නාට්‍ය­ක­රු­වන්ට බලා­පො­රො­ත්තු­වක් ගෙනා “ප්‍රේක්ෂා“ සාර්ථ­කයි | Page 2 | සිළුමිණ

නාට්‍ය­ක­රු­වන්ට බලා­පො­රො­ත්තු­වක් ගෙනා “ප්‍රේක්ෂා“ සාර්ථ­කයි

කොරෝනා වයි­ර­සය පැතිර යාමත් සමඟ ප්‍රසංග කලා­වට පම­ණක් නොව ප්‍රාසාං­ගික කලාවේ නියුතු කලා­ක­රු­වන්ට ද කණ කොකා හැඬුවේ යැයි කීවොත් වර­දක් නැත. විශේ­ෂ­යෙන්ම පැඳු­රෙන් බිමට වැටුණු වේදීකා නට්‍ය ශිල්පීන් ශිල්පී­නි­යන් මෙන්ම ඒ ක්ෂේත්‍ර යේ නියුතු වුවන් සඳහා යම් සහ­න­යක් ලබා­දීමේ අර­මුණ ද ඇතිව ප්‍රේක්ෂ­ක­යන් යළිත් ප්‍රේක්ෂ­කා­ගා­රය වෙත කැඳ­ව­න්නට ටව­ර්හොල් රඟ­හල පද­නම විසින් ප්‍රේක්ෂා නාට්‍ය උළෙල සංවි­ධා­නය කරන ලදී. ඉකුත් 24 වැනිදා සිට 30 දක්වා ටවර් රඟ­හ­ලේදී සහ එල්ෆි­න්ස්ටන් රඟ­හ­ලේදී පැවැති ප්‍රේක්ෂා නාට්‍ය උලෙළ බොහෝ සාර්ථක වූ බව ප්‍රවීණ නාට්‍ය­වේදී ටව­ර්හෝල් රඟ­හල පද­නමේ අධ්‍යක්ෂ ජන­රාල්, ටෙලි නිර්මාණ වේදීන්ගේ සංස­දයේ සභා­පති ‘ප්‍රේක්ෂා‘ නාට්‍ය උලෙළේ සංවි­ධා­යක නිතීඥ ඩග්ලස් සිරි­ව­ර්ධන මහතා පව­සයි.

“ අපි මෙම නාට්‍ය උලෙළ සංවි­ධා­නය කරද්දි ඇතැම් අය අපට කිව්වා මෙය සාර්ථ­කව කර ගන්නට බැරි වේවි කියලා.

නමුත් මම අද බොහෝම සතු­ටින් කියන්නේ අපි හිතු­වා­ටත් වඩා මේ උලෙළ සාර්ථක වුවා . පවුල් පිටින් නාට්‍ය නර­ඹ­න්නට ආවා. ජන­තාව කුමන අප­හ­සුතා මැද්දේ වුවත් මේ සඳහා සහ­භාගි වීමම අගය කළ යුත්තක්.

ඒ වගේම නාට්‍ය පුහුණු වීමට වගේම නාට්‍ය රඟ දැක්වී­මට ඒ අවශ්‍ය භාණ්ඩ නළු නිලි­යන් ප්‍රවා­හ­ණය කිරීම පද­නමේ අනු­ග්‍ර­හ­යෙන් කළේ. නාට්‍ය පැවැ­ත්වෙන දින ඇතු­ළත් දැන්වීම් ගැහුවේ, ඒවා ඇවේවේ පද­න­මෙන්. ඊට අම­ත­රව ටික­ට්පත් වලින් ලැබුණ ආදා­ය­මට තවත් රුපි­යල් 50000 එක්කර තමයි අපි මේ අයට ගෙවීම් කළේ . මාස ගණ­න­කට පස්සේ නළු නිලි­යන්ට ඒ අදාල ශිල්පීන්ට යම් මුද­ලක් අතට ලැබුණ බවයි මගේ හැඟිම.

