සමාජ මාධ්‍ය කැළැඹූ ටිකිරි ඇති­න්නගේ ඇත්ත කතාව | සිළුමිණ

සමාජ මාධ්‍ය කැළැඹූ ටිකිරි ඇති­න්නගේ ඇත්ත කතාව

හ­නු­වර ශ්‍රී දළදා මාලි­ගයේ ඇසළ මහ පෙර­හර අව­සන්ව ඇත. පසු­ගිය දින කීපය පුරාම පෙර­හ­ර­ටත් වඩා ප්‍රමු­ඛව කතා කළේ පෙර­හරේ ගමන් ගත් ටිකිරි නැමැති ඇතින්න ගැනය. ඇය පිළි­බඳ මෙරට පම­ණක් නොව, දැන් විදෙස් පරි­ස­ර­වේ­දින්, සත්ව­වේ­දීන් ද කතා කර­න්නට පට­න්ගෙන ඇත.

ටිකිරි ඇතින්න පිළි­බ­ඳව මෙවර මහ­නු­වර ඇසළ පෙර­හරේ තුන්වන රන්දෝලි පෙර­හර ආරම්භ වන විටත් දැන සිටියේ මෙරට ජන­තාව අත­රින් ඉතා සුළු පිරි­සකි. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වැහැ­රුණ ඇති­න්නගේ ඡායා­රූ­ප­යක් හා විසි­තුරු ඇඟ­ළුම් පොරවා ඇසළ පෙර­හරේ විෂ්ණු දේවාල පෙර­හරෙ ගමන් කර­වන ඡායා­රූ­ප­යක් පල වීමත් සමග ඒ පිළි­බ­ඳව කථි­කා­වක් ඇති­විය.

දම්සිරි කරු­ණා­රත්න

ඒ සම­ගම ඊළඟ දින­යේදි ඇති­න්නව පෙර­හරේ යෑම නතර කරන ලදී. නමුදු දැන් බිම ඇඳ වැටෙයි යැයි බැලූ බැල්මට සිතුණු ඇතින්න කවු­රුත් බලා සිටි­යදි පැත්ත වැටු­ණේය.

අපි ටිකිරි සොයා මහ­නු­වර විෂ්ණු දේවා­ල­යට ගියෙමු. ඒ වන විටත් විෂ්ණු දේවා­ලයේ ඇත් ගාලේ බැඳ සිටි ටිකිරි සිටියේ යහ­පත් සෞඛ්‍ය තත්ව­යෙන් නොවේ.

එවැනි තත්ත්ව­යක සිටින ටිකිරි පෙර­හ­රට සම්බන්ධ කිරී­මට හිමි­කරු තීර­ණය කළේ ඇයි ද යන්න කාටත් ඇති වූ ප්‍රශ්න­යකි. එල්.එල් තිල­ක­රත්න නම් වූ ටිකි­රිගේ හිමි­ක­රුට කතා කළ අව­ස්ථාවේ ඔහු පැව­සුවේ මෙවන් කතා­වකි.

‘මම මේ ඇතින්න පෙර­හ­රට එව්වේ සල්ලි හොයන්න නෙවෙයි. සතා දැන් මාස හයක ඉඳලා ලෙඩින් ඉන්නේ. කෑම කෑවත් ඒවා ජීර්ණය වෙන්නේ නැහැ. ඒ නිසා ඇඟ දව­සින් දවස කෙට්ටු වුණා. බෙහෙත් කළත් මුල් කාලයේ ඒවා ඇඟට පත්ති­යම් වුණේ නැහැ. දැඩි මුණ්ඩ දෙවි­ය­න්ටත් විෂ්ණු දෙවි­ය­න්ටත් බාර­යක් වුණා ඇතා ජීවත් වුණොත් මහ­නු­වර පෙර­හරේ එක රන්දෝලි පෙර­හ­ර­කට හරි සම්බන්ධ කර­නවා කියලා. දෙවි­යන්ගේ පිහි­ටෙන් ඇති­න්නට සුව වුණා. මම දෙවි­යන්ට වුණු පොරො­න්දුව ඉෂ්ඨ කරන්න ඕන. ඒක සමාජ මධ්‍යය වලින් මාවත් පෙර­හ­රත් විවේ­ච­නය කරන උද­විය දන්නේ නැහැ. මගේ අතේ සල්ලි විය­දම් කරලා තමයි කෑගල්ලේ රන්දෙ­ණියේ ඉඳලා ඇතින්න නුවර යැව්වේ. කෑම දිර­වන්නේ නැති නිසා සතාව දව­ස­කට කිලෝ මීටර දෙක තුනක් ඇවි­ද්ද­වන්න කියලා වෛද්‍ය­වරු කිව්වා. අපි ඒක හැම­දාම කර­නවා. පෙර­හරේ යන­කො­ටත් කරන්නේ සතා ඇවි­දින එකනේ.

