පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට ඩයලොග් මනෝ සමාජීය සත්කාර සේවා | සිළුමිණ

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට ඩයලොග් මනෝ සමාජීය සත්කාර සේවා

පාස්කු ඛේදවාචකයට ලක්වූවන්ට සහතිකලත් වෘත්තිකයන් කණ්ඩායමක් මඟින් මනෝ සමාජීය සත්කාර ලබාදීම වෙනුවෙන් Dialog Axiata PLC සමාගමේ අනුග්‍රහය යටතේ ස්ථාපිත සත්කාරක අරමුදල වන Rally to Care අරමුදල හා කොළඹ අගරදගුරු සභාවේ සමාජ ක්‍රියාකාරීත්වයක් වන ‘සෙත් සරණ’ මගින් ‘ජීවිත සුවපත්කිරීමේ මධ්‍යස්ථානය’ හෙවත් Life Healing Centre මීගමුව, කටුවාපිටිය ප්‍රදේශයේදී පසුගියදා ස්ථාපිත කරන ලදි.

මෙහි මූලාරම්භයේදී ඩයලොග් සමාගම රුපියල් මිලියන 15ක දායකත්වයක් අරමුදලට සැපයූ අතර එයට අමතරව, ඩයලොග් පාරිභෝගිකයන්, තනි පුද්ගල දායකයන්, ආයතන, ව්‍යාපාර හා විදෙස් දානපතියන් විසින් මෙම සත්කාරය වෙනුවෙන් පිරිනැමූ රුපියල් මිලියන 28.68ක මුදල ඩයලොග් විසින් දෙගුණ කරමින් එම අරමුදලට දායක කරනු ලැබීය. ඩයලොග් සමූහයෙන් එම අරමුදලට රුපියල් මිලියන 34.6ක පරිත්‍යාගයක් හිමි වූ අතර මෙම ප්‍රජාවගේ නොමසුරු දායකත්වය හේතුවෙන් රුපියල් මිලියන 106.96ක විශාල මුදලක් එක්රැස් කරගැනීමට හැකි විය.

කොළඹ සහයක රදගුරු අති උතුම් ආචාර්ය ජේ.ඩී. අන්තෝනි ජයකොඩි හිමිපාණන් ආසියාට සමූහ බර්හාඩ් හී දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන විධායක, ආයතනික විධායක උපසභාපති, ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඩයලොග් සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ‘ජීවිත සුවපත් කිරීමේ මධ්‍යස්ථානයේ’ සමාරම්භය සනිටුහන් විය.

එම මධ්‍යස්ථානයෙන් අගරදගුරු පවුලේ ධර්මදූත අධ්‍යක්ෂ හා ජාතික ධර්මදූත පවුලේ සම්බන්ධීකාරක ක්ලෝඩ් නෝනිස් පියතුමන් විසින් මෙහෙයවනු ලබන පිළිගත් කතෝලික උපදේශක කණ්ඩායමක් මගින් මනෝසමාජීය පුනරුත්තාපන කටයුතු සිදු කරයි.

Comments