මෙම නාට්‍ය උලෙ­ළේදී සුබ සහ යස, හංකිති දහ­තුන, බෙර­හඬ, මධුර ජව­නිකා, ආදි වු නාට්‍ය දාහ­ත­රක් පෙන්වනු ලැබුවා. නැව­තත් සැප්තැ­ම්බර් මාසයේ මෙම නාට්‍ය උලෙළ පැවැ­ත්වී­මට අපි අද­හස් කර­ගෙන සිටි­නවා. වෛද්‍ය උප­දෙස් අනුව තමයි අප මේ නාට්‍ය උළෙල පැවැත් වූවේ. ලෝකයේ ඇතැම් රට­වල මිනිස්සු නාට්‍ය­යක් බල­න්න­වත් එළි­යට බහින්නේ නැති කාල­යක තමයි අපි ප්‍රේක්ෂා නාට්‍ය උලෙළ පැවැ­ත්වුවේ. එය සාර්ථක වීම අපිට සතු­ටක්.

ඩග්ලස් සිරි­ව­ර්ධ­න­යන් පව­සන්නේ ඉකුත් දා නිමා වූ නාට්‍ය උලෙළ ගැනය.

“අපේ රටේ ප්‍රේක්ෂ­කයෝ බොහෝම සංවේ­දියි. මට නම් හැගෙන්නේ ඔවුන් මේ වගෙයි කියලා .ඉස්සර නම් බෝම්බ­යක් පිපිු­රු­වොත් එළි­යට බහින් බයයි.

රටේ යම් කල­බ­ල­යක් ඇති වුණොත් අපේ මිනිස්සු එළි­යට බහින්න බයයි. ඉස්සර උදේ දවල් රෑ දර්ශන වාර තුනක් චිත්‍ර­පට පෙන්නපු රටක් මේක. උදේ පාන්දර ඉදන් රෑ වෙන­තුරු බස් දුවපු රටක් මේක.

නමුත් කොරෝනා වසං­ග­ත­යත් එක්ක ඒ හැම­දේම පහු­ගිය කාලේ වෙනස් වුණා. එවන් යුග­යක තමයි අපි මේ ප්‍රේක්ෂා පෙන්නුවේ. මේ නාට්‍ය උළෙල බලන්න බොහෝ ප්‍රේක්ෂ­ක­යන් පැමි­ණිම අපට සතු­ටක්. නමුත් මෙහෙම ප්‍රශ්න­ය­කුත් තියෙ­නවා.

නාට්‍ය බල­න්නට පැමි­ණියේ සාමාන්‍ය ප්‍රේක්ෂ­කයෝ. එහෙම නැතිව නාට්‍ය ගැන හදා­රණ අය, ඒ පිළි­බද උග­න්වන අය හෝ ඒ ක්ෂේත්‍රය නියෝ­ජ­නය කරන අය­නොවේ. ඉතාම ප්‍රශස්ථ නාටය කිහි­ප­යක් පෙන්ව­මින් අප කළේ නාට්‍ය­ක­රු­වන් මෙවන් අව­ස්ථා­වක දිරි ගැන්වී­මයි.

ප්‍රේක්ෂා දෙවෙැනි අදි­යර මීටත් වඩා සාර්ථක වේවි කියලා අප බලා­පො­රොත්තු වෙනවා. ඒ වගේම සෑම අවු­රු­ද්ද­කම මේ නාට්‍ය උලෙළ මීටත් වඩා සාර්ථ­කව පැවැ­ත්වී­මයි අපේ බලා­පො­රො­ත්තුව. ටව­ර්හොල් රඟ­හල පද­නමේ සභා­ප­ති­ධු­රය දරන්නේ බුද්ධ­ශා­සන, සංස්කෘ­තික හා ආග­මික කට­යුතු ඇමැති මහින්ද රාජ­පක්ෂ මැති­තුමා. අපට මේ වැඩ පිළි­වෙල සඳහා එතු­මාගේ පුර්ණ අනු­ග්‍ර­හය සහ­යෝ­ගය ලැබුණා. ඒ වගේම සංස්කෘ­තික අමා­ත්‍යාං­ශයේ ලේකම් බන්දුල හරි­ස්චන්ද්‍ර මහතා මේ වැඩ­ස­ට­හනේ අධී­ක්ෂණ කට­යුතු සිදු කෙරුවා.“

ඩග්ලස් සිරි­ව­ර්ධ­න­යන් පව­සන්නේ මාස පහ­කට ආසන්න කාල­යක් මකු­ළු­දැල් බෑදි පාළු­වට ගොස් තිබු රංග ශාලා වල යළිත් ඔල්වර සන් දෙමින් නාට්‍ය විදි­න්නට ප්‍රේක්ෂ­ක­යාට ප්‍රේක්ෂා නාට්‍ය උලෙළ පැවැ­ත්වීමේ සතුට සිතැ­ති­වය.

Comments