ආර්ථිකය ජය ගන්න මල් | සිළුමිණ

ආර්ථිකය ජය ගන්න මල්

ජාතික හා තිරසර සංවර්ධන ඉලක්ක කරා ආර්ථික, සමාජ හා පාරිසරික පසුබිම සකසමින් යන ගමනේ කාන්තාවන් ආර්ථික සහ සමාජීය වශයෙන් සවිබල ගැන්වීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් වී පවතී. අද කාන්තාවන් ලකාවේ දළ ජාතික නිෂ්පාදනයට කරන දායකත්වය 29% ක් වන අතර මෙය අනෙකුත් ආසියානු රටවල්වන ඉන්දියාව (18%), පකිස්ථානය (11%), සහ බංගලාදේශය (19%) හා සැසඳූ කල, ඉහළ අගයක් ගනී. නමුත්, ශ්‍රම බළකායේ කාන්තාවන්ගේ දායකත්වය, පිරිමින්ගේ ශ්‍රම බළකා දායකත්වයෙන් (74.5%) හරි අඩකටත් වඩා අඩුය.

ශ්‍රම බළකායේ කාන්තාවන්ගේ දායකත්වය ඉහළ දැමීමට නම්, කාන්තාවන්ට රැකියාවන් සඳහා අවතීර්ණ වීමට ඇති අවස්ථාවන් පුළුල් කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්, කාන්තාවන් රැකියාවන් සඳහා අවතීර්ණ නොවීමට බලපාන පොදු කරුණක් ලෙස ඔවුන්ට පවුල තුළ ඇති වගකීම විවිධ පර්යේෂණ මගින් සනාථ කර ඇත. නමුත්, කාන්තාවන් නිවසේදීම ස්වයං-රැකියාවන්වල අවතීර්ණ වීම එක් සාර්ථක විසදුමක් ලෙස හඳුනාගෙන ඇත. මේ කර්තව්‍යය සඳහා ජාතික මට්ටමේ සේවා සපයන්නෙකු ලෙස, ජනාධිපති ලේකම් කාර්යාලයේ තිරසර සංවර්ධන අංශය යටතේ ක්‍රියාත්මක කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (Smallholder Agribusiness Partnership Programme – SAPP) හඳුන්වා දිය හැක. SAPP ව්‍යාපෘතිය ඒ අනුව රාජ්‍ය, පෞද්ගලික, සහ නිෂ්පාදන සහභාගීත්ව (Public-Private-Producer Partnership-4Ps) අගය දාමය යන උපාය මාර්ගය භාවිතා කරමින් දිවයින පුරා කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර ඇත. මේ කර්තව්‍යය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ සහය, අනුග්‍රහ සහ අනුබලය ලබා දෙන අතර, කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල (International fund for Agricultural Development (IFAD), මූල්‍යමය දායකත්වය දරයි.

මෙම ව්‍යාපෘතියේ විශේෂ වැදගත් කමක් වන්නේ ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධන පහසුකම් සියලුම පාර්ශ්ව කරුවන්ගේ සහභාගිත්වයෙන් ලබා දී අදාළ වගකීම් සියලුම පාර්ශ්ව කරුවන් අතර බෙදී යන ලෙසට කටයුතු කිරීමයි. මෙහිදී ව්‍යවසායකයින්ට ප්‍රාග්ධන යෙදවුම් සඳහා සියට 6.5 (6.5%) සහනදායි ණය ක්‍රමයක් යටතේ මුදල් බැංකු හරහා ලබාදෙන අතර මුල්‍ය ප්‍රධානයක් සහ අවශය සියලුම තාක්ෂණික පුහුණුවද ලබාදෙයි. විශේෂයෙන්ම SAPP ව්‍යාපෘතියේ නිලධාරීන්ගේ නිරතුරු පසුවිපරම, ව්‍යවසායකයින් සාර්ථකත්වය කරා යෑමට මහත් රුකුලක් වෙයි.

