මහජන බැංකුව 59 වැනි සංවත්සරය සමරයි | සිළුමිණ

මහජන බැංකුව 59 වැනි සංවත්සරය සමරයි

මහ­ජන බැංකුවේ සභා­පති සුජිව රාජ­පක්ෂ සධා­තුක කර­ඬුව වැඩම කළ අව­ස්ථාව සහ ප්‍රධාන විධා­යක නිල­ධාරි/ සාමා­න්‍යා­ධි­කාරි රංජිත් කොඩි­තු­වක්කු විසින් මහා සඟ­රු­ව­නට පිරි­කර පිරි­නැමූ අව­ස්ථාව

මහජන බැංකුව ස්ථාපිත කර 59 වසරක් සැපිරීම වෙනුවෙන් ආගමික වැඩසටහන් මාලාවක් මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වීමට මහජන බැංකු බෞද්ධ සංගමය, හින්දු සංගමය, මුස්ලිම් මජ්ලීසය හා කිතුනු එකතුව කටයුතු කරන ලදි. ඒ අනුව, මහජන බැංකු බෞද්ධ සංගමය සංවිධානය කළ මහා පුණ්‍යෝත්සවය ජුලි මස 3 සහ ජුලි මස 4 දෙදින තුළ මහජන බැංකු මූලස්ථාන ශාඛාවේ දී පැවැත්විණි. මේ යටතේ ජුලි මස 03 දින මහා පිරිත් සජ්ඣායනයක් හා රතන සූත්‍ර දේශනාවක් පැවැත්වුණු අතර, පසුදින උදෑසන මහා සංඝරත්නය විෂයෙහි හීල දානය පිරිනැමිණි. එමෙන්ම මහජන බැංකු හින්දු සංගමය, මුස්ලිම් මජ්ලීසය හා කිතුනු එකතුව සංවිධානය කළ ආගමික වැඩසටහන ජුලි මස 06 වන දින ප්‍රධාන කාර්යාලයීය තෙවන මහලේදි පැවැත්විණි.

 

Comments