ලක් රූ රැජන ජෙනි­ෆර්ගේ වත්කම්වලට පොරබදන මිනිස්සු | Page 2 | සිළුමිණ

ලක් රූ රැජන ජෙනි­ෆර්ගේ වත්කම්වලට පොරබදන මිනිස්සු

යස 78ක් වූ හුද­කලා විය­පත් කාන්තා­වක් එක් තැන් වී සිට මිය ගොස් සිටි­යාය. එවන් මර­ණ­යක් යනු ලෝක ධර්ම­තා­වකි. එහෙත් මේ මර­ණය රට උණු­සුම් කළේය. ඒ කාරණා කීප­යක් හේතු­වෙනි. මර­ණය අහ­ම්බ­යක් නොවනු බව කියැ­විණි. මෙය මිනී­මැ­රු­මක් බවත් හුද­ක­ලාව සිටි ඇය සතුව ඇති වත්කම් හිමි කර­ග­න්නට එම මිනී­මැ­රුම සිදු­කළ බවත් කියැ­විණි.

මේ විය­පත් කාන්තාව ඝාත­නය කළ බවට සැක යැයි කියැ­වුණේ ඇය රැක­බලා ගැනී­මට සිටි පුද්ග­ල­යාය. මේ තැනැත්තා නීති විරෝධී අව­සන් කැමති පත්‍ර­ය­කින් ඇය සතු සියලු වත්කම් අත්පත් කර­ගෙන ඇති බවත් සඳ­හන් විය.

මේ මර­ණය සමා­ජය තවත් කම්ප­න­යට පත් කළේ මේ මිය ගිය විය­පත් කාන්තාව අව­ශේෂ අයෙක් නොවූ නිසාය. ඇය ජෙනි­ෆර් ඉන්ග්ලෙ­ටන්ය. දශක පහ­කට එපිට අතී­තයේ එක වක­වා­නු­වක මේ රටේ සුරූපී ආද­ර්ශය ඇයය. වර්ෂ 1963 දී ජෙනි­ෆර් ඈන් ෆොන්සේකා ලෙස ලක් රූ රැජන වශ­යෙන් අභි­ශේක ලබන්නී ඇයයි.

ජෙනි­ෆර්ගේ මර­ණය සැක සහිත බව කියන්නේ ඇයගේ සොයු­රෙකි. එම සොයුරා පදිං­චිව සිටියේ එංග­ල­න්තයේ ය.

ඔහු ජෙනි­ෆර් මිය යන්නට පෙර ඇය පිළි­බඳ විමසා බැලීමේ අයි­තිය ඇටෝනි බල­ප­ත්‍ර­යක් මගින් නීතිඥ සමා­ග­මක් වෙත පවරා තිබිණි.

ජෙනිෆර්ගේ දිවිගමන සටහන් කරන සේයාරූ කිහිපයක්

ලැබෙන තොර­තුරු අනුව ජෙනි­ෆර් ලංකාවේ ජීවත් වූයේ හුද­ක­ලා­වය.

ඇය තරුණ කාලයේ ඇයගේ දෙම­ව්පි­යන් ඇයව හැර දමා එංග­ලන්තේ පදිං­චි­යට ගියේය. ඇයට විවා­හ­යෙන් දරු­වන් නොවුණි. සැමියා ඇය මැදි වයස පසු­ක­රන අව­දියේ දී මිය ගොස් සිටි­යේය.

වැන්ද­ඹු­වක් ලෙස ජීවත් වුණු ජෙනි­ෆර්ට මෙරට සිටි එකම ඥාතියා ඇයගේ සොයු­රාය. ඔහු මීට වසර හය­කට පෙර මිය ගොස් තිබිණි.

ඇය උද­ව්කාර කාන්තා­වක් සමග හුදෙ­ක­ලාව පදිං­චිව සිටියේ කොටා ටෙරස්හි විසල් නිව­ස­කය. නිව­සට ආස­න්නයේ ඇය DAFFY'S නමින් ආහාර අලෙවි මධ්‍ය­ස්ථා­නක් පව­ත්වා­ගෙන යමින් තිබිණි.

