කොළඹ විශ්වවිද්‍යාලයෙන් පොතක් වෙනුවට පුස්තකාලයක් | සිළුමිණ

කොළඹ විශ්වවිද්‍යාලයෙන් පොතක් වෙනුවට පුස්තකාලයක්

2013 දී කොළඹ විශ්වවිද්‍යාලය ,විශ්වවිද්‍යාලයක් වශයෙන් යෝධ පියවරක් ඉදිරියට තබන්නේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සංකල්පයක් මත ආරම්භ වන සමාජ සවිබල ගැන්වීමේ ප්‍රජා සත්කාරක සේවා ව්‍යාපෘතිය මගිනි.
 
වර්ෂයක් පාසා පළමු වසර සිසුන් කුඩා කණ්ඩායම් ලෙස වෙන් වී සමාජයට වැඩදායි සේවාවක් ඉෂ්ට කළ යුතු අතර මෙම වසරේ ද එකී ප්‍රජා සත්කාරක සේවාව රටපුරා විවිධ දුෂ්කරතා ඉලක්ක කොටගනිමින් සිදුකරයි.
පාදුක්ක ප්‍රදේශයේ "මාදුළුවාව මහා විද්‍යාලය" කොළඹ දිස්ත්‍රික්කයේ පවතින අතිශය දුෂ්කරතා වලින් පෙලෙන පාසලකි.
 
සිසුන් හයසීයක් හා 2010 පත්වන විදුහල්පති පී.ඩී.ඒ. ප්‍රේමලාල් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය 29 කින් පමණක් සමන්විත වන පාසලේ පවතින අපි පහසුකම් තත්ත්වය නිසා දක්ෂ සිසුන් විශාල පිරිසක් නගරය හා තදාසන්න ප්‍රදේශවල පාසල් කරා ගමන් කරති.
 
ඇතැම් සිසුන්ට පාසල් ජිවිතයට තිත තැබීමට සිදුවන්නේ පාසලේ දුෂ්කරතා වලට අමතරව ඔවුන්ගේ පවුල්වල පවතින මූල්‍ය දුෂ්කරතා වලට පිළියම් සෙවීමටයි.පාඩම් කිරීමට නිවෙස් වල හරි පහසුකමක් නොමැති සිසු පිරිස පාසලට පැමිණෙන්නේ පාසලේ දී පාඩම් වැඩ කටයුතු සිදුකර ගනිමින් අනාගතය සමාජය බබලවන්නට හීන දකිමිනි.
 
එම හීනවලට ආරම්භයේදීම තිත තබන්නට ඔවුන්ට සිදුවන්නේ පාඩම් කිරීමට නොහැකි අතිශය කටුක වටපිටාවක පිහිටි පුස්තකාලය නිසයි.
 
තීර්ථ ව්‍යාපෘතිය මාදුළුවාව මහා විද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව වෙත සිය සහෝදරත්වයේ දෑත දිගු කරන්නේ එවැනි කටුක අත්දැකීම් ලබන ඔවුන්ගේ සිහින වලට යළි පණ පොවමිනි.
 
ජූලි , අගෝස්තු මාස වල ආරම්භ වන මෙම ව්‍යාපෘතිය මේ වන විට අවසානයට ලඟා වී ඇති අතර ව්‍යාපෘතිය යටතේ පොත්පත් විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කරමින් ගරාවැටුණු පුස්තකාලය වෙනුවට නවීන පන්නයේ අංගසම්පූර්ණ පුස්තකාල ගොඩනැගිල්ලක් ඔවුන්ට අකුරු කිරීම වෙනුවෙන් ඉදිවුනි.
 පමණක් නොව තිරසාර භාවය ආරක්ෂා කිරීම උදෙසා විශ්වවිද්‍යාල සිසුහු නවීන පුස්තකාල කළමනාකරණ ක්‍රමවේදයක් පාසලට හඳුන්වා දීමට මේ වන විට සියලු කටයුතු සංවිධානය කොට ඇත.
 
එමෙන්ම මකුළුවන්ට බදු දී තිබූ පරිගණකාගාරය නැවත වතාවක් 2019 .11 .14 වන දින සිසු අයිතියට පත්වන්නේ නවීන පරිගණක ද්විත්වයක් ද සමගිනි.
 
එමෙන්ම මූල්‍ය දුෂ්කරතා වලින් පෙනෙන සිසුන් උදෙසා ශිෂ්‍යත්ව ක්‍රමයක් සැකසීමට ද තීර්ථ කණ්ඩායම මේ දිනවල කටයුතු යොදමින් සිටියි.බොහෝ දෙනාගේ මූල්‍ය පරිත්‍යාගයන් මෙන්ම කොලඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය පිරිසගේ දහඩිය,මහන්සිය සහ කැපවීම මතින් ගොඩනැගුණු මෙකී දැවැන්ත ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහය දුන් සැමටම තුති පිරිනැමීමට ද තීර්ථ කණ්ඩායම අමතක කලේ නැත.
 

Comments