රිෂාඩ්ගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි | සිළුමිණ

රිෂාඩ්ගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා සිටියේ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

බුවනෙක අළුවිහාරේ,එල් ටී බී දෙහිදෙණිය හා එම් තුරෙයි රාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නේය. පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී විරෝධතාවක් මතුකළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරීන් පුල්ලේ මහතා පාස්කු ඉරු දින එල්ල කරන ලද ප්‍රහාරය සමබන්ධයෙන් කරනු ලබන විමර්ශනය සංකීර්ණ විමර්ශනයක් බවත්, පෙත්සම්කරු ඉල්ලා සිටින ආකාරයට තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවහොත් පරීක්ෂණ ක්‍රියාදාමය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇති බවටත් කරුණු පෙන්වා දුන්නේ.
දීර්ඝ ලෙස කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් අනාවරණය නොවන හෙයින් එය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය

Comments