හුද­කලා වුවත් ජෙනි­ෆර් ගත­කර තිබුණේ ප්‍රසන්න ක්‍රියා­ශීලි ජිවි­ත­යකි. ඇය සමාජ ඇසු­රෙහි ප්‍රිය වූවාය. මේ අතර ඇය සහ­භාගී වන නැටුම් පන්ති­යක දී ඇයට ප්‍රිය පෙම්වත් පුරු­ෂ­යකු මුණ ගැසී තිබිණි. මේ පෙම්වත් නර්තන ශිල්පියා ඇයගේ රැක­ව­ල්ක­රුවා විය. ඔහු මුණ ගැසෙන විට ඇය සිටියේ වයස හැත්තෑව පසු­ක­ර­මිනි. ඔහු හත­ළිස් වියට එළඹ සිටි­යේය.

 

ජෙනි­ෆර්ගේ මර­ණය ගැන පොලි­සිය කියන කතාව

 

මර­ණය සැක සහිත බව කිය­මින් ඇයගේ අඩ සොයු­රෙක් වන ටෝනි හෝක් නැමැති අය නීතිඥ සමා­ග­මක් හරහා කරන පැමි­ණිල්ල අනුව මූලික විම­ර්ශන පැවැ­ත්වෙන්නේ බොරැල්ල පොලි­සි­යෙනි. මේ සම්බ­න්ධව පොලි­සි­යට ලැබෙන තොර­තුරු පෙළ ගැසෙන ආකා­රය සිද්ධියේ මූලික සැක­යට තුඩු දෙන කාර­ණා­ව­ලට පර­ස්පර බව පොලි­සිය කිය­න්නේය.

“ මේ තැනැ­ත්තිය ලංකාවෙ ඉඳලා තියෙන්නෙ හුදෙ­ක­ලාව. ඇයගේ සොයු­රත් මිය ගිය පසු ඇයට ලංකාවෙ කිසිම ඥාති­යෙක් ඉඳලා නෑ. මේ අතර තමයි ඇයව රැක බලා­ගත්ත පුද්ග­ලයා ඇයට මුණ­ගැ­හිලා තියෙන්නෙ. මේ තැනැත්තා ඇයව නිසි අයු­රින් බලා­ගත් බව තොර­තු­රු­ව­ලින් පෙනෙ­නවා. “

“මිය යන­විට ඇය හිටියෙ දැඩි ලෙස රෝගා­තු­රව. මර­ණය සිදු­වන කාල­යට ආසන්න වක­වා­නුවෙ ඇය හිටියෙ ඔත්පල වෙලා. ඒ කාලය තුළම කවු­රුත් ඇය ගැන බලලා නැහැ. දැන් මේ ගැට­ලුව ඇති වෙලා තියෙන්නෙ ඇයගේ අඩ සොයු­රෙක් මේ මර­ණය ප්‍රශ්න කිරී­මත් සමඟ. ඇයගේ මවු­පි­යන් එංග­ල­න්ත­යට ගියාට පස්සේ දික්ක­සාද වෙලා නැවත ඒ අය වෙනත් විවා­හ­ව­ලට ඇතුළු වෙලා තිය­නවා. ඒ විවා­හ­යක දරු­වෙක් තමයි අඩ සොයු­රෙක් විදි­හට මේ ප්‍රශ්නය මතු කරන්නේ.“

“ මෙතන පෙනෙන විදි­හට ගැට­ලුව සංකී­ර්ණයි. ඇයගේ භාර­කා­ර­ත්වය දැරූ තැනැ­ත්තාට දැන් වයස අවු­රුදු 48යි. ඔහු ඉහළ සමා­ජයේ යම් ප්‍රසි­ද්ධි­යක් සහිත නර්තන ගුරු­ව­ර­යෙක්. ඔවුන් මුණ­ගැ­හිලා තියෙන්නෙ නර්තන පන්ති­ය­කට මේ කාන්තාව සහ­භාගී වෙන අතර. ඒ හැඳු­නු­ම්කම තමයි ඇයව රැක බලා­ගෙන ජීවත් වෙන්න මග පාදලා තියෙන්නෙ.

