේ­ග­ශි­ලිය. ඔහු කවි­යකු නිර්මා­ණ­ක­රු­වකු ලෙසින් මනු­ස්ස­කම ඇති සමා­ජ­යක් ගොඩ­න­ග­න්නට උත්සාහ දර­න්නෙක් ලෙස හැඳි­න්වීමේ වර­දක් ද නැත. ඔහු තම නිර්මා­ණ­ තු­ළින් සමාජ අසා­ධා­ර­ණ­යට එරෙ­හිව ද, පීඩිත මිනි­සුන් වෙනු­වෙ­න්ද හඬක් නගයි. මේ කවි කියවා දමා නිකම්ම බැහැර කළ යුතු නොවන්නේ ඒ නිසාය.

Comments