වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවෙක් නිදහස් | සිළුමිණ

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවෙක් නිදහස්

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටි බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීයෙකු වන ඉමදූවගේ ඉන්දික සම්පත් නමැත්තා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කළා.

ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය විසින් මෙම නියෝගය කරනු ලැබීය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින ඉමදුවගේ ඉන්දික සම්පත් නැමැත්තාට චෝදනා පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් සාක්ෂි මේ දක්වා ඉදිරිපත් වී නොමැති බව දන්වා සිටියේය.

 

Comments