මිය ගිය කාන්තා­වට වයස අවු­රුදු 78 යි. ඔහුට දැන් වයස අවු­රුදු 48යි. මේ දෙන්න විවාහ වෙලා තියෙන්නෙ ඇයට වයස අවු­රුදු 77 දි. මේ තැනැ­ත්තාට වයස අවු­රුදු 47 දි.

පෙනෙන විදි­හට ඇය ඔත්පල වෙලාම සිටින අව­දියෙ. ඒ විවා­හය සිද්ධ වෙන්නෙම මේ දෙපළ ඉලක්ක කර­ගෙන බව පැහැ­දි­ලියි.

ඒත් එය සිදු­වන ආකා­රය ගැටලු සහි­තයි. බල­හ­ත්කාර විවා­හ­යක් ද, එහෙ­මත් නැති­නම් එය මේ තැනැ­ත්තිය කැමැ­ත්තෙන් සිය වත්කම් පව­රා­දීම සඳහා කළ විවා­හ­යක් ද, ඒ හරහා මිනී මැරු­මක් සිදු­වු­ණාද, මේ ලිය­විලි ව්‍යාජද කියන එක තමයි ප්‍රශ්න­යක් විදි­හට මතු­වෙලා නීතිය ඉස්ස­ර­හට එන්න නිය­මි­තව තියෙන්නෙ...“

“ඇයගෙ සිය­ලුම වත්කම් මේ තැනැ­ත්තාට නෛති­කව පව­රලා තිය­නවා. ඒ වුණත් ඇයගෙ මර­ණය සම්බ­න්ධව සැක­යක් මතු­වෙලා නෑ. ඇය මිය ගිහින් තියෙන්නෙ ඔත්පල වෙලා එක් තැනක ඉද්දි ඇති­වුණ හෘද­යා­බා­ධ­ය­කින් බවයි පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යෙන් කියන්නෙ. මෙතන මේ කාන්තා­වගෙ වත්කම් හිමි­කම පිළි­බඳ ප්‍රශ්න­යක් තමයි දැන් ඇති­වෙලා තියෙන්නෙ...“

 

නීතිඥ සමා­ගම කියන කතාව

 

පොලි­සිය දැනට ඉදි­රි­පත් කරන අද­හස අනුව විවෘ­තය. මේ ගොඩ­නැ­ගෙන ආකා­රයේ සිද්ධි­යක් ඇති­වී­මට ඇති ඉඩ­කඩ සේම එසේ නොවී­ම­ටත් විශාල සම්භා­වි­තා­වක් තිබේ. එංග­න්තයේ සිට මර­ණයේ සැක සහිත බව ගැන ඉදි­රි­පත් කරන පාර්ශ්වයේ චෝද­නාව ගොනු වන්නේ ඩෙරික් ප්‍රනාන්දු ඇසෝ­සි­යේට් නීතිඥ සමා­ගම හර­හාය. ඔවුන් ඉදි­රි­පත් කරන කාර­ණාව තියු­ණුය.

“ ඇය ජීවත් වුණේ කොටා ටෙර­සයේ. ඇයගේ භාර­කා­රයා ලෙස ඇයව රැක බලා­ගනු ලැබූ බව කියන්නෙ සුජීව ජය­ති­ලක නැමැති අයෙක්. ඔහු නර්තන ශිල්පි­යෙක් බව වාර්තා වෙනවා. මේ තැනැත්තා ජෙනි­ෆර් සමග සම්බන්ධ වෙන්නෙ 2017 දි. ඒ ජෙනි­ෆර් වැටිලා සිහි නැතිව පැය 32ක් නිවස තුළ හිටිය සිද්ධි­ය­කට පස්සෙ. එතැන් සිට ඇයගේ රැක­බලා ගන්න තැනැත්තා ලෙස ඔහු ඉඳලා තිය­නවා.

