ක්‍රිකට් වස­න්ත­යත් ඇරැ­ඹෙයි | සිළුමිණ

ක්‍රිකට් වස­න්ත­යත් ඇරැ­ඹෙයි

කොවිඩ් 19 වසං­ග­ත­යෙන් නැව­තුණු මෙරට ක්‍රීඩාව යළි ආරම්භ කර­මින් පැවැ­ත්වෙන ප්‍රධාන ක්‍රීඩා ඉසව්ව ලෙස අන්තර් සමාජ ක්‍රිකට් තර­ගා­ව­ලිය හෙට සිට එනම් 10 වැනිදා ආරම්භ වෙයි. 

ඒ අනුව ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි කණ්ඩා­යම් අට සහ පළඟ ශූරතා තරග සියල්ල මෙදින ආරම්භ කිරී­මට නිය­මි­තය. සුපිරි කණ්ඩා­යම් අට තරග අගෝස්තු 27 වැනිදා නිමා­වට පත් වන අතර, පළග තරග අගෝස්තු 24 දා නිමා වීමට නිය­මි­තය. 

මෙවර තර­ගා­ව­ලිය තුළ වෙන­ස්කම් දෙකක් සිදු කිරීම සඳහා පසු­ගි­යදා රැස් වූ ශ්‍රී  ලංකා ක්‍රිකට් ආය­තන සාමා­ජි­ක­යන්ගේ අති විශේෂ සභා රැස්වී­මේදී ඒක­ම­ති­කව තීර­ණය වීමත් සමඟ තර­ගා­ව­ලිය යළි ආරම්භ කිරී­මට කට­යුතු කෙරිණි. 

මෙකී  සංශෝ­ධන අතර, සුපිරි අට වටය යටතේ සිව් දින සියලු තරග තෙදින තරග ලෙස පැවැ­ත්වී­ම­ටත්, මෙවර තර­ගා­ව­ලියේ ප්‍රසාද ලකුණු සට­හනේ ඉදි­රි­යට පැමි­ණෙන කණ්ඩා­යම් එම කාණ්ඩයේ උස­ස්වීම් ලබා දීම හෝ පහත දැමීම අව­ලංගු කිරී­ම­ටත් තීර­ණය කර තිබේ. 2019-20 තරග  වාර­යට පම­ණක් වලංගු වන පරිදි මේ තීර­ණය ගෙන ඇත. 

පසු­ගිය වසරේ තර­ග­වා­රය දක්වා සුපිරි 8 වටයේ තරග සිව්දින තරග ලෙස පැවැත්වූ අතර පළඟ වටයේ අව­සන් ස්ථාන­යට පත් වන කණ්ඩා­යම් ‘බී’ ශ්‍රේණිය දක්වා පහත දැමූ අතර, එම ශ්‍රේණියේ ශූර­යන් ‘ඒ’ ශ්‍රේණිය දක්වා උසස් කිරී­මට කට­යුතු කළේය. ඒ අනුව පසු­ගිය වසරේ අව­සන් ස්ථාන­යට පත් වූ වරාය අධි­කා­රිය මෙවර තර­ගා­ව­ලි­යේදී ‘බී’ ශ්‍රේණිය දක්වා පහත වැටුණු අතර, එහි ශූර­යන් වූ ලන්කන් ක්‍රීඩා සමා­ජය ‘ඒ’ ශ්‍රේණි­යෙන් තර­ගා­ව­ලි­යට එක් විය. 

සෞඛ්‍ය අංශ­යන්ගේ සියලු සෞඛ්‍ය උප­දේ­ශ­යන්ට යටත්ව තර­ගා­ව­ලිය නැවත ආරම්භ කිරී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් කට­යුතු කර තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවි­ධා­නය කරන මේ තර­ගා­ව­ලිය පසු­ගිය මස 14 වැනිදා යළි ආරම්භ කිරී­මට මීට පෙර  සැල­සුම් කර තිබු­ණත් තරග නීති රීති සහ තර­ගා­වලි ව්‍යුහයේ සිදු වන සංශෝ­ධ­න­යන් පිළි­බඳ සලකා බලා අදාළ විශේෂ මහා සභා රැස්වීම පැවැ­ත්වී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් තීර­ණය කිරී­මත් සමඟ එය යළිත් කල් දැමී­මට පිය­වර ගත්තේය.

‘ඒ’ ශ්‍රේණිය යටතේ කණ්ඩා­යම් 14ක් ‘ඒ’ හා ‘බී’ ලෙස කාණ්ඩ දෙක­කින් තරග  වැදුණු අතර, එම කාණ්ඩ දෙකෙහි ප්‍රසාද ලකුණු සට­හනේ ඉදි­රි­යෙන් සිටින කණ්ඩා­යම් හතර බැගින් ‘සුපිරි 8’ වට­යට සුදු­සු­කම් ලැබීය. සෙසු කණ්ඩා­යම් හය ‘පළඟ’ ශූර­තාව සඳහා තරග වැදී­මට නිය­මි­තය.

තර­ගා­ව­ලිය අත­ර­මඟ නවතා දමන විට මූලික වටයේ තරග නිමා­වට පත් වී තිබිණි. ඒ අනුව ‘ඒ’ කාණ්ඩයේ පෙර­මුණ ගැනී­මට සී.සී.සී. ක්‍රීඩා  සමා­ජය සමත් විය. කෝල්ට්ස්, යුද හමු­දාව සහ බී.ආර්.සී. ක්‍රීඩා සමාජ සුපිරි අට වටයේ ඒ කාණ්ඩයේ සෙසු කණ්ඩා­යම්ය. බී කාණ්ඩයේ පෙර­මුණ ගැනී­මට හලා­වත මේරි­යන්ස් සමත් විය. එන්.සී.සී. සැර­සන්ස් සහ රාගම ක්‍රීඩා සමා­ජ­යද සුපිරි අට වට­යට එක්ව සිටින සෙසු කණ්ඩා­යම්ය. මේ අතර මීග­මුව, එස්.එස්.සී. මුවර්ස්, ද්‍රවිඩ සංග­මය, බදු­ර­ලිය සහ ලන්කන් ක්‍රීඩා සමාජ පළඟ ශූරතා වටයේ තරග වැදී­මට නිය­මි­තය. 

Comments