රවිගෙන් දේශපාලනයට ‘අධ්‍යාපන’ යෝජනාවලියක් | සිළුමිණ

රවිගෙන් දේශපාලනයට ‘අධ්‍යාපන’ යෝජනාවලියක්

රටේ දේශපාලනය කිරීමට නම් අවම වශයෙන් අ.පො.ස. සා/පෙළ විභාගය හෝ සමත්ව තිබිය යුතු බවට යෝජනා කරනු ලබන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ අනුව දේශපාලනයේ ඉදිරියට ගමන් කිරීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයෙක්.

අමාත්‍යවරයෙක්, අගමැතිවරයෙක් වගේම ජනාධිපතිරයෙක් බවට පත්වීමේදී එක් එක් පියවර වෙනුවෙන් වෙන වෙනම අධ්‍යාපන සුදුසුකම් සලකා බැලිය යුතු තත්ත්වයක් ඇතිකළ යුතු බවද ඇමැතිවරයා කීවේය.

නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැතිවීමේ විපාකය අද අපට අත්විඳීමට සිදුව ඇති බවද ඇමැතිවරයා කීවේය. ජනාධිපති අපේක්ෂකයා ලෙසින් පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ පරිනත දේශපාලඥයෙක් බවද ඒ මහතා කීවේය.

 

Comments