“ මේ වැටී­මත් සැක සහිත බව පෙනෙ­නවා. ජෙනි­ෆර්ගේ ඥාතීන් බොහෝ දෙනෙක් ඉන්නෙ එංග­ල­න්තයෙ හා ඕස්ට්‍රෙ­ලි­යාවේ. ඒ අයට ඇය සමඟ සම්බන්ධ වෙන්න අව­ස්ථාව ලබලා දීලා නෑ. මොහු ඇයව බාහිර ලෝකය සමඟ සම්බන්ධ කරන්නෙ නැතිව හුදෙ­කලා කරලා. සුජීව කියන පුද්ග­ලයා ගෙදර නැති වෙලා­වට කිසිම කෙනෙ­කුට ඇයව බලන්න දීලා නෑ. ඇය අස­නී­පයි කියලා කිය­නවා කතා කරන අයට. ඇය කතා කරන්න කැමති නෑ කිව්වා කිය­නවා. හමු­වෙන්න දීලා තියෙන්නෙ සීමිත පිරි­ස­කට.

අනෙක් කාර­ණාව ඇය ඔහුව විවාහ කර­ගත් බව කියැ­වෙන්නෙ 2019 පෙර­වාරි. ඒ වෙන­කොට මේ තැනැ­ත්තාට වයස අවු­රුදු 47යි. මේ විවා­හය තුළම දේපල වත්කම් හිමි කර­ගැ­නීම සම්බ­න්ධව සැක­යක් ඇති­වෙලා තියෙ­නවා. මොකද මෙයා ඇයව විවාහ කර­ගන්නෙ පෙබ­ර­වා­රියෙ.

මාර්තු­වල ඇයගෙ අන්තිම කැමැති පත්‍ර­යක් ලිය­නවා. එහි ඇයගෙ ඇඟිලි අත්ස­නයි තියෙන්නෙ. ඊට අම­ත­රව එහි සාක්ෂි­ක­රු­වන් 6 දෙනෙක් අත්සන් තියලා තිබෙ­නවා. මේ අව­සන් කැමති පත්‍රය නිවැ­රදි අව­සන් කැමති පත්‍ර­යක් නෙවෙයි. එයත් සැක සහි­තයි.

ඒ වගේම අපට ලැබෙන තොර­තුරු වලින් පැහැ­දිලි වෙන්නෙ ඇයට ඔහු නිසි ප්‍රති­කාර නොකළ වග. නිසි ආහාර පාන ලබා නුදුන් වග. මොකද අව­සාන කාලෙ ඇයගේ යහ­ලු­වන්ට ඇය කියලා තිය­නවා ඇය සතු­ටින් නෙමෙයි ඉන්නෙ කියලා. ඇයට නිසි කෑම බීම ලැබෙන්නෙ නෑ කියලා. අප නීතිඥ සමා­ග­මක් විදි­හට මේ සිද්ධි­යට මැදි­හත් වෙන්නෙ එංග­ල­න්තයේ ඉන්න ඇයගේ අඩ සොයුරා විසින් අපට ඇය සම්බ­න්ධව හොයා බලන්න ඇටෝනි බල­ප­ත්‍ර­යක් මගින් බලය පැව­රු­වට පස්සේ. ඒ සිද්ධිය වෙන්නෙ ජූලි මුල. එහෙත් අපි සිද්ධි­යට මැදි­හත් වෙන්න පෙර ඇය මිය යනවා. ඒ පසු­ගිය ජූලි 17 වැනිදා. මර­ණයේ කට­යුතු ඔහුට නීත්‍යා­නු­කූ­ලව පැව­රෙ­නවා. මර­ණය කරන්න තීන්දු කරන්නෙ ජූලි 20 හවස 4.30ට. ඒත් 2.30 වන­විට ඔහු මර­ණයේ සියලු කට­යුතු නිමා කර­නවා. මේ සියලු සිද්ධි පෙළ ගැසෙන්නෙ සැක කට­යුතු විදි­හට...“ නීතිඥ සමා­ගමේ ප්‍රකා­ශ­ක­යෙක් පැහැ­දිලි කළේය.

