මෙය විශ්වවිද්‍යාල මට්ටමේ හැදෑ­රී­මකි | සිළුමිණ

මෙය විශ්වවිද්‍යාල මට්ටමේ හැදෑ­රී­මකි

ග්‍රන්ථය - ශ්‍රී ලාංකේය පාරි­භෝ­ගික ජීවන රටා

සහ මුද්‍රිත මාධ්‍ය වෙළඳ දැන්වීම්

කර්තෘ - ප්‍රභාත් චින්තක මීගො­ඩගේ

කර්තෘ ප්‍රකා­ශ­න­යකි

මිල -රු.950 (පිටු 460)

ලොව වාණිජ පැවැත්ම නිර්මා­ණය වුයේ අද බහු­ලව කතා කරන ගෝලී­ය­ක­ර­ණය යන හැසි­රී­ම­ටත් පෙර සිට ය. ලෝක යුද්ධ දෙකක් මුලික වශ­යෙ­නුත් කලා­පීය යුද ගැටුම් බහුල වශ­යෙ­නුත්  ඇති එකී වාණිජ පැවැත්මේ වෙළඳ පළ බෙදා ගැනීම මුල් කොට­ගෙන ඇති වුවක් විය. ගෝලී­ය­ක­ර­ණය යනු මේ ඵෙති­හා­සික ක්‍රියා­ව­ලියේ දේශ සීමා නැති කර දැමු නව වාණි­ජ­ත්ව­යක් බව පැහැ­දි­ලිය. 

ඒත් සම­ඟම එනම් ගෝලී­ය­ක­ර­ණය තුළ නිර්මා­ණය වන වෙළඳපොළ අලෙ­වි­ක­ර­ණය යන්න ප්‍රචා­රණ මාධ්‍යය හරහා අසී­මා­න්තික තර­ග­යක් ඇති කර ගැනී­මක් වීම ද වැළැ­ක්විය නොහැ­ක්කක් බවට පත්ව තිබේ. 

එවැනි පසු­බි­මක් තුළ ගෝලී­ය­ක­ර­ණය යන්න විෂ­ය­බද්ධ හැදෑ­රී­මක් ලෙසින් ගත­හොත්  එහිලා ජාත්‍ය­න්තර වෙළ­ඳාම, අලෙ­වි­ක­ර­ණය, සන්නි­වේ­ද­නය, වෙළඳ ප්‍රචා­ර­ණය යන විෂ­යන් අන්තර් සංස්කෘ­තික පාද­මක් මත අධ්‍ය­ය­නය කිරීම විශ්ව විද්‍යාල මට්ටමේ විෂය අධ්‍ය­ය­න­යක් හැටි­යට සිදු වෙමින් පවතී. 

ඔවුන් පව­සන අන්ද­මට ඒ හා සම්බන්ධ විශ්ලේ­ෂණ කට­යුතු විෂ­ය­යි­කව නව උපාය මාර්ග  නිර්මා­ණය කෙරෙ­මින් ද පවතී.  

මෙරට විශ්වවිද්‍යාල පද්ධ­ති­යට අදා­ළව ගත­හොත් සන්නි­වේ­දන කළ­ම­නා­ක­ණය හා අලෙ­වි­ක­රණ සම්බන්ධ උපාධි මෙන්ම පශ්චාත් උපාධි පාඨ­මාලා මට්ට­මින් උග­න්වනු ලැබුව ද එකී විෂය රාමුව තුළ සිදු­වන අධ්‍ය­යන පර්යේ­ෂණ ඉතා අවම මට්ට­ම­කින් පවතී යැයි පැවසේ.

“ශ්‍රී ලාංකේය පාරි­භෝ­ගික ජීවන රටා සහ මුද්‍රිත මාධ්‍ය වෙළඳ දැන්වීම්” යනු­වෙන් ජන සන්නි­වේ­ද­නය පිළි­බඳ සිය ශාස්ත්‍ර­පති උපා­ධිය වෙනු­වෙන් කැල­ණිය විශ්ව විද්‍යා­ලයේ ප්‍රභාත් චින්තක මීගො­ඩගේ විසින් සම්පා­දිත කෘතිය ගැන අද­හ­සක් පළ කර­න්න­වුන් මුලින් කී අද­හස් ගැන ද සැල­කි­ලි­මත් වීම අදාළ වීෂය වෙනු­වෙන් පෙනී සිටින විද්‍යා­ර්ථීන්ට ද වැද­ගත් වනු ඇතැයි සිතමි. 

සිය විශ්වවිද්‍යාල පර්යේ­ෂණ කට­යුතු පාදක කර ගනි­මින් ඔහු විසින් රචිත යථොක්ත කෘතිය පිළි­බඳ නිසි විම­සුම් විශ්වවිද්‍යාල ආචා­ර්ය­ව­රුන් අතින් ම වන්නේ නම් එය ද අදාළ විෂය උගන්නා විද්‍යා­ර්ථීන් හමුවේ අධ්‍ය­යන පර්යේ­ෂණ පහ­සු­කම් සැල­සී­මක් වනු ඇත. ඇත්ත වශ­යෙන්ම කිය­නවා නම් සිදු­විය යුත්තේ ද එය යි.

Comments