බංග්ලා­දේශය සැප්තැ­ම්බ­රයේ ශ්‍රී ලංකා­වට | සිළුමිණ

බංග්ලා­දේශය සැප්තැ­ම්බ­රයේ ශ්‍රී ලංකා­වට

මේ මාසයේ පැවැ­ත්වී­මට නිය­මිත වූ ටෙස්ට් තරග දෙක­කින් සම­න්විත බංග්ලා­දේශ ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචා­රය ලබන සැප්තැ­ම්බර් මාසයේ පැවැ­ත්වී­මට බංග්ලා­දේශ ක්‍රිකට් පාලක මණ්ඩ­ලය කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වෙයි. 

මේ තරග සංචා­රය අගෝස්තු මාස­යේදී පැවැ­ත්වී­මට නිය­මි­තව තිබු­ණද කොවිඩ් 19 වසං­ග­තයේ ව්‍යාප්තිය හේතු­වෙන් දින නිය­ම­යක් නැතිව කල් දැමී­මට සිදු­විය. එහෙත් ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 තත්ත්වය යම් දුර­කට පාල­නය වී ඇති හෙයින් තරග සංචා­රය පැවැ­ත්වී­මට දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල සාකච්ඡා ආරම්භ කොට ඇත.

අයි­සීසී ටෙස්ට් ශූර­තා­ව­ලි­යට අයත් මේ ටෙස්ට් තරග දෙක පැවැ­ත්වෙන දින තීර­ණය කර නොමැති නමුත් ඒ  සම්බන්ධ විශේෂ සාක­ච්ඡා­වක් ශ්‍රී ලංකා - බංග්ලා­දේශ ක්‍රිකට් ආය­තන අතර, ඉදි­රි­යේදී පැවැ­ත්වී­මට නිය­මි­තය.

බංග්ලා­දේශ පිල අව­සන් වරට ටෙස්ට් තර­ගා­ව­ලි­යක් සඳහා ශ්‍රී ලංකා­වට පැමිණ ඇත්තේ 2017 වසරේ මාර්තු මාස­යේදී වන අතර, එහිදී පැවැති පළමු ටෙස්ට් තර­ග­යෙන් ශ්‍රී ලංකාව ජය­ගත් අතර, දෙවැනි තර­ගෙ­යන් බංග්ලා­දේ­ශය කඩුලු 4ක ජයක් ලැබය. පී. සරා ඒවල් පිටියේ පැවැති එම තර­ගය බංග්ලා­දේ­ශය ශ්‍රී ලංකා­වට එරෙ­හිව ලැබූ පළමු ටෙස්ට් ජය­ග්‍ර­හ­ණය ලෙස ඉති­හාස පොතට එක් විය. 

කොවිඩ් 19 වසං­ග­තය හේතු­වෙන් ශ්‍රී ලංකා­වේදී පසු­ගිය ජුනි මාසයේ පැවැ­ත්වී­මට නිය­මිත දකුණු අප්‍රිකා ක්‍රිකට් පිලේ සංචා­රය, මේ මාසයේ පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ ඉන්දීය ක්‍රිකට් පිලේ සංචා­ර­යන් ද කල් දැමී­මට සිදු විය.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රි­කාව අතර, ජාත්‍ය­න්තර එක්දින තරග 3ක් සහ විස්සයි 20 තරග 3ක් පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ අතර, ඉන්දි­යාව සමඟ එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තර­ගා­ව­ලි­යක් පැවැ­ත්වී­මට නිය­මිත විය. 

කොවිඩ් 19 වසං­ග­තය ව්‍යාප්තිය ආර­ම්භ­යේ­දීම එංග­ලන්ත ක්‍රිකට් කණ්ඩා­යමේ ශ්‍රී ලංකා සංචා­රය කල් දැමී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය කට­යුතු කළ අතර, එහිදී එංග­ලන්ත ක්‍රිකට් ආය­ත­නය එම තර­ගා­ව­ලිය මේ වසරේ නොවැ­ම්බ­රයේ හෝ ලබන වසරේ ජන­වාරි පෙබ­ර­වාරි මාස­වල පැවැ­ත්වී­මට එක­ඟ­තාව පළ කර තිබේ. ටෙස්ට් තරග දෙක­කින් සම­න්විත ‍එම තර­ගා­ව­ලි­යත් අයි­සීසී ලෝක ටෙස්ට් ශූර­තා­ව­ලි­යට අයත් තර­ගා­ව­ලි­යක් බැවින් අනි­වා­ර්ය­යෙන් පැවැ­ත්විය යුතුය. 

Comments