The Voice Teens Sri Lanka නව කඩඉමකට සූදානම්! | සිළුමිණ

The Voice Teens Sri Lanka නව කඩඉමකට සූදානම්!

ශ්‍රීලාංකේය සුපිරි තරු ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ උසස් අරමුණින් නිෂ්පාදනය වූ The Voice Teens Sri Lanka යුරෝපයෙන් ඇරැඹී ලොව පුරා රටවල් 185කට අධික ප්‍රමාණයක අති සාර්ථකව විකාශය වූ වරලත් රියැලිටි සන්නාමයකි.

දකුණු ආසියාවේ විශාලතම මැදිරි සංකීර්ණය stein Studio හිඳී නිර්මාණය වූ නව යෞවනයේ හඬ වර්ණයන් Blind Audition ආරම්භයෙන් පළමු සති කිහිපය ඇතුළතම ජාත්‍යන්තර The Voice Global විශිෂ්ටතම ගීත දර්ශක තුළට ඇතුළත් වීම රූපවාහිනී නාළිකාවට එහා සීමාවේ සිරස TV ලැබූ ජයග්‍රහණයකි.

The Voice Global විශිෂ්ටතම ඉදිරිපත්කිරීම අතරට මේ වන විට තරගකරුවන් සිව්දෙනකු ඇතුළත් වී ඇති අතර තවත් එවැනිම විශිෂ්ට ඉදිරිපත්කිරීම් කිහිපයක් නුදුරේදීම ජාත්‍යන්තරයේ අභිසෙස් ලබනු නිසැකය.

එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකේය රියැලිටි තරග ගායනයක ගීතයක් පළමු වරට You Tube ගීත දර්ශකයේ කෝටියට වඩා වැඩි නැරඹුම් වාර ගණනක් ලබා ගත් අතර සහංගි හසාංජලී විසින් ගැයූ එම ගීතය The Voice Kids Global දර්ශකයේ Most Trending Performance ලෙස ඇතුළත් වී තිබීමත් ලාංකේය අප සියල්ලන්ම ලැබූ සුවිශාල ජයග්‍රහණයකි.

මීට අමතරව මාස 3කට අඩු කාල සීමාවක් තුළ මිලියන ගණනින් නැරැඹූ ඉදිරිපත්කිරීම් කිහිපයක්ම The Voice Teens Youtube නාළිකාව සතු වන අතර කෙටිම කාල සීමාවක් තුළ එම සීමාව වෙත ළඟා වූ වැඩසටහනක් බවට The Voice Teens පත් වී හමාරය.

164,803,857ක YouTube නැරඹුම් වාර ගණනක් ලැබූ The Voice Teens YouTube නාළිකාව එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අඩුම කාල සීමාවකින් වැඩිම වේගයකින් එම සීමාවට පැමිණි YouTube නාළිකාව වන අතර මේ වන විටත් ලක්ෂ 5කට අධික නිත්‍ය ප්‍රේක්ෂකයන් ගණනක් ඒ වටා එක්ව සිටියි.

ඉහළම සහ නවීනතම තාක්ෂණයට යටත්ව ජාත්‍යන්තර වරලත් වැඩසටහන් සන්නාම ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව නිපදවමින් ප්‍රේක්ෂකයාගේ ඇස් වශීකරගත් The Voice Teens වැඩසටහන් මීලඟ සුවිශේෂී කඩයිමට ළංව සිටියි. ඒ knockout තරග වටයයි.

ඉන්පසුව අවසන් පූර්ව තරග වට දෙකක් සහ අවසන් මහා තරගයත් පැවැත‍්වෙන අතර විශාල පරිමාණයේ ත්‍යාගයන් සහ ජයග්‍රාහකයින්ට ජාත්‍යන්තරය ජයගන්නට සුවිශේෂී වරමක්ද ලබාදෙන්නටද සූදානම්ය. අගෝස්තු 1 සහ 2 දෙදිනම පැවැත්වෙන අවසන් මහා තරගයද ලාංකේය ප්‍රේක්ෂකයනට අලුත් අත්දැකීමක් වනු ඇත.

‍ගමේ දක්ෂයින් රටට හඳුන්වාදීමෙන් නොනැවතී රටේ දක්ෂයින් ජාත්‍යන්තර වේදිකාව දක්වා ඔසවා තැබූ The Voice Teens Sri Lanka හි ගමන් මඟ ඉදිරියට තව තවත් තරගකාරී වනු ඇත.

Comments