
වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින ශ්‍රී ලාංකේය කොටියා රැකගැනීම සඳහා ඉහළ ප්‍රමිතියේ පර්යේෂණවල වැදගත්කම හඳුනාගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශාලතම විවිධාංගිකෘත සමාගම් පවුරක් වන LOLC “විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ශ්‍රී ලාංකේය කොටින් පිළිබඳ ප්‍රමාණික සහ සංගණන සමීක්ෂණය සඳහා සහාය වෙයි. එම ව්‍යාපෘතිය සඳහා පාරිසරික පදනම ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ කොටින් උදෙසා වන භාරය පෙරමුණ ගෙන සිටී.
ව්‍යාපෘතිය සඳහා අරමුදල් යෙදවීමේ චෙක්පත රාජගිරියේ පිහිටි LOLC ප්‍රධාන කාර්යාලයේදී පාරිසරික පදනම වෙත පසුගියදා පිරිනමන ලදී.
LOLC වැනි ආයතනික සහකරුවන් ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත රැකගැනීමේ වැදගත්කම වටහාගෙන සිටින අතර, වනජීවී සංරක්ෂණයේ හරය හඳුනාගත් එවැනි ආයතන සමඟ කටයුතු කිරීමට හැකිවීම භාග්‍යයක් කොට සලකමු.” යැයි පාරිසරික පදනමේ සභාපති ආචාර්ය එරික් වික්‍රමනායක පවසයි.
LOLC සමූහයේ සමූහ කළමනාකාර අධ්යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා; අදහස් දක්වමින් ජාතික වැදගත් කමකින් යුත් මේ උදාර කර්තව්‍යයට සහය දැක්වීමට හැකිවීම පිළිබඳ LOLC අතිශයින් සතුටට පත්වේ. මෙරට වනාන්තරවල සලකුණක් වන් ප්රතාපවත් ශ්‍රී ලාංකේය කොටියා ඇතුළු වඳවීමේ තර්ජනයට මුහුණදෙන සත්ව විශේෂ ආරක්ෂා කරගැනීම සඳහා දරන ප්රයත්නයට සහකරුවෙකු වෙමින් සහාය දැක්වීමට හැකිවීම ආඩම්බරයක් ලෙස සලකමු.
මෙවැනි සංරක්ෂණ ප්රයත්නයන් සඳහා ප්‍රමාණවත් මූල්‍ය සහායක් අවශ්‍ය බව අප පිළිගන්නා අතර එය හුදෙක් පාරිසරික පදනම වැනි සංරක්ෂණ සංවිධානවල වගකීමක් පමණක් නොවන බව දනිමු.