SAPP ව්‍යාපෘතිය දැනට ආරම්භ කර ඇති ව්‍යාපාර අතර, කාන්තාවන් ඉලක්ක කරගත් මල්වගා ව්‍යාපෘතිය රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක දෙකේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ. එම ව්‍යාපෘතියේ ප්‍රවර්ධකද කාන්තා ව්‍යවසායිකාවක් වන අතර ඇය මහේෂිකා දිල්රුක්ෂි මහත්මියයි. ඇයගේම ආයතනය වන කැනල් කොනර් ෆ්ලවර් ගාර්ඩ්න් මුලික කරගෙන ව්‍යවසායිකාවන් 918ක් පමණ බිහිකර ඇත. ඉන්, SAPP ව්‍යාපෘතිය සමග ව්‍යවසායිකාවන් 115ක් දැනට බිහිකර ඇති අතර තවත් ව්‍යවසායිකාවන් 135ක් ව්‍යාපෘති අරම්භ කිරීමට සියලුම කටයුතු සුදානම් කරගෙන සිටිති. රත්නපුර දිස්ත්‍රික්කයේ මල්වගා ව්‍යවසායිකාවන්ගේ සාර්ථක ව්‍යාපාරයන් පිළිබඳ කරන විමසුම තව තවත් ව්‍යවසායිකාවන් බිහිකිරීමට රුකුලක් වේ.

රැකියා සිහිනය අත්හළ ගංගා, ව්‍යාපාරික සිහිනය ජය ගනී

ගංගා කුමාරි රත්නපුර කරපිංච ප්‍රදේශයේ ජීවත්වන රැකියාව සිහිනය කරගත් චරිතයක් වූවාය- වාණිජ අංශයෙන් උසස් අධ්‍යපනය ලද ඇය රැකියාවක සිහිනය පසෙක තබා මල්වලට යොමු වූවාය.‍ ව්‍යවසායකයින්ට උදවු කරන ව්‍යාපෘතියක් ජනාධිපති කාර්යාලය හරහා ක්‍රියාත්මක වන බවත් ඒ සම්බන්ද රැස්වීමක් බළංගොඩ ප්‍රා/ලේ කාර්යාලයේ පැවත්වෙන බවත් ඇයගෙන් දැනගන්නට ලැබුණි. ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන හා කැනල්කෝනර් ෆ්ලවර් ගාර්ඩන් ආයතනය එක්ව ක්‍රියාතත්මක කරණ මල්වගා ව්‍යාපෘතියේ ඕකීඩ් වගාවට ඇය යොමු වූවාය. ඇය කැනල් කෝනර් ආයතනයට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන තුළ මල් හා පැළ අලෙවි කළ ප්‍රථම ව්‍යවසායිකාව බවට පත්වූවාය.

ව්‍යාපාරික සිහිනය යථාර්තයක් කරගත් මුතූ

චන්ද්‍රානි මුතු කුමාරි බළංගොඩ දියවින්න ප්‍රදේශයේ ජීවත්වන අභියෝගාත්මක චරිතයක් වූවාය. ජනාධිපති ලේකම්කාර්යාලය කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන හරහා ඇය සාර්ථක ව්‍යවසායිකාවක බවට පත් වූවාය.

සිහිනය සිහිනයක් වන්නට ඉඩ නොදෙන්නට වෙර දරන බළංගොඩ පුෂ්පා

දියණියන් දෙදෙනකුගේ මවක වන පුෂ්පා මහත්මිය දිරිය කාන්තාවකි. ඇය දියණියන් දෙදෙනාම විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා යොමු කිරීමට සමත් වූවාය. රත්නපුර දිස්ත්‍රික්කයටම ආදර්ශයක් වන ඇය 2011 වසරෙ සිට අඛණ්ඩව හොඳම ගෙවත්තට හිමි සම්මානය පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා ගත්තාය.

උත්සාහය අධිෂ්ඨාය මඟින් ජවිතය ජය ගත් සන්ධ්‍යා

එම්. එම්. රත්නසීලි ගුණසේකර මහත්මිය බළංගොඩ බටුගම්ම හපුගහකුඔුර ප්‍රදේශයේ පදිංචි කාරිනියකි. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන හා කැනල්කෝනර් ෆ්ලවර් ගාර්ඩන් ආයතනය එක්ව ක්‍රියාත්මක කරන මල්වගා ව්‍යාපෘතිය ආරම්භ කර බළංගොඩ නගරයේ මල් අලෙවිසැලක් ඇය මසකට රු 10000,00ක කුලී පදනම මත ලබා ගත්තාය. බළංගොඩ බගහමුල ඔරලෝසු කණුව අසල මල් හා විසිතුරු පැළ අලෙවි මධ්‍යස්ථානය දිනූ හංසි පැළ තවාන නමින් පාරිභෝගිකයන් සඳහා විවෘතව ඇත.

Comments