මේ සම්බ­න්ධව නෛතික කට­යුතු මෙහෙ­ය­වනු ලබන්නේ නීතිඥ ඉයන් ප්‍රනා­න්දුය.

“දැනට සිද්ධිය සම්බ­න්ධව මූලික විම­ර්ශන ආරම්භ වෙලා. අපි බොරැල්ල පොලි­සියෙ පැමි­ණි­ල්ලක් දාලා තිය­නවා. රහස් පොලි­සි­යට පැමි­ණිළි කරලා තිය­නවා. ඒ වගේම පොලි­ස්ප­ති­ව­රයා දක්වා මේ සිද්ධිය රැගෙන යන්න කට­යුතු කරලා තිය­නවා. සිද්ධිය සම්බ­න්ධව නෛතික ක්‍රියා­මා­ර්ග­ය­කට යන්න සියල්ල සැල­සුම් වෙලා තියෙන්නෙ...“ ඉයන් ප්‍රනාන්දු කිය­න්නේය.

මේ පෙළ ගැසෙන්නේ මනු­ෂ්‍ය­ත්වයේ ඛේද­වා­ච­ක­යක ඒක පැති­ක­ඩකි. ඇය ජීවි­තයේ අව­සන් කාර්තුව තෙක් බොහෝ බිඳ­වැ­ටීම් දරා­ගෙන හුද­ක­ලාව යථා­ර්ථ­යට මුහුණ දුන් ගැහැ­ණි­යකි.

ඇය අව­සන් වක­වා­නුවේ ඔත්ප­ලව එක්තැන් වන­විට ඇයට උප­කාර කිරී­මට පැමිණි පෙම්වතා ඇය ඔත්ප­ලව සිටි­ය­දීම විවාහ වන බව කිය­න්නේය. ඒ ඇය ගේ වත්කම් හිමි­කර ගැනීමේ අභි­ලා­ෂ­යෙන් බව පෙනෙ­න්නේය.

මේ අතර ඇයගේ දික්ක­සාද වී යළි විවාහ වුණු පියාගේ හෝ මවගේ දරු­වන් ලංකාවේ වත්ක­ම්ව­ලට ගිජුව ඒ අයි­තීන් ලබා ගැනීම සඳහා ඒ වෙනු­වෙන් නඩු මගට බැසීමේ සූදා­න­මින් සිටි­න්නේය.

ජෙනි­ෆර් ඉතිරි කර ගිය ජීවිත යථා­ර්ථය මේ කිසි­වෙ­කුට තේරෙන්නේ නැත. ලෝකය දිනා­ගත් සුරූ­පි­ණි­යක්ව අප්‍ර­මාණ සම්භා­ව­නා­වට ලක්වී, සුව­හ­සක් පිරිස් මැද ගෙවූ ජීවි­තයේ අත­ර­මැද හුද­කලා වී අව­සන උපයා ගත්, උරුම කර­ගත් සියල්ල හැර දමා ගිය ඇය ලෝක ධර්ම­තා­වය කුමක් දැයි පෙන්වා දුන්නාය.

මනු­ෂ්‍ය­ත්වයේ අවම සීමා තුළ හිඳි­මින් ලෝකය ඇය හැර දමා ගිය දේ වෙනු­වෙන් අලජ්ජී පොර­යක නිරත වී සිටී.

Comments