දැන් ඇති­න්නට වයස 70 ක් පමණ වෙනවා. වය­සත් එක්ක ලෙඩ­කුත් හැදුණ නිසා සතා හොඳට ම දුර්වලා වුණා. දැන් ගොඩක් හොඳයි. අපි පෙර­හ­රට එව්වා කියලා එක­පා­ර­ටම සතාව පෙර­හ­රට දාන්න බැහැ.පේරා­දෙ­ණිය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍ය­වරු සතාව පරීක්ෂා කරලා බලලා පෙර­හරේ යවන්න කියලා නිර්දේ­ශ­යක් දුන්නට පස්සේ තමයි එයාව පෙර­හ­රට සම්බන්ධ කරන්නේ. මම මේ ඇතින්න වෙනු­වෙන් මාසෙ­කට රුපි­යල් ලක්ෂ එක­හ­මා­රක් විතර විය­දම් කර­නවා. සතා ජීවත් කර­වන්න අපි ගන්න මහ­න්සිය කවු­රුත් දන්නේ නැහැ. මේ සත්තුන්ගේ අයි­තීන් වෙනු­වෙන් කෑග­හන අය එක රුපි­ය­ලක් සත්තු වෙනු­වෙන් වැය කර­න­වද? අපිත් සත්තුන්ට ආද­රෙයි.“

ටිකිරි හිමි­ක­රු­වන් කිහිප දෙනෙ­කු­ගේම අතින් අතට ගිය ඇති­න්නි­යකි. ඇය මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍ය­යට ශ්‍රී දළදා මාලි­ගාව මෙන්ම දේවාල ද නියෝ­ජ­නය කර­මින් වසර පන­හක් පමණ පෙර­හ­රට සම්බ­න්ධවූ සතෙකි. ටිකිරි ඇතින්න පෙර­හ­රට සම්බන්ධ කර ගැනීම පිළි­බ­ඳව හීලෑ අලි ඇතුන් අයි­ති­ක­රු­වන්ගේ සංග­මයේ ලේකම් දම්සිරි කරු­ණා­රත්න මෙසේ ප්‍රකාශ කළේය. “මේ ඇතින්න මුලින් අයි­තිව තිබුණේ රත්වත්තේ පවු­ල­ටයි. පසුව පිළි­ම­ත­ලාව ආරි­ය­සේන මහතා ඇති­න්නව මිලට ගෙන තිබෙ­නවා. මතු­ගම ජගත් විතාන මහ­තා­ටත් කොළො­න්නාව සුමං­ගල හිමි­ය­න්ටත් ඇති­න්නගේ හිමි­කා­ර­ත්වය ඉන් පසුව පැව­තුණා. අව­සා­නයේ කෑගල්ල රන්දෙ­ණියේ තිල­ක­රත්න මහ­තාට උගේ අයි­තිය පැව­රුණා. ටිකිරි ඇතින්න අවු­රුදු පහක පමණ වයසේ සිටි­යදී බල­පත්‍ර මත කැල­යෙන් අල්ලපු සතෙක් බවට අනු­මාන කළ හැකියි. සත්ත්ව හිංසාව වෙනු­වෙන් බොරු­වට ඩොලර් වලට කෑ ගහන අයට වඩා අපි ඇත්ත­ටම සත්තුන්ට ආද­රෙයි. රෝගී අලි­යෙක් වෙනු­වෙන් සත පහක් විය­දම් නොක­රන අය තමයි මේ හඬ නඟන්නේ. මේ ඇතින්න රෝගි වෙන්න කලින් පින්න­වල සෆාරි වලට යොදා ගෙන තිබෙ­නවා. ඒ කාලෙත් සතා හරිම කෙට්ටුයි. කවු­රුත් එදා මේ ඇතින්න ගැන කතා කළේ නැහැ. අලි ඇත්තුත් හරි­යට මිනිස්සු වගේ තමයි. කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති අය නැද්ද?. පොඩ්ඩක් කෑවත් ඇඟ මහත් වෙන අය ඉන්නවා නේද? . බෞද්ධ සංස්කෘ­තිය සමඟ මේ අලි ඇත්තු රජ­කාලේ ඉඳන් බද්ධ වෙලා හිටියා. ඩොලර් වලට වහ වැටුණු අපේම මිනිස්සු පෙර­හ­රෙන් අලි ඇත්තු අයින් කරන්න සූක්ෂම වැඩ පිළි­වෙ­ළක් ගෙනි­ය­නවා. මේකත් ඒ වගේ වැඩක්. මහ­නු­වර ඇසළ පෙර­හර සමයේ තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. මේ ඇතින්න පෙර­හ­රට ගෙනත් තියෙන්නේ තවත් ජීවත් කර ගැනීමේ අර­මු­ණින් මිසක් මරා ගන්න නොවේ. සමාජ මාධ්‍ය වල විවේ­චන ඉදි­රි­පත් කරන්නේ හරි­යට සතා මරන්න පෙර­හ­රට ගෙනාවා වගේ. ප්‍රංසයේ ගොන් පොර වල මොන­ත­රම් සත්ත්ව හිංසා­වක් වෙන­වද?

