යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යන්න | සිළුමිණ

යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යන්න

ශ‍්‍රී ලංකාවේ බොහෝ දුරට පාලනය කර ඇති කොවිඩ් 19 වසංගතය යළි හිස එසවීම වළක්වා ගැනීමට දැන් වැඩි වගකීමක් පැවරී ඇත්තේ මහජනතාවට බව වෛද්‍යවරුන් නැවත සිහිපත් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේ ඇඳිරි නීතිය පණවා තිබූ කාලයේ දී පුහුණු වූ යහපත් සෞඛ්‍ය පුරුදු පනවා තිබූ සීමා ලිහිල් කෙරුණ ද තවදුරටත් එලෙසම පවත්වා ගත යුතු බවය.

සෞඛ්‍ය උපදෙස් ගරු නොකර මහජනතාව හිතුවක්කාර ලෙස හැසිරුණහොත් කොකොවිඩි 19 වසංගතය යළි හිස ඔසවා දැඩි සීමා පැනවීමට නැවත සිදු වනු ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරිණ.

Comments