මාතර වෙසක් තොරණ, දන්සැල් නෑ. සැරසිලි, ආලෝක පූජා මහ ඉහළින් | සිළුමිණ

මාතර වෙසක් තොරණ, දන්සැල් නෑ. සැරසිලි, ආලෝක පූජා මහ ඉහළින්

මාතර දිස්ත්‍රික්කයේ වෙසක් තොරණ, දන්සැල් නොපැවැත්වීමටත් නිවස, මාර්ග හා වෙහෙරවිහාරස්ථාන වෙසක් සැරසිලි හා ආලෝක පූජාවන්ගෙන් බැබලවීමටත් තීරණය කළ බව මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පරදූවේ ජිනරතන නාහිමියෝ පවසති.වෙසක් සැරසිලි සිදුකිරීමේදී වෙළදපොලින් මිලදී ගන්නා කෘත්‍රිම වෙසක් පහන් කූඩු වෙනුවට පැරැන්ණන් සිදුකළා සේ තම නිවසේදීම වෙසක් පහන් කූඩු සකසා ගන්නා ලෙසත් එයට පොලිතීන් භාවිත නොකරන ලෙසත් නාහිමියෝ ඉල්ලා සිටිති. වෙසක් උත්සවය ඉහළින් සැමරීම සදහා තොරණ, දන්සැල් අත්‍යාවශ්‍ය නොවන අතර ජනතාවට, රටට ලෝකයට හැගෙන දැනෙන ලෙස සරල ලෙසින් මෙය සැමරිය හැකි බවත් ජිනරතන නාහිමියෝ පෙන්වා දෙති.පසුගිය 08 වැනි දින සවස මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් ශාසනාරක්ෂකබල මණ්ඩලයේ රැස්වීම අමතමින් නාහිමියෝ වැඩිදුරටත් පෙන්වාදුන්නේ රටේ ඇතිවී තිබෙන තත්වයෙන් මිදීමට මහා සංඝරත්නය වශයෙන් විශාල කාර්යභාරයක් සිදුකළ හැකිබවයි.

Comments