හතුරුගේ මඟ පෙන්වීමෙන් ගොඩගිය බංග්ලාදේශය... | සිළුමිණ

හතුරුගේ මඟ පෙන්වීමෙන් ගොඩගිය බංග්ලාදේශය...

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක්ම වර්ෂාව නිසා අත්හැර දැමීමට සංවිධායකයන්ට සිදු වුහ. ඒ අතරට ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයත් අයත්ය. තරගය පැවැත්වීමට නොහැකි වීම ගැන සිය අදහස් දක්වමින් බංග්ලාදේශ පුහුණුකරු ස්ටීව් රෝඩ්ස් අපූරු ප්‍රකාශයක් සිදු කළේය.

“මිනිසුන් හඳට යැවීමට පුළුවන් නම් ඇයි ලෝක කුසලාන තරගාවලියේදී අතිරේක දවස්වල තරග පවත්වන්න බැරි ?” ඒ රෝඩ්ස්ගේ ප්‍රකාශයයි.

එය සාධාරණය. එනම් මෙම ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය දෙපිලටම වැදගත් විය. ඒ මේ දෙපිලටම තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකියාවක් තිබුණු බැවිනි. විශේෂයෙන්ම එංගලන්තයේ කාලගුණය ගැන බොහෝ දෙනා දැන සිටින කරුණක් ඇත. එනම් එය ඉතා අවිනිශ්චිත බවයි. ස්ටීව් රෝඩ්ස් එම කරුණ අත්දැකීමෙන්ම දැනගෙන සිටියේ ඔහු උපන් දා සිටය. ඒ හෙතෙම උපත ලැබුවේ එංගලන්තයේදී බැවිනි. මෙවර ලෝක කුසලානයේ දී වර්ෂාවෙන් බාධා වුවහොත් අතිරේක දිනවල දී තරග පවත්වන්නේ අවසන් පූර්ව හෝ අවසන් මහා තරගය පමණකි.

එහෙත් බොහෝ දෙනාගේ මතය වන්නේ අවිනිශ්චිත එංගලන්ත කාලගුණය හමුවේ මුල් වටයේ තරගවලට අතිරේක දින වෙන් කළ යුතුව තිබු බවය. නමුත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක සහ හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩේව් රිචඩ්සන් (උපත 1959 සැප්තැම්බර් 16) ඊ‍ට පිළිතුරු දුන්නේ එසේ සෑම තරගයකටම අතිරේක දිනයන් සකස් කිරීම ප්‍ර‍ායෝගික නොවන බවයි.

කෙසේ වෙතත් එක් දෙයක් පැහැදිලිය. එනම් තරග නොපැවැත්වීම නිසාම ඇතැම් කණ්ඩායම්වලට අවාසියක් සිදු වූ බවය. ඊට බංග්ලාදේශයත් අයත්ය.

මෙවර මුල් වටයේදී විශිෂ්ට දස්කම් දැක්වූ අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්වලට අනුව අග පෙළ සිටින කණ්ඩායමක් වූයේ නම් ඒ නිසැකවම බංග්ලාදේශයයි.

ඔවුන් දකුණු අප්‍රිකාව පරාජයට පත් කළේ ලකුණු 330 ක් රැස් කරමිනි. එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කළේ ලකුණු 322ක් හඹා යමිනි. එය එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දෙවන වැඩිම සාර්ථක ලකුණු හඹා යෑමයි. එහි මුල් ස්ථානය අයර්ලන්තයටයි. එනම් 2011 තරගාවලියේදී එංගලන්තයට එරෙහිව හඹා යමින් ලකුණු 329ක් රැස් කිරීමයි.

එංගලන්තය සහ නවසීලන්තය හමුවේ බංග්ලා‍දේශය පරාජය වුවත් ඔවුහු දැඩි සටනක් ප්‍රතිවාදින්ට ලබා දුන්හ. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් බංග්ලාදේශයට ඉතිරි තරග අතිශයින්ම වැදගත්ය. එම තරග වන්නේ ජුනි 20 - ඔස්ට්‍රේලියාව, ජුනි 24 - ඇෆ්ගනිස්තානය, ජුලි 02 - ඉන්දියාව සහ ජුලි 05 පාකිස්තානයට එරෙහිවය.

එම තරගවලදී ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වුවහොත් ප්‍රථම වරට ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකට ඔවුන් සහභාගි වනු ඇත. එක්දින ලෝක කුසලාන තරගාවලිවල බංග්ලාදේශ ඉහළතම දස්කම වනුයේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමයි. ඒ 2015 තරගාවලියේදීය. කෙසේ හෝ ඉතිරි තරගවලදී කුමන ප්‍රතිඵල ලැබුවත් මෙවර තරගාවලියේ පෙරළිකාරතම කණ්ඩායම බවට ඔවුන් පත් වී අවසන්ය.

ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ ටෙස්ට් වරම් ලැබූ 10 වැනි රට වන්නේ බංග්ලාදේශයයි. ඒ 2000 වසරේදීය. එක්දින ජගත් තරගවලට 1986 වසරේ සිට ඔවුහු තරග කරති. එක්දින ලෝක කුසලාන තරගාවලියකට ප්‍රථම වරට සහභාගී වන්නේ 1999 වසරේ සිටය.

අයි. සී. සී. චැම්පියන්ස් කුසලාන තරගාවලියට මුල් වරට 2000 වසරේදී ඔවුන් සහභාගි වූහ. එහිදී ඉහළතම දස්කම වන්නේ 2017 වසරේදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමයි. එම තරගාවලිය පැවැත්වූයේත් එංගලන්තයේදීමයි.

ආසියානු කුසලාන තරගාවලියට බංග්ලාදේශය මුල් වරට සහභාගි වූයේ 1986 වස‍රේදීය. එම තරගාවලිය පැවැත්වූයේ ශ්‍රී ලංකාවේදීය. එහි ශුරතාව ශ්‍රී ලංකාව සතු විය. ශ්‍රී ලංකාව එක්දින ජගත් තරගාවලි ශුරතාවක් හිමිකර ගත් ප්‍රථම වතාවත් එය විය. එමෙන්ම බංග්ලාදේශය එක්දින ජගත් තරග වරම් ලැබුවේත් එහිදීමයි.

මේ ආසියානු කුසලාන තරගාවලි‍න්හීදී බංග්ලාදේශයට තවමත් ශූරතාව හිමි නැත. එහෙත් අනුශුරතාම ත්‍රිත්වයකි. ඒ 2012, 16 සහ 18 වසරවලදීය. මෙම දස්කම්වලට අනුව ගත වූ වසර කිහිපයක කාලය තුළදී ‘බෙංගාලි කොටියන්’ ලෙස ප්‍රචලිත බංග්ලාදේශය ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය මේ වන විට ගත කරමින් සිටින බව පැහැදිලිය.

එමෙන්ම ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම තරු කිහිපයම වත්මන් කණ්ඩායමේ සිටිති. ඊට වත්මන් එක්දින නායක මෂ්රෆි මෝර්ටසා (උපත 1983 ඔක්තෝබර් 05), තමිම් ඉක්බාල් (උපත 1989 මාර්තු 20), මුෂ්ෆිකර් රහිම් (උපත 1987 ජුනි 09) සහ සුපිරිතම තුන් ඉරියව් ශූර ෂකිබ් අල් හසන් (උපත 1987 මාර්තු 24) අයත්ය.

බංග්ලාදේශය වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබා තිබෙන දියුණුවට ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරුවන්ගෙන් ලැබුණු දායකත්වයත් අතිමහත්ය. ඔවුන් විදෙස් පුහුණුකරුවන් වීමත් විශේෂත්වයකි. එමෙන්ම මින් ඇතැමුන් හිටපු සුපිරි ක්‍රිකට් තරුය.

ඉන්දියාවේ මොහින්දර් අමර්නාත් (උපත 1950 සැප්තැම්බර් 24), දකුණු අප්‍රිකාවේ එඩි බාර්ලෝ (උපත 1940 අගෝස්තු 12 - විපත 2005 දෙසැම්බර් 30), බටහිර ඉන්දීය කොදෙව් දූපත් ගෝර්ඩන් ග්‍රිනිජ් (උපත 1951 මැයි 01), ඔස්ට්‍රේලියාවේ ෂේන් ජුර්ගන්සෙන් (උපත 1976 අප්‍රේල් 28), ස්ටුවර්ට් ලෝ (උපත 1968 ඔක්තෝබර් 18), ජේමි සිඩන්ස් (උපත 1964 අප්‍රේල් 25), ඩේව් වට්මෝර් (උපත 1954 මාර්තු 16), ෂෝන් විලියම්ස් (උපත 1970 ජනවාරි 16), එංගලන්තයේ රිචඩ් පයිබස් (උපත 1964 ජුලි 5) සහ එරටේම ස්ටීව් රෝඩ්ස් (උපත 1964 ජුනි 17) බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරුවෝ වෙති.

එසේ වුවත් ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ වඩාත් සාර්ථකම පුහුණුකරුව‍ා වන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක චන්දික හතුරුසිංහය. හෙතෙම වත්මන් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරුත් වේ.

හතුරුසිංහ 2014 සිට 17 දක්වා බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරුවා විය. ඔහුගේ පුහුණුව යටතේ බංග්ලාදේශය විසින් ඉන්දියාව, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව හමුවේ

 

Comments