මහ මැති­ව­ර­ණ­යෙන් පසු ආණ්ඩුව සවි­බල ගන්වන්න විපක්ෂ මන්ත්‍රී කණ්ඩා­ය­මක් | Page 2 | සිළුමිණ

මහ මැති­ව­ර­ණ­යෙන් පසු ආණ්ඩුව සවි­බල ගන්වන්න විපක්ෂ මන්ත්‍රී කණ්ඩා­ය­මක්

හ මැති­ව­ර­ණ­යෙන් පසුව එජා­පයේ හා සමඟි ජන බල­වේ­ගයේ ප්‍රබ­ල­යන් රැසක් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ සමඟ එකතු වීමට තීර­ණය කර ඇතැයි විශ්වාස කට­යුතු ආරංචි මාර්ග­ව­ලින් දැන­ග­න්නට ලැබී තිබේ. මේ පිළි­බඳ සාකච්ඡා වට දෙකක් ඉකුත් සතියේ පැවැති අතර ඉන් එක් සාක­ච්ඡා­වක් කොළ­ඹදී සහ අනෙක් සාක­ච්ඡාව මහ­නු­ව­රදී පවත්වා තිබෙන බව දේශ­පා­ලන ආරංචි මාර්ග ඊයේ අනා­ව­ර­ණය කෙළේය. මෙම සාක­ච්ඡා­වට එජා­පයේ සහ සමඟි ජන බල­වේ­ගයේ ප්‍රබ­ල­යන් 6 දෙනකු සහ­භාගි වී ඇති බව කියති.

මහ මැති­ව­ර­ණ­යෙන් පසුව ආණ්ඩු­වට තුනෙන් දෙකක බල­යක් නොලැ­බු­ණ­හොත් නව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වක් සම්පා­ද­නය කිරීම සඳහා රජ­යට සහාය දීම ආණ්ඩු­වට එක් වන විපක්ෂ මන්ත්‍රී­ව­රුන්ගේ අර­මුණ වී ඇත.

මේ පිළි­බඳ කළ විම­සී­මේදී ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ප්‍රකා­ශ­ක­යකු සඳ­හන් කෙළේ රජ­යක් ක්‍රියා­ත්මක කිරීම සඳහා වෙනත් දේශ­පා­ලන පක්ෂ­යන්හි පත්වන මන්ත්‍රී­ව­රුන් සමඟ සන්ධා­න­ගත වීමේ අභි­ලා­ෂ­යක් නොමැති වුවද රටට හිත­කර වන ලෙස ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ සංශෝ­ධන සකස් කර ගැනීම සඳහා අව­ස්ථා­නු­කූ­ලව සාකච්ඡා කිරී­මට සූදා­නම් බවය.

 

Comments