මාන­ව ­ද­යාවේ උල්පත උපාලි ලීලා­රත්න | සිළුමිණ

මාන­ව ­ද­යාවේ උල්පත උපාලි ලීලා­රත්න

ජාතික සම­ගිය නැත්නම් වාර්ගික සුහ­ද­ත්වය ගැන කතා­බස් කරන බොහො­ම­යක් දෙනෙක් එහෙම කරන්නෙ මොකක් හරි ප්‍රති­ලා­භ­යක් අපේ­ක්ෂා­වෙනි. ඇතැ­මෙක් දේශ­පා­ලන වාසි කතා සාමය, සංහි­ඳි­යාව ගැන උගුරු ලේ රහ වෙන­කම් බෙරි­හන් දෙයි. එහෙම කෑ ගහන විට ටීවී කැමරා ටිකක් හා මාධ්‍ය­වේ­දීන් කණ්ඩා­ය­මක් තමන් වටා ගොනු කර ගන්නත් අම­තක කරන්නෙ නැත. 

තවත් පිරි­සක් වාර්ගික අර්බු­දය ව්‍යාපා­ර­යක් බවට පත් කර­ගෙන සිටී. හිඟ­න්නගෙ තුවාලෙ වගේ ජාතීන් අතර අස­ම­ගිය හා වාර්ගික ගැටුම් වගේ දේවල් ඒ උද­වි­යට ගජ වාසි සල­සන ධන උල්පත්ය. මේ දෙව­ර්ග­ය­ටම වඩා වෙනස් මගක ගමන් ගත් පිරිස වන්නේ ලේඛ­ක­යන් හා කලා­ක­රු­වන්ය. ඔවුන් කිසිම ප්‍රති­ලාබ අපේ­ක්ෂා­ව­කින් තොරව ජන හද­ව­ත්වල සහෝ­ද­ර­ත්වයේ පහන් සිළු දල්වන්න ඇප-කැප වෙයි.

මෙවර මිතුරු පවු­රට උපාලි ලීලා­රත්න ලේඛ­කයා ගැන ලියන සට­හන වෙනු­වෙන් ඉහත කී පූර්වි­කාව ලිව්වේ හේතු කිහි­ප­යක් පෙර­දැ­රි­වයි. ලංකාව කියන්නෙ වාර්ගික ගැටලු හේතු­වෙන් දශක තුනක විතර කාල­යක් දැඩි පිඩ­න­ය­කට අහු­වෙලා හිටපු රටකි. ඒ නිස්කා­රන යුද්ධය හේතු­වෙන් වටිනා මිනිස් ජීවිත  ලක්ෂ ගණ­නක් අපේ මවු­බි­මට අහිමි වුණි. විනාශ වී ගිය ජාතික සම්පත් රාශියේ වටි­නා­කම අද­ටත් තක්සේරු කරන්න බැරි තරම්ය. මොන විදි­හෙන් හරි යුද්ධය නිමා­වට පත් වෙලත් දැන්  දශ­ක­යක විතර කාල පරා­ස­යක් ගෙවී ගොස්ය. බෙදු­ම්වාදී යුද්ධය පරා­ජ­යට පත්ව තිබු­ණත් ඊට පිටු­බ­ලය දුන් මත­වා­දය අද­ටත් විටින් විට මතු වන බවක් අපි අම­තක නොකළ යුතුයි.

මත­වා­දී­මය වශ­යෙන් බෙදු­ම්වාදී බල­වේග පරා­ජය කරන තුරු වාර්ගික විර­ස­ක­භා­වය සපු­රාම මුලින් උපුටා දැමීම ප්‍රායෝ­ගි­කව කළ නොහැ­ක්කක්  බවට ඉති­හා­සය සාක්ෂි දරයි. බෙදු­ම්වාදී මත­වා­දය පරා­ජය කිරීමේ එක් ප්‍රධාන මෙව­ල­මක් වන්නෙ සාහිත්‍ය කලා­වයි. අවු­රුදු තිහක විතර කාල­යක් පුරා පැවති යුද ගැටුම් හේතු­වෙන් මෙරට ප්‍රධාන ජන කණ්ඩා­යම් වන සිංහල, දෙමළ හා මුස්ලිම් ප්‍රජා­වන්ගේ හද­වත් වල හට­ගත් සැකයේ හා භීතියේ වණ කැළල් තව­මත් මැකී ගොස් නැත. ඒවා මකා­දමා සමස්ත ශ්‍රී ලාංකි­ක­යන්ගේ  හද­ව­ත්වල මිත්‍ර­ත්වයේ සවි­මත් පවුර ගොඩ­නැ­ගිය හැක්කේ ලේඛ­ක­යන්ද ඇතුළු කලා­ක­රු­ව­න්ටයි. උපාලි ලීලා­රත්න වැනි ලේඛ­ක­යෙක් අපට වැද­ගත් වන්නේ මේ පසු­බිම මතයි.

