‍අනුහස් මහවලගේ නිර්මාණ දැක්ම මෙම 18 දා සිට 20 දක්වා | Page 2 | සිළුමිණ

‍අනුහස් මහවලගේ නිර්මාණ දැක්ම මෙම 18 දා සිට 20 දක්වා

අනුහස් මහවල‍ෙග් නිර්මාණ ශිල්පියාගේ 35 වසරක නිර්මාණ ජීවිතයේ එදා මෙදා තුර සිදු කළ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී උදේ 8.00 සිට සවස 4.00 දක්වා පැවැත්වේ.

“මම වත්තල තෙලඟපාත ප්‍රදේශයේ සහෝදර සහෝදරියන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනියා වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ. උසස් පෙළට විද්‍යා විෂයන් හැදෑරුවත්, ක්‍රීඩකයෙක් හා කලාකරුවෙක් ලෙස පාසලේ තැනක් තිබුණා. විද්‍යා, කලා, වාණිජ අංශ තුනම එකතුවෙලා හැදූ නිර්මාණ හා කලා සංගමයේ සභාපති මමයි. දැන්වීම් පුවරුවේ චිත්‍ර දිගටම හැඩ වුණේ මගේ අතින්. උසස් පෙළින් පසු මා ටියුෂන් ක්ෂේත්‍රයේ ටික කලක් හිටියා. ඉන්පසු 1984 සිට කුමරි, මිහිර, නවයුගය, යොවුන් , ජනතා, ක්‍රීඩා පත්තරවලට ලිපි හා ඡායාරූප සැපයුවා. මැදපෙරදිග පුවත්පත් තුනක සහාය රූ රටා සැලසුම් ශිල්පියෙකු ලෙස කටයුතු කළා. ඒවා සංස්කරණය කළේ ප්‍රේම් දිසානායක මහතායි.

වසන්ත ප්‍රිය රාමනායක මහතාගේ ආරාධනයෙන් දෙසතියට සම්බන්ධ වුණා. වසර 12ක් පමණ දෙසතිය කවරය නිර්මාණය කළේ මමයි. 1993 ඉඳලා.

ඉන්පසු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජාතික මට්ටමේ ග්‍රන්ථ ගණනාවක් ප්‍රදර්ශන ගණනාවක් කළා. පොතේ පිටු සැකසුම් මගේ අතින් 50 වන නිදහස් සංවත්සරයේ කරන ලද පින්තූර 500 ඇතුළත් ඡායාරූප ප්‍රදර්ශනයේ සිට, ලෝක ජනමාධ්‍ය දිනය, ලෝක ළමා දිනය, නිල්වලා උපහාර, ලෝක සංචාරක දිනය, ලෝක තැපැල් දිනය, බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ගුණ සමරුව, ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ 50 වැනි ගුණ සමරුව, ආර් ප්‍රේමදාස ජනාධිපති 9 ගුණ සමරුව වැනි විශාල ඡායාරූප ප්‍රදර්ශන ගණනාවක් පවත්වනු ලැබූවා. දැනට මම අමාත්‍යාංශ ගණනාවක හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පරිගණක ශිල්පියෙකු ලෙස කටයුතු කරනවා.

‘කෙටියෙන් පවසමි’ පොත ලියවුණේ අවු: 20 – 25 මා ඇසුරු කළ ගනුදෙනු කළ අයගේ සුවිශේෂී සිදුවීම් ඇසුරින් ආචාර්ය සරත් අමුණුගම, මහාචාර්ය ආරියරත්න ඇතුගල මහාචාර්ය සේන නානායක්කාර, ජනාධිපති නීතිඥ සරත් කෝන්ගහගේ, දිලිප් ජයවීර (සුප්‍රකට ව්‍යාපාරික) කෙටි දෙසුම් පවත්වනවා.

චිත්‍ර ප්‍රදර්ශනයේ නම “දෘෂ්‍ය රූපයේ සුභාවිතය” නමින් තියෙන්නේ. මගේ වර්තමානයේ අඳින ලද චිත්‍ර 100 පමණ, මූර්ති 2,3 ක් අඩංගුයි. මෙහි විශේෂත්වයක් තියනවා. අධ්‍යාපනික පැත්තෙන් බැලුවාම මේ ක්ෂේත්‍රයේ සිටින තරුණ පරම්පරාව, පාසල් දරුවන්ගේ විශේෂත්වය වන්නේ, අපි අතීතයේ වැඩ කරපු හැටි පෙන්වීමයි. මේ සම්බන්ධ පැයක වැඩමුළුවක් තියනවා. ක්ෂේත්‍රයේ නියැළෙන අලුත් පරම්පරාවට මේවා වැදගත්.

මම පත්තරවලට ඇදපු චිත්‍ර ආටිකල් ඇල්බම් ලෙස තියෙන්නේ. ජාතික මට්ටමින් සිදු කළ නිර්මාණ, ජනාධිපතිවරු 4 දෙනෙක් සමඟ කළ විශේෂ ග්‍රන්ථ මෙම පොත්වලින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. ජාතික මට්ටමේ දේවල් 95% පමණ තියනවා. ග්‍රන්ථ, පොත්පත් හා දැන්වීම් 40% විතර තියනවා.

ඡායාරූප කලාවේ අනාගතය ගැනත් ඔහුට කියන්නට යමක් තිබුණා. “ඡායාරූපත් සමඟ ගනුදෙනු කළ ඩිජිටල් යුගය පැමිණීමට පෙරයි. අපි ගත්ත ඡායාරූප 100% නිවැරදිතාවයෙන් ගත යුතු වුණා. පින්තූරවල නිවැරදිභාවය ආලෝකයෙන් බලාගත හැක්කේ මුද්‍රණයෙන් එළිදැක්වූවාට පසුයි. ඒ නිසා 100% නිවැරදියි. වර්තමානයේ නවීන තාක්ෂණයත් සමඟ ඡායාරූප ශිල්පියාට තියන කාර්ය භාර්ය අඩුයි. සංස්කරණය පවා ලැබ් එකේ. ඡායාරූප ගැනීමේදී අවශ්‍ය වන්නේ තාක්ෂණික උපකරණවලට වඩා ඡායාරූපය ගැන තාක්ෂණික දැනුමයි. මේ ක්ෂේත්‍රයේ නියැළෙන්නන් හැකි පමණ තාක්ෂණයට වඩා තමන් ගැන විශ්වාසය තබා ගත යුතුයි.

ඒ සඳහා නිතරම න්‍යායික අත්දැකීම් ලබාගතහොත් හොඳයි. මගේ බිරිය ශ්‍යාමලී විජේසිංහ සැලසුම් ශිල්පිනියක ලෙස කටයුතු කරනවා. පුතාලා දෙන්නයි අමිල ශංඛ මහවලගේ 25 වෛද්‍ය අංශයේ ශනිත් විසුලසිත් මහවලගේ මේ වසරේ උසස් පෙළ කලා විෂයන් කරනවා. ඩී. එස්. සේනානායක විද්‍යාලයේ”

අනුහස් ගේ නිර්මාණවල අනුහස් අත්විඳීමට ඔබටත් ඉඩක් ලැබේවි.

අංක 125/4, මහවත්ත පාර,

වේවැල්දුව, කැලණිය

ඔහුගේ ලිපිනයයි.

නිශානී හේරත් බන්නැ­හැක   ඡායා­රූ­පය ටෙනි­සන් එදි­රි­සිංහ    

Comments