ඉන්දියාව කොරෝනා ලැයිස්තුවේ 03 වැනි තැනට | සිළුමිණ

ඉන්දියාව කොරෝනා ලැයිස්තුවේ 03 වැනි තැනට

නව කොරෝනා වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ලවූ තෙවන රට බවට ඉන්දියාව මේ වනවිට පත්ව ඇත.

ඊයේ සවස් කාලය වන විට රුසියාවද අභිබවා යමින් ඉන්දියාවෙන් සමස්ත කොරෝනා රෝගීන් 697,836 සංඛ්‍යාවක් වාර්තා විය.

දෛනිකව ගත් කළ ඉන්දියාවෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේද ඊයේ දිනයේදීය .

ඒ අනුව ඊයේ දින රෝගීන් 25,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 613ක් වාර්තා විය.

මේ අතර ලෝක ප්‍රසිද්ධ “ටාජ් මහල” අද දිනයේදී යලි විවෘත කිරිමට නියමිතව තිබුණත් එම තීරණය අවලංගු කිරිමට ඉන්දීය රජය තිරණය කර තිබේ.

Comments