අශ්ව රේස් වලදී සිදු­වන හිංසා ගැන කවුද කතා කරන්නේ. මේවා මුළු­ම­නින්ම අපේ බෞද්ධ සංස්කෘ­තිය විනාශ කරන්න සිදු­ක­රන කුම­න්ත්‍රණ විදි­හට මම දකින්නේ‘.

ටිකිරි ඇතින්න පෙර­හරේ ගමන් කර­වීම සම්බ­න්ධ­යෙන් දැඩි විවේ­චන එල්ල වත්දී තුන්වන රන්දෝලි පෙර­හ­රට පසු­දින ඇය විෂ්ණු දේවාළ භූමියේ වැටී සිටින බවට තොර­තු­රක් පැතිර ගියේය. පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ පශු වෛද්‍ය පීඨයේ මහා­චාර්ය අශෝක දංගොල්ල ප්‍රති­කාර ලබාදී ඇතින්න නැගි­ට්ටුවා තිබිණි. “මේ ඇතින්න දැන් හරිම වය­සයි. කැලේ හිටියා නම් මෙළ­හ­ක­ටත් මැරිලා. ගෙද­රක ඉන්න නිසා තමයි මේ විදි­හට හරි ජීවත් වෙලා ඉන්නේ. කැලේ ඉන්න අලින්ට ජීවත් වීමට අර­ගල කරන්න ඕන. කෑම කවු­රුත් ගෙනත් දෙන්නේ නැහැ. මොන අමාරු තිබු­ණත් ඇවි­දලා හොයා ගන්න ඕන. සාමා­න්‍ය­යෙන් අලි­ය­කුට ජීවිත කාලය තුළ දත් කුට්ටම් පහක් එනවා. එකක් වැටිලා ටික කාල­යක් ගියාම අලු­තින් දත් එනවා. මේ දත් නැති කාලේදී කෑම කන්න තියෙන හැකි­යාව අඩුයි. ඒ නිසා සතා කෙට්ටු වෙනවා. අන්තිම දත් කුට්ටම අවු­රුදු හැටේදී විතර ඇවිත් වැටිලා ගියාම සතා දුර්වලා වෙලා මැරිලා යනවා. ඒත් හීලෑ අලි ඇත්තු අවු­රුදු 80 කට එහා ජීවත් වෙනවා. මොකද කන්න බැරි වුණොත් කව­නවා; ලෙඩ වුණොත් බෙහෙත් කර­නවා. මේ ටිකිරි ඇතින්න වය­සයි. වය­සක මිනිස්සු වාඩි වුණාම නැගි­ටින්නේ හරිම අමා­රු­වෙන්. ඒ වගේ තමයි අලි ඇතු­නුත්. මෙයාට නිදි කරලා ප්‍රති­කාර ලබා දීමෙන් පස්සේ නැගි­ට­ගන්න අමා­රුයි. පොඩි වාරු­වක් දීලා නැගිට්ට ගත්තම සතා කෙලින් ඉන්නවා. සත්ත්ව සුබ සාධ­නය අත්‍ය­ව­ශ්‍යය කාර­ණ­යක්. වෙන කිසිම සතෙක් ගැන කතා නොකර අලි ඇත්තු ගැන විත­රක් කතා කරන එක ඇතුළේ අපේ සංස්කෘ­ති­යට ගහ­න­වාද කියන සැකය ඇති වෙනවා. සතුන්ට හිංසා­වක් වෙනවා නම් ඒක කොයි සතා­ටත් එකයි. රජ කාලේ ඉඳලා මේ පෙර­හර සංස්කෘ­තිය අපේ ජාති­යට උරු­මව පව­තින දෙයක්. ඒකේ අලි ඇතුන් ගමන් කළේ අද ඊයේ නොවෙයි. මේ සතා සුව වෙන්න කියලා වුණු බාර­යක් ඔප්පු කරන්න කියලා තමයි ගෙනාවේ. අපි පරීක්ෂා කරලා පෙර­හරේ යවන්න අව­ස­රය දුන්නා. මිනිස්සු හෝ සතා අව­දා­න­ම­කට ලක් කරලා පෙර­හරේ යවන්න අපි කොහො­ම­ට­වත් සූදා­නම් නැහැ‘.

ඡායා­රූප-රුවන් මීග­ම්මන

Comments