පාස්කු ප්‍රහාර කොමි­ස­ම­කට ජන­ප­ති­ගෙන් අග­රද­­ගු­රුට ආරා­ධ­න­යක් | Page 3 | සිළුමිණ

පාස්කු ප්‍රහාර කොමි­ස­ම­කට ජන­ප­ති­ගෙන් අග­රද­­ගු­රුට ආරා­ධ­න­යක්

අ‌ෙප්‍ර්ල් 21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් විශේෂ ජනා­ධි­පති කොමි­ෂන් සභා­වක් පත් කිරී­මට තමා අපේක්ෂා කරන බැවින් මේ කොමි­සම සඳහා අග­රද­­ගු­රු­තු­ම­න්ටද තම නියෝ­ජි­ත­යකු පත් කර­න්නැයි ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අග­ර­ද­ගුරු මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන්ට ආරා­ධ­නය කර ඇත. පසු­ගි­යදා අග­ර­ද­ගුරු නිල නි‌ෙව­සේදී අග­රද­­ගු­රු­තු­ම­න් හමු වූ ජනා­ධි­ප­ති­ව­රයා උන්වහන්සේගෙන් ‍ෙම් ඉල්ලීම කර ඇති අතර යළිත් එවැනි සිදු­වීම් සිදු නොවන පරි­ද්දෙන් රටේ ආර­ක්ෂාව තර කිරීම පිළි­බ­ඳව සහ­ති­ක­යක්ද දුන්නේය. මෙවැනි අව­සා­නා­වන්ත තත්ත්ව­යන්ට හේතු වූයේ පසු­ගිය කාලය තුළ යුද හමුදා බුද්ධි අංශ දුර්වල වීම බව සඳ­හන් කළ ජනා­ධි­ප­ති­ව­රයා බිඳ වැටී ඇති හමුදා බුද්ධි අංශ ඉදි­රි­යේදී සක්‍රිය කිරී­මට කට­යුතු කරන බවද සඳ­හන් කළේය.

Comments