වාර්ගික යුද්දයේ යථා­ර්ථය මනා ලෙස තේරුම් ගනි­මින්  වර්ගා­න්තර සුහ­ද­ත්වය තහ­වුරු කිරීම වෙනු­වෙන් සිය සාහිත්‍ය ජීවි­තය කැප කළ සහෘද ලේඛ­ක­යකු වන උපාලි ලීලා­රත්න අපෙන් සද­හ­ටම සමු­ගෙන වස­රක් සපි­රුණේ පහු­ගිය ජූලි මාස­යේය. උපා­ලිව ළඟින් ඇසුරු කිරී­මට මට අව­ස්ථා­වක් ලැබුණේ වාර්ගික සුහ­ද­ත්වය අර­මුණු කර­ගත් සාහිත්‍ය කාර්ය­යන් ගණ­නා­ව­කදී ඔහු සමග අත්වැල් බැඳ­ගැ­නී­මට මටද වාස­නා­වක් පෑදුණු නිසයි. සිංහල දෙමළ ලේඛක එක­මු­තුව පළ කළ දීප සඟ­රාවේ සංස්කා­රක ධූරය නිරා­යා­ස­යෙන්ම උපා­ලිට පිරි­නැ­මුණේ සිංහල, දෙමළ භාෂා දෙකම මනා සේ හැස­ර­වී­මට ඔහු සතුව පැවති වෙසෙස් හැකි­යාව නිසයි. එසේම ජාතික භාෂා හා සමාජ ඒකා­බ­ද්ධතා අමා­ත්‍යාං­ශය සමඟ සහ­යෝ­ග­යෙන් එළි දැක්වූ කාලීන සිංහල හා දෙමළ කෙටි­කතා කෘති ද්වයේ පරි­ව­ර්තන කට­යුතු වලදි වැඩි බරක් ඉසි­ලුවේ උපාලි බවත් ඔහුගේ දාය­ක­ත්ව­යට කෙරෙන ප්‍රණා­ම­යක් වශ­යෙන්  සඳ­හන් කළ යුතුයි.

 මගේ හැඟීම වාර්ගික සම­ගිය උදෙසා උපා­ලිගේ උදා­ර­තම මෙහෙ­වර සිදු වුණේ වැඩි සද්ද­යක් බද්ද­යක් නැතිව පළ කළ ස්වතන්ත්‍ර හා පරි­ව­ර්තන සාහිත්‍ය නිර්මාණ ඔස්සේ බවයි. උතුරු නැගෙ­න­හිර දෙප­ළාතේ මෙන්ම කන්ද උඩ­රට වතු­ක­රයේ දෙමළ සාහි­ත්‍ය­ක­රු­වන් වැඩි සංඛ්‍යා­වක් සිංහල ප්‍රජා­වට හඳුන්වා දිමේ පුරෝ­ගා­මියා උපාලි ලීලා­රත්න බවට විවා­ද­යක් නැත. නිර්මාණ සාහි­ත්‍ය­යට අම­ත­රව  ඔහු රචනා කළ වතු කම්ක­රු­වන්ගේ ජන ජීවි­තය හා සංස්කෘ­තිය, හින්දු සිරිත් විරිත් හා දෙවි­වරු වගේම සිංහල අර්ථ සහිත අත්‍ය­වශ්‍ය දෙමළ වචන වැනි පර්යේ­ෂ­ණා­ත්මක කෘති විශ්ව විද්‍යා­ල­යක් වැනි ආය­ත­න­ය­කින් සිදු කෙරිය යුතු ශාස්ත්‍රීය සේවා­වක් තනි පුද්ග­ල­ය­කුගේ හැකි­යාව මත ඉටු  කෙරුණු අව­ස්ථා­වක් හැටි­යට හැඳි­න්වී­මට හැකිය.

රෝ රකු­සාගේ කුරිරු හස්තය විසින් අකා­ලයේ ඔහු අප­ගෙන් උදුරා නොග­න්නට මාන­ව­හි­ත­වාදී සාහිත්‍ය කලා­වක් බිහි කිරීම වෙනු­වෙන් උපාලි ඉටු කිරී­මට සිතා සිටි වැඩ කොටස මෙප­ම­ණ­කැයි කිව නොහැ­කිය. ලංකාවේ සාහිත්‍ය බල­ධා­රින්ට හා අධි­පති මත­ධා­රින්ට උපාලි එත­රම් නොතැ­කිය යුතු චූල ලේඛ­ක­යෙක් වුණාට අස­ල්වැසි භාරත දේශයේ සාහිත්‍ය ආය­තන ගණ­නා­වක් උපාලි එහි කැඳවා සම්මාන වලින් පිදූ බව දන්නේ ඔහුට සමී­පව සිටි අත­ලො­ස්සක් පම­ණයි. මර­ණයේ සෙව­ණැල්ල දැක දැකත් උපාලි ඔහු සේවය කළ ගොඩගේ පොත් මැදු­රට ගොඩ­වැ­දුණේ  තමා  දිවි දෙවෙනි කොට සැලකූ ජාතික මෙහෙ­වර වෙනු­වෙන් එක් වච­න­යක් හෝ ලිය­න්නට ඔහු තුළ පැවති අප­මණ කැමැත්ත නිසයි.

උපාලි ලිලා­රත්න මිතුරා වෙනු­වෙන් මිතුරු පවුරේ තබන මේ පුංචි සට­හන ඔහු කළ ජාතික මෙහෙ­වර හා සසඳා බලන කල හඳට පන්ද­මක් ඇල්ලී­මට සමාන වුවත් මාන­ව­හි­ත­වාදී සාහි­ත්‍ය­යක් පතන සිය­ලුම ලේඛ­ක­යන්ගේ හද­වත් වල පහන් සිතු­වි­ල්ලක් උත්පා­ද­නය කිරී­මට මේ වදන් පොකු­රට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරමි.

Comments